BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 02, 2018

මගේ පින්තූරය දාගෙන බුලත් කොළෙන් ඡන්දය ඉල්ලනවා - Mahinda Rajapaksa

“මගේ ‍පොටෝ එක ගහගෙන ඇතැම් අය බුලත් කොළෙන් ඡන්දය ඉල්ලනවා. මීට පෙර මැතිවරණවලදී මමත් බුලත් කොළෙන් තමයි ඡන්දය ඉල්ලුවේ. ඒ වුණත් මෙවර බුලත් කොළේට ඡන්දය දෙන්න එපා. මෙවර අපේ අය ඡන්දය ඉල්ලන්නේ ‍පොහොට්ටුවෙන් යැයි” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්‍ලේදී පැවැසීය. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජන රැලියකට සම්බන්ධ වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය මැතිවරණවලදී මෙන් ඡන්දය ඉල්ලුවේ බුලත් කොළයෙන් නිසා සමහර අය හිතන්න පුළුවන් මෙවරත් අපේ ඡන්ද ලකුණ බුලත් කොළය කියලා. අපි පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමයි. ඒ වුණත් අපිට මෙවර අපේ සලකුණ වෙනස් කරන්න සිද්ධ වුණා. මේ මැතිවරණයේදී අපේ කණ්ඩායමේ අය ඡන්දය ඉල්ලන්නෙ ‍පොහොට්ටුවෙන්. ඒ නිසා රටට ආදරය කරන හැමදෙනාම මෙවර ඡන්දය දෙන්න ඕනේ ‍පොහොට්ටුවට. යැයිද රාජපක්ෂ මහතා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
« PREV
NEXT »