BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 27, 2018

අගමැතිට විශ්වාසභංගයක් ගෙනාවට - ඇත්තම ඉලක්කය ජනපති - ඇමති මංගල : Mangala Samaraweera


අගමැතිවරයා ඉවත් කිරීම ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබුණත් මෙහි සැබෑ ඉලක්කය ජනාධිපතිවරයා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අද (27) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබෙන්නේ ජාතික වශයෙන් පැවැති මැතිවරණ දෙකකින්ම පැරදිච්ච බංකොලොත් දේශපාලන පක්ෂ යළි පස්ස දොරෙන් බලයට එමේ කුමන්ත්‍රණයක් ලෙස බව එහි දී ඇමැතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයාට සැබෑ ආරක්ෂාව ලැබෙනේ අගමැති තුමාගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් බව ජනාධිපතිවරයාට විරුද්ධ බලවේග හොඳින්ම දන්නා නිසා ජනාධිපතිවරයාව ආරක්ෂා කරන ප්‍රධාන බලවේග බිඳ දමලා එතනට තමන්ට මෙහෙයවන්න පුලුවන් අගමැතිවරයෙක් තාවකාලිකව පත්කිරිම විශ්වාසභංග යෝජනාව මූලික අදහස බවත් ඔහු පැවැසීය. එමෙන්ම ඒ තුලින් කතානායකවරයාවත් වෙනස් කර මහින්ද රාජපක්ෂ වැනි කෙනෙක් අගමැතිධුරයට පස්ස දොරෙන් ගෙන එනු ලබන බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම ඉන් පසුව දෝශාභියෝගයක් ගෙන එමින් ජනාධිපතිවරයාව පලවා හැරීම මේ අයගේ සැබෑ උත්සාහය බව ඔහු අවධාරණය කළ අතර. මේ උත්සාහය උත්සාහයකටම පමණක් සීමා වෙන බව සඳහන් කළේය.


මංගල සමරවීර මහතා අද දින මේ අවධාරණය කර පැවැසූ සත්‍යය දේශපාලන සිහි බුද්ධියක් ඇති කිසිවකුට හෝ අලුතෙන් සිතන්නට යමක් නොවේ. මේ හා සමාන කතාවක් මීට දින කිහිපයකට පෙර කෘෂිකර්ම ඇමැතු දුමින්ද දිසානායක ද බී බී සී සේවය වෙනුවෙන්ද පල කර තිබිණි.
« PREV
NEXT »