Sunday, May 27, 2018
Home
Gossip Lanka News
එ.ජා.ප. පසුපෙළ අළු යට ගිනි? - තවත් නියෝජ්‍ය-රාජ්‍ය ඇමැති පුටු 6ක්?
එ.ජා.ප. පසුපෙළ අළු යට ගිනි? - තවත් නියෝජ්‍ය-රාජ්‍ය ඇමැති පුටු 6ක්?
-
Sunday, May 27, 2018
එක්සත් ජාතික පක්ෂයේ නව වෙනසක් අරමුණෙන් සටන් කරන ලද පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට කණ්ඩායම් දෙකකට බිඳීගොස් ඇති බව එම පසුපෙළ කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එයට හේතුවී ඇත්තේ එක් කණ්ඩායමක් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ යෝජනාවලට එකඟවීම නිසයි. ඒ අනුව රජය විසින් පසුපෙළ මන්ත්‍රීවරයකුට සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 300ක් මූල්‍ය ප්‍රතිපාදනයක් සහ අධීක්ෂණ මන්ත්‍රීධුරයකුත් ලබාදීමට පොරොන්දු වී තිබුණි. ඊට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් කැමැත්ත පළකර තිබේ.
එහෙත් තවත් කණ්ඩායමක් ඊට එකඟ වී නැති අතර ඔවුන් තවමත් සඳහන් කරන්නේ පක්ෂය තුළ දැනෙන වෙනසක් සිදුවිය යුතු බවය. ඒ නිසා ඔවුන් තවදුරටත් සටන් කිරීමට තීරණය කර ඇත.
මේ අනුව පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම බිඳීගොස් ඇති අතර ඔවුහු ස්ථාන දෙකක රුස්වෙමින් සිය කටයුතු මෙහෙයවමින් සිටිති.
එසේම මේ වන විට එ.ජා.ප.යෙන් පත් කිරීමට සැලසුම් කර තිබෙන නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර 6 සඳහා සුදුසුකම් නිර්දේශ කර එවන ලෙස ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
එහෙත් මෙතෙක් අදාළ නාම ලේඛනය ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කර නැත. යෝජිත නම් ඉදිරිපත් වූ වහාම අදාළ පත් කිරීම් සිදුකිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි.
-දේශය
