BREAKING NEWS
latest

728x90

468x60

Friday, June 01, 2018

ඇලෝසියස්ගෙන් සල්ලි ගත් 118 නිසා පාර්ලිමේන්තුවේ 225ම අමාරුවේ

බැදුම්ක වංචාවේ චූදිතයෙකු වී සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දීම සදහා මැදිහත් වන ලෙස පාරිලමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම කරමින් මන්ත‍්‍රිවරයා විසින් කතානායකවරයාට යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

ගරු කතානායකතුමනි,

අර්ජුන් ඇලෝසියස් වෙතින් මුදල් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දීම

මහ බැංකු බැඳුම්කර වංචාවෙහි ප්‍රධාන චූදිතයකු වන අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118කගේ ලයිස්තුවක් පිළිබඳව ප්‍රකාශයට පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම රට හමුවේ සැකයටත්, ගර්හාවටත් පත්ව ඇත.

එය මෙම සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමි. එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ වගකීම සතු ඔබතුමන්ගේ අවධානය ඒ කෙරෙහි දැනටමත් යොමුව ඇතැයි සිතමි.

ඉදිරි පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේ දී ඉහත කී අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118 දෙනාගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ නම්, ඉන් මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද පිටුවල මෙම නම් 118 සඳහන්ව ඇති බව ද අනාවරණය වී ඇති නිසා ජනාධිපති ලේකම්වරයා වෙතින් එදිනට මෙම ලයිස්තුව ලබා ගැනීමට අපහසු නොවනු ඇත.

එබැවින් එළඹෙන පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේදී මෙම නම් ලයිස්තුව ඉදිරිපත් කර මෙම වංචාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ඔබතුමන් කටයුතු කරනු ඇතැයි හුදෙක්ම අපේක්ෂා කරමි.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී, විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ.
« PREV
NEXT »