BREAKING NEWS
latest

728x90

468x60

Thursday, March 22, 2018

ශ‍්‍රීලනිප ඇමති පිරිසක් විශ්වාස භංගයට විරුද්දවෙයි - අගමැති සමග එක්වෙයි - නම් ගම් මෙන්න

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙවිව කතානායකවරයාට බාර දී ඇති විශ්වා භංග යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් හය දෙනෙකු පමණ විරුද්ද වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක, ඇමති මහින්ද සමරසිංහ, ඇමති විජිත් විජයමුණු සොයිසා, ඇමති සරත් අමුණුගම, රාජ්‍ය ඇමති පියසේන ගමගේ, නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර එසේ විරුද්ද වනු ඇති බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.
විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමකට ලක් කරන දිනයේදී සිය ඡුන්දය විරුද්දව භාවිත කරනු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
මෙම පිරිසෙන් ඇතැමෙක් එක්සත් ජාතික පක්‍ෂයට එක් වීමට සූදානමක් ඇති බවද වාර්තා වෙයි.
lankacnews
« PREV
NEXT »