BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 27, 2018

රනිල් පන්නන්න එජාපයෙන් ගෙනෙන විශ්වාස භංගයට සහාය දෙනවා..- මහින්ද ඇතුළු ඒකාබද්දය නිල වශයෙන් කියයි - Joint Opposition

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එ‍රෙහිව ඕනම අයකු ගෙන එන විශ්වාසභංග යෝජනාවකට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය හිමිවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අගමැතිවරයා පඹණක් නොව වර්තමාන ආණ්ඩුව ද අනිවාර්යෙන්ම ගෙදර යැවිය යුතු බව පැවසූ රණතුංග මහතා ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය ඕනෑම අවස්ථාවක ‍අත් දෙකම ඔසවා සහයෝගය පළ කරන බවත් අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාලිත රංගෙ බණ්ඩාර මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මිනුවන්ගොඩ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාලිත රංගෙ බණ්ඩාර මහතා සූදානම් වන බව මම මාධ්‍යවලින් දැක්කා. රංගෙ බණ්ඩාර මහතා නොව ඕනෑම අයෙක් අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග ‍යෝජනාවකට සහයෝගය දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම්.

අගමැතිවරයාට හෝ මෙම ආණ්ඩුවට මේ රටේ පාලනය ගෙන යන්න සදාචාරාත්මක අයිතියක් නොමැති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලැබුණු ප්‍රතිඵලයත් සමඟ පැහැදිලි වුණා. මේ ආණ්ඩුවට හෝ අගමැතිවරයාට රටේ බහුතර ජනමතයක් නැහැ. මේක දැන් පින් ආණ්ඩුවක්.

මේ ආණ්ඩුවත් අගමැතිවරයාත් ගෙදර යැවිය යුතුයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණය අවසන් වූ වහාම කටයුතු ආරම්භ කළා. නමුත් අගමැතිවරයා රැකගත යුතුය යන විශ්වාසයේ දැඩිව එල්බ සිටින ජනාධිපතිවරයා නිසා එම උත්සාහය ව්‍යර්ථ වුණා.

අපි අදටත් ඉන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට යා යුතුය කියන මතයෙයි. ඒ වෙනුවෙන් අපි ඉදිරියටත් සටන් කරනවා. ඒ නිසා මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ආවොත් ප්‍රතිපත්තිමය කාරණා උඩ සහයෝගය ලබා දෙන්න අපි පැකිලෙන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිතට එකඟව කටයුතු කරන ඇමැතිවරුනුත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහයෝගය දෙන බව මට විශ්වාසයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකින් මෙම විශ්වාසභංගය යෝජනාව ජයග්‍රහණය කිරීමට බැරිකමක් නැහැ.

ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටිනවා තවදුරටත් බැඳුම්කර අගමැති රකින්නේ නැතුව ජනමතයට හිස නමා අවශ්‍ය නීතිමය සංශෝධන ගෙනැවිත් හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියලා. ‍එහෙම නොවුණොත් පාර්ලිමේන්තුවේ බහුතරය එකතු වී එම තීන්දුව ගන්නා දවස වැඩි ඈතක නොවේ කියලත් මම කියන්න කැමැතියි.

– ප‍්‍රදීප් අනුර කුමාර
« PREV
NEXT »