Friday, April 06, 2018
Home
Mangala Samaraweera
තුනෙන් දෙක අවශ්‍ය වෙලාවට පෙන්වන්නම් - මංගල
තුනෙන් දෙක අවශ්‍ය වෙලාවට පෙන්වන්නම් - මංගල
-
Friday, April 06, 2018
විශ්වාසභංග යෝජනාවෙන් පසුව ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය අහිමිව ඇති බවට දියත් කර තිබෙන ප්‍රකාශයේ කිසිඳු පදනමක් නැති බවත් විශ්වාසභංග යෝජනාව පරාජය කරවීමට සූදානම් කළ ආකාරයට අවශ්‍ය මොහොතේ 2/3 බලය ලබා ගැනීමට ආණ්ඩුව ක්‍රියාකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.
විශ්වාසභංග යෝජනාවෙන් පසුව 2/3 බලය ආණ්ඩුවෙන් ගිළිහීගොස් තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ශව සිදුකරන ප්‍රකාශය පිළිබඳ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුව තුළ දෛනික කටයුතු පවත්වා ගෙන යාමට තුනෙන් දෙකේ බලය අනවශ්‍ය බවත් එය අවශ්‍ය වන්නේ කිසියම් තීරණාත්මක අවස්ථාවකදී පමණක් බැවින් එවැනි අතිශය වැදගත් අවස්ථාවක තුනෙන් දෙක ලබා ගැනීමට හැකියාව ආණ්ඩුවට තිබෙන බව තමන් විශ්වාසයෙන් යුතුව පවසන බව අමාත්‍යවරයා පවසයි.
විශ්වාසභංගය වර්ජනය කළ පිරිසේ සහය ආණ්ඩුවට තියනවා !
මානව හිමිකම් ආරක්ෂා කිරීමට, සංහිඳියාව බිහිකර සාමය ආරක්ෂා කර ගැනීමට මෙන්ම ජාතික වැදගත්කමක් ඇති සෑම තීරණාත්මක අවස්ථාවක ආණ්ඩුවට සහය දීමට පාර්ශව පාර්ලිමේන්තුවේ සිටින බවත් විශ්වාසභංග යෝජනාවට සහයදුන් 122 මෙන්ම එම අවස්ථාව වර්ජනය කළ පාර්ශවයද සැලකිය යුතු ප්‍රමාණයක් බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
අරමුණ අවංක නම් ජවිපෙටත් පිටුපාන්න බැරි වෙනවා !
එසේම ජාතිවාදය පරාජය කිරීම, දුෂිතයන්ට එරෙහිව නීති ශක්තිමත් කිරීම , ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම අරමුණු කරගෙන ඉදිරිපත් කරන අණපනත් සම්මත කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ වුවත් පසුබට නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අවශ්‍යම වුණොත් ඒකාබද්ධ විපක්ෂයේ කොටසකුත් අරගෙන පෙන්නන්නම් !
විශ්වාසභංග යෝජනාව ගෙන එන අවස්ථාවේ බොහෝ දෙනෙකු ආණ්ඩුව පරාජය කරන බව පවසමින් විවිධ සුරංගනා කතා කියූ නමුත් එය විශිෂ්ඨ ජයග්‍රහණයකින් අවසන් කර 2015 ජනවරම ආරක්ෂා කිරීමට එජාපය ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බවත් ඒ ආකාරයට ජාතික අවශ්‍යතාව සහ ජනතාවට ජයග්‍රහණ අත්කරදීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැමුන්ගේ සහය වුවත් ගැනීමට තරම් හැකියාවක් මේ වන විට ආණ්ඩුව සතුව ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...