BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 19, 2018

රට තුළ අවිනිශ්චිත ස්‌වභාවයක් ඇති කරන්න එපා - මල්වතු මහනාහිමිගෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්‌

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයෙන් පසු රට තුළ මතුව ඇති අවිනිශ්චිත ස්‌වභාවය නැති කර සියලු පාර්ශ්වයන් සමඟ එක්‌ව ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට පියවර ගන්නා ලෙස මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  වෙත ලිපියක්‌ යවමින් ඉල්ලා සිටිති.




එම ලිපිය මෙසේය.


2018 පෙබරවාරි මස 10 වන දින පැවැති ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයෙන් පසු රටේ උද්ගත වෙමින් පවතින ව්‍යාකූල, අස්‌ථාවර, අවිනිශ්චිත ස්‌වභාවය, ජනතාවගේ අභිවෘද්ධිය හා යහ පැවැත්මට මෙන්ම සමගිය, සමාදානය සහ සහජීවනයට බලවත් බාධාවෙකි. මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යැමෙන් රාජ්‍ය පාලනයේ බිඳවැටීම හා ආර්ථික පරිහානිය ද ළඟා කර දෙයි.

මෙම තත්ත්වය කෙරෙහි විශේෂ අවධානය යොමුකොට, දැන්වත් 2015 ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අනලස්‌ව කටයුතු කළ යුතුව ඇත. විශේෂයෙන් අපේ ගම්දනව්වල ගොවි, කම්කරු හා මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන බර හා ගැටලු විසඳීමට කටයුතු කිරීම හා ජාතික, ආගමික සංස්‌කෘතික හා ආර්ථික අභිවර්ධනය මෙන්ම සාමය සමාදානය ඇති කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුව පවතී.

එබැවින් රජයේ සියලු පාර්ශ්වයන් හා එක්‌ව රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට යත්න දැරීම වඩාත් සුදුසු බව කරුණාධ්‍යාශයෙන් සිහිපත් කර සිටිම්හ.





« PREV
NEXT »