BREAKING NEWS
latest

728x90

468x60

Friday, April 20, 2018

තෙල් මිල ගැන තීරණය ජනපති හා අගමැති අතේ - අර්ජුන කියයි

තෙල් මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය ගන්නේ අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් එක්‌ව බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව කියා සිටියේ නව වසර සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන්ට, සේවක සේවිකාවන්ට සුබ පැතීමේ උත්සවයට සහභාගී වෙමිනි. එම ආයතන පරිශ්‍රයන්හිදී ඊයේ (19දා) මෙම උත්සවය පැවැත්විණි. 


"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව හෝ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ලාබ ලබන ආයතන ලෙස පවත්වාගෙන යා යුතුද නැතිනම් මහජනතාවට සේවා සපයන ආයතන ලෙස පවත්වාගෙන යා යුතුද යන්න ගැන මේ දක්‌වා කිසිම ආණ්‌ඩුවක්‌ තීරණයක්‌ ගෙන නැහැ. නමුත් එම තීරණය ආණ්‌ඩුවක්‌ හැටියට ඉක්‌මනින්ම ගත යුතු වෙනවා. ඒ වගේම තෙල් මිල ඉහළ දමනවාද නැද්ද යන්න අද බොහෝ දෙනෙක්‌ කතා කරන දෙයක්‌. මුදල් අමාත්‍යාංශයත් බලධාරිනුත් ඒ ගැන අප සමග සාකච්ඡා කරනවා. නමුත් තෙල් මිල වැඩි කිරීමට හෝ අඩු කිරීම ගැන තීරණය ගත යුත්තේ ආණ්‌ඩුව විසින් මේ රටේ කැබිනට්‌ මණ්‌ඩලයත් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් විසින්" යෑයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය. උත්සවයට පැමිණි සිටි පිරිස අමතමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා කියා සිටියේ අභියෝග දැඩි වුවත් කෙටි කාලයකදී ජයග්‍රහණ රැසක්‌ රටට උදාකර දුන් බවයි.

"කටුනායක නව ගුවන් යානා හැසිරවීම් පථයෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය ඉදි කිරීමේ ගිවිසුම් දින 45 ක්‌ තුළදී ටෙන්ඩර් කැඳවා අත්සන් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට හැකි වුණා. රටට ඩොලර් මිලියන 2 ක්‌ පමණ ඉතිරි කර දී තිබෙනවා. ඒ වගේම Jෂඨ ආයතනය 2001 වර්ෂයේදී නිර්දේශ කළ ගුවන් යානා ඉන්ධන පෙරන පද්ධතිය ඉදිකිරීම අපි එනතුරුම ආරම්භ කර තිබුණේ නැහැ. එය මාස හතරක්‌ වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට අපිට හැකි වුණා. අපි මේ වන විට කොලොන්නාවේ ඉන්ධන ටැංකි පද්ධතියක්‌ සෑදීම ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ එහි පළමුවැන්නේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වනවා. තවත් හතක්‌ ආරම්භ කිරීමට මූලික සැලසුම් සකස්‌ කරමින් සිටිනවා." යෑයිද සභාපති ධම්මික රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 



« PREV
NEXT »