BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 09, 2018

දහම්ගේ කියූ BMW I8 රථයේ ඇත්ත හිමිකරු කබිර්ගේ මස්සිනා පොහොට්ටුවේ මැයි රැළියෙන් – සියල්ල එලියට


2018 මාර්තු මස 17 වන දින අලුයම 6.15 ට පමණ තලවතුගොඩ City Of London සමාජ ශාලාවේ සිට අධික ලෙස බිමත්ව පැමිණ BMW I8 මෝටර් රථයක් පදවමින් පැමිණි අයෙකු එය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබු රථ වාහන දෙකකට අලාභාහනි සිදු කරමින් තලවතුගොඩ කිබුලා ඇලට පෙරලි ගොස් තිබුණි.

මේ සිදුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සමාජ ජාලා තුලින් සෘජු ලෙසම මෙය ජනාධිපති පුත්‍රයාට අයත් වාහනයක් ලෙස පෙන්වීමට දැඩි උත්සහයක් දැරුවද එය අවසන් වුයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් කබීර් හෂීම් මහතාගේ මස්සිනා නැතහොත් බිරිදගේ සොහොයුරා වන ෆසිල්ට අයත් මෝටර් රථයක් ලෙසයි.

දැන් අප සුදානම් ඇත්ත ෆසිල් කවුද යන්න හෙළි කිරීමට ,

මොහු කබීර් හෂිම්ගේ මස්සිනා වුවත් සෘජු ලෙසම සම්බන්ධතාවයන් පවත්වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ නාමල් , යෝෂිත රාජපක්ෂ සමගයි.ඒ සම්බන්ධතාවය කෙතරම් සමීපදැයි කියතොත් පොදුජන පෙරමුණේ මැයි රැලියට පවා මුදල් වියදම් කරමින් එම ජන රැලියට සහභාගී වී තිබෙනවා.එය පහත ජයාරූපය සාක්ෂි දරනවා.

මාර්තු මස 17 වනදා රිය අනතුරක් සිදුකර පළාගොස් එය දහම් සිරිසේන මහතාගේ නමට පැටවීමට ප්‍රධානම හේතුව වුයේ ෆසිල් ඉතා කිට්ටුවෙන් නාමල් සහ යෝශිතව ආශ්‍රය කරන නිසාය.දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් නාමල් යෝෂිත සහ ෆසිල් ඇතුළු කණ්ඩායම ඉතා ඉක්මණින් එම රිය අනතුර දහම් සිරිසේන මහතාගේ නමට පැටවීමට උත්සාහයක නිරත විය.

කබිර්ගේ දේශපාලනය සුන්නත් කරන වයිෆ්ගේ මල්ලිලා 

වැදගත් දේශපාලනයක් කිරීමට කැපවී සිටින කබීර් හෂීම් අමාත්‍යවරයාගේ එක් පෞද්ගලික ලේකම්වරයෙක් වන්නේ බිරිදගේ සොහොයුරෙක් වන රිකාෂ්ය.කබීර් හෂිම්ගේ නම පාවිච්චි කරමින් සහ තනතුර්ව් බලය පාවිච්චි කරන ව්‍යාපාර කරන ෆසිල් බීමට , රාත්‍රී සමාජ ශාලා වල ගත කිරීමට, කාන්තාවන් ඇසුරු කිරීමට දැඩි ලෝල්කමක් දක්වන පුද්ගලයෙකි.මේ සියලු කරණා මුස්ලිම් ආගමට අනුව හරාම්ය.අදාළ රිය අනතුර සිදු වූ දවසේ උදැසන 6.15 තෙක් අධික බිමත්ව සමාජ ශාලාවේ සිටි බව ඔහුගේ මිතුරන් සාක්ෂි දරනවා.කෝටි ගණනක් වටිනා කාර් රථය භාර ගැනීමට නොපැමිණෙන්නේ අධික බීමත්කම නිසාය. දේශපාලනිකව කබීර් හෂීම් මහතාට දැඩි කැළලක් ඇති වන බව දැනගත් වහාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කබීර් හෂීම් මහතා තම නැදෑ සොහොයුරෙක් එම රිය අනතුර සිදුකල බව පිළිගැනීමට සිදුවිය.

ඇත්ත ෆසිල් යනු මහින්ද රාජපක්ෂගේ ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරන කෙනෙකි.එම නිසා සැලසුම් සහගතව ජනාධිපති පුත් දහම්ගේ නමට අදාළ රිය අනතුර පැටවීමට ඔවුන් සතුව සුක්ධාම සැලසුමක් තිබුනේය.එම සැලසුම නිර්මාණය කලේ යෝෂිත සහ ෆසිල් දෙදෙනාය.මේ සිදුවීම නොදැන සිටි කබීර් හෂීම් මහතා දේශපාලනිකව තමන්ගේ ප්‍රතිරූපය ගැන සිතා අදාළ වගකීම බාරගනු ලැබුණි.කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වරයා ලෙස සිටියත් ඔහුගේ බිරිදගේ සොහොයුරන් සියල්ලම මහින්ද රාජපක්ෂ සමග සෘජු ගණුදෙනු පවත්වයි.එපමණක් නොව කබීර් හෂීම් මහතාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට මොවුන් සැලසුම් කරන බවටද අපට සාක්ෂි ඇත.කබීර් හෂීම් මහතා රෝගාතුර වී සිටියදී එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සහභාගී නොවූ අවස්ථාවේදී බිරිදගේ සොහොයුරන් සියල්ලන්ම පොදුජන පෙරමුණේ මැයි රැලියට සහභාගී විය.

ඉහත කාරණය පිලිබදව එක්සත් ජාතික පක්ෂය තුල දැඩි කතාබහකටද ලක්වී ඇත.

මාස එක හාමාරක් තුල මෙම රිය අනතුර ජනපති පුත් දහම් සිරිසේන මහතාට මඩ ගැසීම සදහා රාජපක්ෂ පුතුන් විසින් නිර්මාණය කල එකක් බවට හෙළි වීම රාජපක්ෂ වරුන්ට කර්මය නැවත පඩිසන් දුන් අවස්තාවක් ලෙස හැදින්විය හැකි අතර තවද කබීර් හෂිම්ගේ බිරිදගේ මල්ලිලා තිදෙනා වැනි දුරාචාරයේ යෙදෙන පුද්ගයින් මුස්ලිම් පල්ලි තුලට ගැනීමට පවා නුසුදුසු අය බව අප මතක් කරමි.තවද ඉහත සදහන් කල රිය අනතුර සිදුවන දවසේ ෆසිල් සමග බීමතින් සිටි අනෙක් දෙදෙනා වන කරීම් ජුවලර්ස් හිමිකරු වන කරීම් සහ තොන්ඩමන් අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික ලේකම් නෞෂාඩ් යන දෙදෙනා පිලිබදව ඉදිරියේදී අප තොරතුරු වාර්තා කිරීමට සුදානම්


« PREV
NEXT »