BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 02, 2018

සාගල, ගයන්ත, චම්පික, ධනුෂ්කගේ වේදිකාවේ කියපු කතා - Danushka Ramanayake


ඉදිරි පළාත් සභා මැතිවරණයත් කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු නව මැතිවරණ ක්‍රමයක් ඇති කරමින් ජාතික ලැයිස්තුව ඇතුළු අනුපාත ලැයිස්තුව 100 කට සීමා කර ඒ තුල කාන්තාවන්ගේ, වෘත්තීයවේදීන්ගේ හා විද්වතුන්ගේ නියෝජනය සහතික කිරීමේ එකඟතාවකට පැමිණ ඇති බවත්, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් ලැබෙන යුගයක් ඇති කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අද ඉටු කර තිබෙන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.


එමෙන්ම කිසිම විප්ලවයකින් තොරව සාම්ප්‍රදායික මතයන්ගෙන් බැහැරවී කාන්තාවට දේශපාලනයට පිවිසීමේ ශක්තිය හා අවස්ථාව උදාකර තිබෙන බවද චම්පික රණවක අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මහරගම වත්තේගෙදර පැවති මෙවර පළාත් පාලන මැතිවරණයේ මහරගම නගර සභාවට තරඟ කරන ධනුෂ්ක රාමනායක මහතාගේ ප්‍රධාන ජන රැළිය අමතමිනි.



අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා 
අවුරුදු 03 කට කලින් මේ රට අපි බාරගන්නකොට ආර්ථිකය වැටුණු රටක් බාරගත්තේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ධුර කාලය වාසර දෙකක් ඉතිරව තිබියදීත්, ඡන්දයකට යන්න සිදුවුණු එකම හේතුව මේ ආර්ථික කඩාවැටීමයි. හොඳ වෙලාවට එතුමා ගොඩ ආවෙ නෑ, ඒ නිදා අද ජනතාවට ගොඩඑන්න අවස්ථාවක් ලැබී තිබෙනවා.

ආර්ථිකය ගොඩනගා රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍ර දියුණු කර සංවර්ධනය ගෙනඒමට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා උගත් බුද්ධිමත් තරුණ ක්‍රියාශීලී නායකයන් අපට අවශ්‍යයි. ඒ නිසා ප්‍රතිපත්තියක් අනුව පිළිවෙළකට වැඩකරන ධනුෂ්ක රාමනායක මහතාට අපේ පූර්ණ සහයෝගය ලබාදෙනවා. අපට වඩා එතුමන්ට සෑම අවස්ථාවකදීම චම්පික රණවක ඇමතිතුමාගේ සහයෝගයද ලැබීම සතුටට කරුණක්.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා 
මහරගම නගර සභාවට වත්තේගෙදර කොට්ඨාසයෙන් අපි නිවැරදි නායකයෙක් ඉදිරිපත් කරල තිබෙනවා. යමක් බාරදුන්නොත් හරියට තිතට පිළිවෙළට කරන මිනිහෙක් තමයි ධනුෂ්ක රාමනායක කියන්නේ. අද මේ පළාත්වලට ගැළපෙන බලවත්ම අමාත්‍යාංශය තමයි චම්පික රණවක ඇමතිතුමාගෙ අමාත්‍යාංශය. ඒකට කරන්න බැරි වැඩක් නෑ. ඒ නිසා ධනුෂ්කගේ ජයග්‍රහණය ගමේ, නගරයේ සංවර්ධනයේ බලවත් පෙරළියක් වනු නොඅනුමානයි.

ගේන්න පුළුවන් හැමදේම මේ කොට්ඨාසයට ගේන්න පුළුවන් මිනිහා තමයි ධනුෂ්ක රාමනායක. අපි 2015 ජනවාරි ආණ්ඩුව පිහිටුවන කොට මේ රටේ මාධ්‍ය පිළිබඳව තිබුණෙ කලු පැල්ලමක්. මාධ්‍යෙව්දීන්ට පහරදෙන, ඝාතනය කරන, රැව්ල කොණ්ඩය කපන, අතපය කඩන, ගිනිතියන තත්ත්වයක් තමයි තිබුණෙ. ඒ හේතුවෙන් මාධ්‍යවේදීන්ට රට හැරයාමට පවා සිදුවුණා. එවැනි මඩගොහොරුවක තිබුණු රාජ්‍ය මාධ්‍ය නැවතත් ස්වාධීන නිදහස් මාධ්‍ය මෙහෙවරකට ගෙනඑන්නට ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස ධනුෂ්ක ඉතා කැපවීමෙන් නායකත්වය ගෙන වැඩකටයුතු කළා. වැඩසටහන්වල ලොකු වෙනසක් කරමින්, සමබර ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්ට ඔහුට හැකිවුණා.

ධනුෂ්ක රාමනායක 
පාරවල් හදන සංවර්ධනය වෙනුවට බුද්ධිමය සංවර්ධනය, තිරසර නවෝත්පාදන සංවර්ධනය ගේන්න අපි උපරිමයෙන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේදයකින් තොරව අප සියළුම දෙනා අත්වැල් බැඳගෙන සහජීවනයෙන් බැඳුණු එකම මහරගම ජනතාවක්, එකම වත්තේගෙදර ජනතාවක්, ලෙස කටයුතු කළ යුතුයි.

අද දේශපාලනයත් සන්නාම ගොඩකින්, ජනප්‍රිය රැළි වලින් ගොඩගැසුණු තැනක් බවට පත්වෙලා. බුද්ධිමත් සමාජයක සෙවිය යුත්තේ සන්නාමයක් නොව, හොඳ ගුණාත්මක නිෂ්පාදනයකි. අපි දැන් සන්නාම පස්සේ ගියා ඇති. අප සෙවිය යුත්තේ ගම හදන්න, ගමට අවශ්‍ය නායකත්ව දෙන්න, ගමේ තිබෙන අවශ්‍යතා ඉටුකරන්න, ගමේ ඉන්න තරුණ තරුණියන්ගේ, ළමා පරපුරේ අනාගතය නිවැරදි මාවතට යොමුකරවීමේ නායකයෙක්. ඒ වෙනුවෙන් කැප වී වැඩකටයුතු කරන්න මම සූදානම්.

මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ගුණසේකර මහත්වරුන් සහ මහරගම පලාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු ප්‍රදේශවාසීන් අට සියයකට වැඩි පිරිසක් එක්ව සිටියහ.
« PREV
NEXT »