BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 16, 2018

සංවිධායක යැයි රග දැක්වූ එරංදගේ ඩීල් එකට මහරගමට උඩින් පාත් වූ බඩල්ගම සහ වැල්ලවත්තේ බයිසිකලේ කට්ටියට - හකුළාගෙන ගෙදර යන්න වෙන ලකුණු

පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහරගම කොට්ඨාශය ජයග‍්‍රහණය කිරීමට ස්වාධින කණ්ඩායම් අංක 02 බයිසිකලය යටතේ ඉදිරිපත් වූ කණ්ඩායම සමත් විය. තේරී පත් වූ 25 දෙනාගෙන් 23 ක් ම මහරගම මැතිවරණ බල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් නොවන අතර ඉන් බහුතරය දිවුලපිටිය ආසනයේ බඩල්ගම ප‍්‍රදේශවාසීන් වේ. තවත් කිහිප දෙනෙකු කොළඹ වැල්ලවත්තේ පදිංචිකරුවන් ය.


පළාත් පාලන මැතිවරණයේ මූලික සුදුසුකම් කඩ කරමින් මැතිවරණයට ඉදිරිපත් වී මහජනතාව නොමග යැවීමට එරෙහිව චන්ද්‍රසේන පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ රිට් අඥාව අද(16) අභියාචනාධිකරණ අංක 303 හිදී විභාග කෙරිණ. මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස මහරගම නගර සභාවේ පාලක පක්ෂයේ මන්ත‍්‍රීධූර හොබවන බඩල්ගම සහ වැල්ලවත්ත ප‍්‍රදේශවල පදිංචි 23 දෙනාත් මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙන්ම මහරගම නගර සභාවේ නිලධාරීන් නම් කර ඇත.

නඩුව පිළිබඳව පැමිණිලි පාර්ශවයේ නීතීඥ ෆායිස් මුස්තාෆා මහතාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ ජුනි මස 28 වන දිනට නඩුව කැඳවීමට ය. ඊට ප‍්‍රථම වගඋත්තරකරුවන් වෙත විරෝධතා වේ නම් ඒ පිළිබඳව දන්වා එවීමට නොතීසි නිකුත් කරන ලෙස නියෝග නිකුත් කෙරිණ.

ඒ අනුව පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කර ඇති රීට් ආඥාවට අනුව පාලක පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට මන්තී‍්‍ර ධූරයක් දැරීමට ඇති පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ මූලික සුදුසුකම් තහවුරු කිරීමට සිදුවනු ඇත. 

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් මහරගම නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ධනුෂ්ක රාමනායක, ජයමිණි පුෂ්ප කුමාර සහ වසන්ත මාසකෝරාළ යන අය සහභාගී විය.


« PREV
NEXT »