BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 03, 2018

අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිඳ අගමැති හමුවෙලා


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිංගප්පූරුවේ නිළ සංචාරයක නිතරවෙමින් සිටින අතර එහිදී මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බිරිඳ සහ අගමැතිවරයා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ. 

ඇය අගමැතිවරයා හමු වී ඇත්තේ මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලේසියන් මහතාට ඇප ලබාගැනීමේ අරමුණෙනි.

වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව වෙත ලඟාවීමෙන් අනතුරුව මහේන්ද්‍රන් මහතාගේ බිරිඳ අවස්ථා කිහිපයකින් අගමැතිවරයා අමතා ඇති අතර ඇය ඉල්ලා ඇත්තේ කෙසේ හෝ හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි. අගමැතිවරයා හමුවී ඇති ඇය ඉල්ලා ඇත්තේ සිය බෑණා කෙසේ හෝ ඇපමත නිදහස් කරන ලෙසයි.



ඇලෝසියස් ඇපලබා එළියට පැමිණීමෙන් අනතුරුව ඉතිරි කටයුතු තමන්ට සිදුකර ගත හැකි බවත් ඒ නිසා කෙසේ හෝ ඔහුට ඇප ලබාගැනීමට මැදිහත් වන ලෙසත් මහේන්ද්‍රන් මහත්මිය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ අතර රජයේ ආරංචිමාර්ග පවසන්නේ ලබන සිකුරාදා හෝ ඉන් පසු ආසන්නතම දිනකදී අර්ජුන් ඇලෝසියස්ට ඇප ලැබීමට නියමිත බවයි. ලබන සිකුරාදා ඇලෝසියස් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් අධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සඳහා අධිකරණයෙන් ඔවුනට යහපත් පිළිතුරක් ලැබෙනු ඇති බව ද වාර්තා වේ.

අර්ජුන් මහේන්ද්‍රන් බ්‍රසල්ස් නගරයේ

මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ දිනවල බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර වාසය කරන බව  විශ්වාසදායක ආරංචි මාර්ග පවසා සිටිනවා. සිංගප්පූරුවේ පුරවැසිභාවය හිමි ඔහු පසුගියදා බ්‍රසල්ස් බලා පිටවත්ව ගොස් ඇති අතර තවමත් සිංගප්පූරුව වෙත පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස ඔහුට අධිකරණ නියෝගයක් ලබාදී තිබෙන අතර තවමත් ඔහු මෙරටට පැමිණීම ප්‍රමාද කරමින් සිටී. කෙසේ වෙතත් සිය බෑණා ඇපමත නිදහස්වීමෙන් අනතුරුව ඔහු මෙරටට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේදී අර්ජුන් ඇලෝසියස් ඇපමත නිදහස් කිරීමට අධිකරණය තීරණය කළහොත් ඊට පසුදාම අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පැමිණෙනු ඇත.
« PREV
NEXT »