BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 21, 2018

විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂට ?

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.


පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හංස සංධානය දෙකට බෙදුනා. කොල පාට නිල් පාට හංසයෝ ආණ්ඩු පක්ෂයේ වාඩි වෙන විට රතු පාට කහ පාට හංසයෝ (දෙමළ ජාතික සන්ධානය) විපක්ෂයේ වාඩි වී රටේ සියලුම තනතුරු මේ අය අතර බෙදාගත්තා. අපට අයිති විපක්ෂ නායක ධූරය වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයත් අපෙන් උදුරා ගත්තා. නමුත් මේ අය විපක්ෂයට වෙලා මොකද කලේ. ආණ්ඩුව රකින එකමයි කලේ. ආණ්ඩුව අර්බූදයකට යන හැම වෙලාවකම මේ අය ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන්නා.

ලෝක ඉතිහාසයේ කවර කවදාකවත් බිහිවෙලා නැහැ ආණ්ඩුවේ අයවැය ලේඛනයකට සංශෝධනයක් ඉදිරිපත්නොකර අයවැය ලේඛනයකට ගෙඩිය පිටින් සහය දුන් විපක්ෂ නායක වරයෙක්. මේ විපක්ෂ නායකවරයා පසුගිය අයවැය තුනේදීම කිසිම සංශෝධනයක් ඉදිරිපත්නොකර අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. නමුත් ජනතාව මේ පුංචි ඡන්දයේ දී නැවත වතාවක් ලංකාවේ ප්‍රධානම දේශපාලන පක්ෂය අපියි කියා සිහිපත් කර දෙනවා. නමුත් බල ලෝභි ආණ්ඩුවේ නායකයින් අපට ආණ්ඩු බලය තබා විපක්ෂ නායක ධූරයවත් දෙන්න සූදානම් නෑ.

ඊයේ වත්මන් දේශපාලන අර්බූදය පිළිබඳ විවාදයේ දී ආණ්ඩුව පත් කර ගත් විපක්ෂයේ නායකයින් මොකද කලේ? ජනපතියි අගමැතියි සමගි වී ආණ්ඩුව කර ගෙන යන මෙන් විපක්ෂ නායක ඉල්ලා සිටියා. වෙන රටවල විපක්ෂ නායකයින් ආණ්ඩුව පෙරලන්නේ කොහොමද බලනවා. මේ විපක්ෂ නායකයා ආණ්ඩුව රැක ගන්නේ කොහොමද බලනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායකයා ඊට හපන්. ජනපතියි අගමැතියි 2020 ජනපති සිහිනේ ඉන්න නිසා තමයි ගැටුම් ඇති වෙලා මෙහෙම ප්‍රතිඵලයක් ඇති වුණේ. දැන් වත් ඒ සිහින අත් හැරලා සමගිව කටයුතු කරන්න බලන්න. විපක්ෂ නායකතුමන් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමන් ගේ අරමුණ ආණ්ඩුව පැරදවීම නොව ආණ්ඩුව රැකගැනීම කියන එක ඊයේ හැන්සාඩ් වාර්ථාව බැලුවොත් ඕනෑම කෙනෙකුට පැහැදිලියි. අප තෙවසරක් තිස්සේ නගන ලද චෝදනාව ඊයේ සනාථ කල බැවින් තවදුරටත් විපක්ෂයේ තනතුරු දැරීමට ඔවුන්ට අයිතියක් නැහැ.

ආණ්ඩුව පෙරලන්න කතා කරන්නේ ඒකාබද්ධ විපක්ෂය විතරයි. ජනතාවගෙන් 46%ක් ඡන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රි ධූර 52ක් හිමි ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු දෙකම අනිවාර්යෙන් ලබා දිය යුතුයි කියා අපි කතානායකතුමන්ට තරයේ කියනවා.

– අරවින්ද අතුකෝරල

« PREV
NEXT »