BREAKING NEWS
latest

728x90

468x60

Thursday, March 01, 2018

කැබිනට්‌ මණ්‌ඩලය විද්‍යානුකූල ක්‍රමයට සකස්‌ නොවීම ගැටලුවක්‌ - රාජිත

කැබිනට්‌ මණ්‌ඩලය සකස්‌ කිරීම විද්‍යානුකූලව සිදුවිය යුතු බවට කොපමණ කතා කළත් එසේ සිදුනොවීම ගැටලුවක්‌ බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.


ආණ්‌ඩුව පත්වූ අවස්‌ථාවේදීද ඇමැති මණ්‌ඩලය විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස්‌ කිරීමට තීරණය කර තිබූ නමුත් නොගැලපෙන අමාත්‍යාංශ එක්‌වී තිබූ බවද මුදල් අමාත්‍යාංශය කෑලිවලට කැඩීගොස්‌ තිබූ බවද හෙතෙම කීය.

මෙවර සංශෝධනයේදීද විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස්‌ කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක්‌ සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් එයද අසාර්ථක වූ පැරණි ක්‍රමයටම පත්කිරීම් සිදුවූ බවද හෙතෙම කියා සිටියේය.

තමාත් මලික්‌ සමරවික්‍රම, මංගල සමරවීර ඇමැතිවරුන්ද මේ පිළිබඳ සාකච්ඡා කර තිබුණද පළක්‌ නොවූ බවද කීය.

ඊයේ (28 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

රනිල් ධර්මසේන
« PREV
NEXT »