Friday, April 20, 2018
Home
Gossip Lanka News
පොදුරදමඬුලු ජයගත් ශ්රී ලංකා ශූර ශූරියන්ට මිලියන 19 ක්; ක්රීඩා ඇමැති සමුගනිමින් කියයි
පොදුරදමඬුලු ජයගත් ශ්රී ලංකා ශූර ශූරියන්ට මිලියන 19 ක්; ක්රීඩා ඇමැති සමුගනිමින් කියයි
-
Friday, April 20, 2018
පොදුරාජ්ය මණ්ඩලීය පදක්කම් දිනූ ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන් වෙනුවෙන් ගෙවීමට නියමිත මුදල් ඉදිරි සති දෙක තුන ඇතුළත ගෙවීමට කටයුතු යොදා තිබෙන බවත් එය ප්රමාදයක් වශයෙන් නොසලකන ලෙසත් හිටපු ක්රීඩා අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටී.
ඒ මහතා මේ බව සඳහන්කර සිටියේ වත්මන් ක්රීඩා අමාත්ය µයිසර් මුස්තාපා මහතා ක්රීඩා අමාත්යාංශයේ වැඩ භාර ගැනීම සහ පොදුරාජ්ය මණ්ඩලීය පදක්කම් දිනූ ක්රීඩක ක්රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් ක්රීඩා අමාත්යාංශයේ ඩන්කන් වයිට් ශ්රවනාගාරයේ පැවැති උත්සවයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක්රීඩා අමාත්ය දයාසිරි ජයසේකර මහතා 'පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා ඉතිහාසයේ වසර 80 කට පසුව ලද ඉහළම ජයග්රහණය මේක. මේ ක්රීඩක ක්රීඩිකාවන්ට ලැබිය යුතු වරප්රසාද තව සති දෙක තුනකින් ජනාධිපතිතුමා අතින්ම ලැබෙන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා මේක ප්රමාදයක් විදිහට තේරුම් ගන්න එපා.' යෑයි පවසා සිටියේය.
පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙළකදී දිනන රන් පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 50ක්, රිදී පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 40 ක් සහ ලෝකඩ පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 30 ක් බැගින් ලබා දෙන බවට මීට ඉහතදී ක්රීඩා අමාත්යාංශය මගින් නිවේදනය කර තිබිණි.
ඒ අනුව මෙවර දිනූ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම් පහ වෙනුවෙන් රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක මුදලක් අදාළ ක්රීඩක ක්රීඩිකාවන් අතරේ බෙදී යනු ඇත.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ' නව ක්රීඩා ව්යවස්ථාවේ දැන් තියෙන්නේ අවසාන කොටස කරන්න. නමුත් මං ගත්ත සමහරක් තීරණ නිසා මට ඒවා අවසන් වෙනකම් මේ තනතුරේ ඉන්න අවස්ථාවක් නෑ. ඒත් මං විශ්වාස කරනවා නව ක්රීඩා අමාත්ය µයිසර් මුස්තාපාගේ කාලය තුළදී ඒවා සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ලැබෙයි කියලා.' යෑයි පැවසීය.
තමන් මේ වාඩි වී සිටින්නේ තාවකාලික පුටුවක වුවත්, තමාගෙන් සිදුවිය යුතු සේවය අපක්ෂපාතීව සිදුකරන බවත් පවසන නව ක්රීඩා අමාත්ය µයිසර් මුස්තාපා මහතා 'රටේ සහජීවනය ඇති කරන්න තියෙන හොඳම ආයුධයක් තමයි ක්රීඩාව කියන්නේ. ඒ නිසා රටේ තියෙන වැදගත්ම අමාත්යාංශවලින් එකක් මේ ක්රීඩා අමාත්යංශය.
පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී රට වෙනුවෙන් පදක්කම් දිනාදුන් ක්රීඩක ක්රීඩිකාවන් ඉක්මනින් ඇගයීමට ලක් කරනවා' යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
