BREAKING NEWS
latest

728x90

468x60

Sunday, March 04, 2018

කැබිනට් ඇමති ධුරයක් දෙනවානම් හා කියයි - හිරුණිකා එජාපය අත් හරින ලකුණු

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්වීමට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය කොන්දේසි සහිත එකගතාවයක් පල කර තිබේ.

ඇයට එම ආරාධනාව කිරීමට ගිය සන්ධාන දේශපාලඥයන් දෙදෙනා සමග ඇය සදහන් කර ඇත්තේ සන්ධානයට එක්වීමට නම් තමනට කැබිනට් ඇමති ධුරයක් උවමනා බවයි.

එහිදී සන්ධාන පාර්ශවයේ අදහස වී ඇත්තේ පළමු වතාවට පාර්ලිමේන්තු පැමිණ කැබිනට් ඇමති ධුරයක් ඉල්ලීම නොගැලෙපෙන බවත් උප ඇමති ධුරයක් නම් සලකා බැලිය හැකි බවත්ය.

තමන් සන්ධානයට එක් වන්නේ විශාල අවදානමක් අරගෙන බවත් තමන්ගේ ආසන සංවිධායක ධුරය පවා අහිමි වන බවත් තමන් අලුත් ආණ්ඩුවට එන්නේ කැබිනට් ඇමති ධුරයෙක් දෙන්නේ නම් පමණක් යයිද ඇය දැඩිව අවදාරණය කර ඇත.

ආණ්ඩුවේ ප‍්‍රධානීන් හා සාකච්චා කර ඉක්මනින්ම පිලිතුරක් දෙන බව සදහන් කරමින් එම සාකච්චාව අවසන් වී තිබේ.
« PREV
NEXT »