Thursday, February 01, 2018
Home
Gossip Lanka News
විදුහල්පතිනිය දණගැස්වීම ගැන කියන්න යන්න බෑ කියු ඌව මහ ඇමති චාමර කොමිසමට යයි
විදුහල්පතිනිය දණගැස්වීම ගැන කියන්න යන්න බෑ කියු ඌව මහ ඇමති චාමර කොමිසමට යයි
-
Thursday, February 01, 2018
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිට ඇත.
ඒ කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.
කෙසේවෙතත් මැතිවරණ කටයුතු හේතුවෙන් අද(01) දිනයේ තමාට කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලිඛිතව දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.
එහෙත් අදාළ ඉල්ලීම පිළිගත නොහැකි බවත්, අද දිනයේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් මානව හිමිකම් කොමිසම විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට දැනුම් දී තිබේ.
යම් හෙයකින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අද දිනයේ කොමිසම වෙත නොපැමිණියහොත් ඒ පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පසුව තීරණය කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතාට ද අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
