Sunday, May 13, 2018
Home
Gossip Lanka News
ජනාධිපතිවරණයට එනවාද - ගෝටා-බැසිල් එකම කතාව දෙවිදිහකට කියයි
ජනාධිපතිවරණයට එනවාද - ගෝටා-බැසිල් එකම කතාව දෙවිදිහකට කියයි
-
Sunday, May 13, 2018
එළැඹෙන ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් තරග කරන අපේක්‍ෂකයා කවුදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තීරණය කරනු ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.
මහින්ද රාජපක්‍ෂ මහතා තීරණයක් ගත් පසු තමන්ද තීරණයක් ගැනීමට සූදානම් යයිද ඒ මහතා පවසයි.
කුමන තීරණයක් ගත්තද තම පවුල ඉතා සාමදානයෙන් කටයුතු කරන පවුලක් බවත් මහින්ද රාජපක්‍ෂ මහතා දෙන තීරණය අනුව රට වෙනුවෙන් පවුලේ සියළු දෙනා එක්ව කටයුතු කරන බවද ඔහු කීය.
ගොඩකවෙලදී පැවති උත්සව සභාවක් අවසානයේදී මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්න සදහා පිලිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගෙන්ද මාධ්‍යවේදීන් කොළඹදී පැවති වැඩසටහනකින් පසුව විමසීය.
ඒ මහතා කියා සිටියේ එවන් අදහසක් නැති බවත් මහින්ද රාජපක්‍ෂ මහතා අවශ්‍ය මොහොත්දී ඒ ගැන තීන්දු කරනු ඇති බවත්ය.
ජනාධිපතිවරණය ගැන කතාකිරීමට පෙර පැවැත්විය යුතු පළාත් සභා මැතිවණය පවත්වන ලෙසද ඔහු ආණ්ඩුවට කියා සිටියේය.
