BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 16, 2018

ජනපති හිරෝෂිමා නගරයේ සංචාරයක - ශ්‍රී ලංකාවට ණය නොවන ආධාර වැඩි කරනවා - ජපාන අගමැති කියයි

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප්‍රදේශයේ ඊයේ (15) සංචාරයක නිරත විය.


හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිතුමා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර, අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා එහි කෞතුකාගාරය නැරඹීමට ද එක්විය.

එමෙන්ම එම භූමියේ සංරක්ෂණය වෙමින් පවතින ගොඩනැගිල්ල ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණට ලක්විය.

මේ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ණය නොවන ආධාර වැඩි වශයෙන් ලබා දීමට ජපාන රජය හැකි පමණින් කටයුතු කරන බව ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ පසුගියදා  (14 වැනිදා) ප්‍රකාශ කළේය. 

 ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා අතර දෙරට නියෝජනය කරමින් ඊයේ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ජපාන අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 ජපාන අගමැති කාර්යාලයේදී පසුගිය 14 වැනිදා සවස පැවැති මෙම ද්වි පාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මලික්‌ සමරවික්‍රම, තිලක්‌ මාරපන, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඇතුළුÊපිරිසක්‌ සහභාගි වූහ.

 ජපාන රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික පිරිසක්‌ සහභාගි වූහ.

 ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක්‌ සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී ජපාන අගමැතිවරයාට ආරාධනාවක්‌ සිදු කළේය.

 එම ආරාධනාව පිළිබඳ ස්‌තුතිය පළ කළ ජපාන අගමැතිවරයා ශ්‍රී ලංකාව ඉතා ලස්‌සන රටක්‌ බවත් තමා ශ්‍රී ලංකාවට ප්‍රිය කරන බවත් ප්‍රකාශ කළේය.



« PREV
NEXT »