Tuesday, March 27, 2018
Home
Gossip Lanka News
TNA සහය අගමැතිට - විශ්වසභංගය භංගයි - ආපු වැඩේ නොකිරීම ගැන ජනපතිට චෝදනා
TNA සහය අගමැතිට - විශ්වසභංගය භංගයි - ආපු වැඩේ නොකිරීම ගැන ජනපතිට චෝදනා
-
Tuesday, March 27, 2018
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.
විශ්වාසභංගයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්‌වීමට තමන් තීරණය කළ බව දෙමළ සන්ධානය විසින් අගමැතිවරයාට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ ජනවාරි අට බල පෙරලියෙන් ජනතාවට පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තම පක්ෂය පෙණි සිටින බවත් ඒ වෙනුවෙන් ජාතික ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කරන බවත්ය.
මේ අනුව විශ්වාසංභංග යෝජනාව ජයග්‍රහණය කිරීම හැකියාව තවදුරටත් දුරස් වී තිබේ. ශ්‍රීලනීපයේද මන්ත්‍රීන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අගමැතිවරයාට පක්ෂපාතව ක්‍රියාත්මක වීමට තීරණය කර ඇති නිසා ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු තුන් හතර දෙනාගේ සහය ලබා ගෙන විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමට නොහැකි වනු ඇත. තීරණාත්මක මොහොතේදී ජනතා විමුක්ති පෙරමුණද ඡන්දය දීමෙන් වැලැකී සිටුනු ඇති බව එම පක්ෂයට සමීප ආරංචි මාර්ග පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ මෙම තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා බලයට පත් කිරීම වෙනුවෙන් තීරණාත්මක සාධකයක් වූ උතුරු නැගෙනහිර සුළු ජාතීන්ගේ ඡන්දය නොසලකා ජනාධිපතිවරයා කටයුතු කරමින් තිබීම ගැනද මෙහිදී ජනාධිපතිවරයාට චෝදනා කර තිබේ. අගමැතිවරයා ඉවත් කිරීම විශ්වාශභංග යෝජනාව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ මැදිහත්වීම මත සිදු කෙරෙන්නක් වන නිසා විශ්වාශභංගයෙන් ආණ්ඩුව පැරදුන හොත් සියළු පාර්ශ්වයන් මුහුණ දෙන අවාසනාවන්ත තත්වයන්ට ජනාධිපතිවරයා විසින් වගකිව යුතු බවත් ඒ අනුව මේ රටේ ජනතාවට බරපතල ද්‍රෝහි කමක් සිදුකළ පාලකයකු වශයෙන් ජනාධිපතිවරයා ඉතිහාස ගත වනු ඇති බව මෙහිදී දැඩිව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
lankadaily
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...