BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 28, 2018

‘දිනුවට වැඩිය උඩ පනින්න එපා’… පොහොට්ටුව හා එහි නායකයින්ට ඥාණසාර හිමියෝ අනතුරු අගවති - Galagoda Aththe Gnanasara Thero

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය සියලු ශ්‍රිලාංකිකයන්ගේ ජයග්‍රහණයක් ලෙස එහි නායකත්වය පැහැදිලිව ප්‍රකාශ කොට ඇති අවස්ථාවක නැවත වරක් එය එක් ජාතියකට හෝ ආගමකට සීමා වී ලැබු ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට සමහර අන්තවාදීන් ගත් උත්සහයක් පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ මාධ්‍ය නිවේදනයකින් නිවැරැදි කලේ ය.


මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ කොට ඇත්තේ ‘දිනුවාට වැඩිය උඩ පැන දඟලන්න ඕන නැහැ’ යනුවෙනි. මේ බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දි විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඈත් වීමට බොදු බල සේනාව සහ එහි හිමිවරුන්ගේ ක්‍රියා කාරිත්වය බලපෑම් කල බවත් ඒ පිටුපස එවකට විපක්ෂයට සම්බන්ධ වූ දේශපාඥයන්ගේ සම්බන්ධතා තිබු බවටත් බොහෝ තොරතුරු සමාජ ජාලා හරහා හුවමාරු විය.
« PREV
NEXT »