BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 28, 2018

මට අගමැතිකම බාරගන්න බෑ - මංගල ? කරූ අන්දොස් වෙයි ? - අගමැති පත් කීරිමේ පසුපස කතාව

පසුගිය පලාත් පාලන මැතිවරණය පොදු ජන පෙරමුණ ජය ගැනිමත් සමගම ආණ්ඩු වෙනසක් වගේම අගමැති වෙනසක් ගැනත් ජනතාව අතර කතා බහට ලක් විය
මේ සිදුවීම රටපුරා විවිධ පුවත් මවන කතාන්දරයක් බවට පත්වු අතර මාධ්‍ය මගින් විටින් විට පරස්පරයන් සහිත ප්‍රවෘත්ති පලවිය
මෙහිදී රනිල් වික්‍රමසිංහත් නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාලගේත් නම් කියවෙන්නට විය. විශේෂයෙන් මධ්‍ය තුලින් නව අගමැති ළෙස නිමල් සිරිපාල පත් කරන නිරන්තරයෙන් කියැවිණි.
නමුත් අභ්‍යන්තරයේ සිදු වූයේ මීට හාත්පසින්ම වෙනස් වෙනස් සිදුවීමකී. මෙකී රහසිගත සිදුවීමේ පිටපත ප්‍රබල දේශපාලන චරිතයක් සතුය.

තිරයෙන් පිටුපස අගමැති භූමිකාව ගැන කතාව –
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ තුලින් ඔවුන්ගේ එකගතාව මත නම් යෝජනා වී තිබුනේ වෙනත් දෙදෙනෙකුගේය. ඒ කථානායක කරු ජයසූරියත් මුදල් හා ජනමාධ්‍ය ආමාත්‍ය මංගල සමරවීරය.
ඔවුන් දෙදෙනා යෝජනා වීමට මූලිකම සුදුසුකම වූයේ ඔවුන්ට දුෂණ හා වංචා චෝදනා නොමැති වීමයි.
මේ දේශපාලන සෙල්ලම සිදුවන අතරතුර සිදුවීම් සියල්ල දන්නවායැයි පවසන සමහර ඇමතිවරුන්වත් දැන සිටියේ නැත.
සියළු පාර්ශවයන් කරූ ජයසූරියට හෝ මංගල සමරවීරට අගමැති ධූරය බාරගන්නා ලෙස ඉල්ලීම් සහ බලපෑම් කළ අතර ප්‍රබල දේශපාලන චරිත කීපයක් මංගල හා කරූ මුණගැසි කෙසේ හෝ අග්‍රාමාත්‍යධූරය බාරගන්නා ලෙස ඉල්ලීම් කලද කරූ ජයසූරිය සිටියේ වැට උඩය ගම්දෝ නොගම්දෝ යන දෙගිඩියාව කරු අවුල්කර තිබුනද ඔහු මේ ගැන තීරණයක් ගැනීමේ අපහසුතාවයකින් පසුවිය.
මංගල සමරවීර කෙලින්ම පවසා තිබුනේ “මම ඉන්නේ රනිල් එක්ක ඒනිසා මට අගමැතිකම බාරගන්න බෑ“ යනුවෙනි. මංගලගේ මේ තීරණය ගැන සමහර පුද්ගලයිගේ සිත් අමනාපයන් ඇති වූවද තවත් අය පවසා තිබුනේ මංගලගේ ප්‍රතිපත්ති ගැන සතුටුවන බවය.
කෙසේ හෝ අවසානයේ කරූද අග්‍රාමාත්‍යධූරය ප්‍රතික්ෂේප කලේය.
ඉක්බිතිව අගමැති මෙහෙයුම ව්‍යර්ථ වු බැවින් නැවත රනිල්ම අගමැති ලෙස පත් කිරීමට සිදුවිය. මාධ්‍යට වගේම දේශපාලනයේ බලවතුගේ රුධිර පීඩනය වැඩි කරමින්ද දේශපාලන චරිත අන්දවමින් නිමල් සිරිපාල ද සිල්වා ඉදිරියට දමා ගෙන ගිය දේශපාලන නාටකය නිම වූයේ එලෙසිනි.
lankanext
« PREV
NEXT »