BREAKING NEWS
latest

728x90

468x60

Friday, June 01, 2018

ජනපතිගේ ප‍්‍රකාශයට එජාප සභාපති කබීර්ගෙන්ද ප‍්‍රහාර.

පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරනු ලැබූ ‘දින 100’ වැඩ සටහන සම්බන්ධයෙන් වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් බාර ගන්නා බව එම පක්‍ෂ සභාපති ඇමති කබීර් හෂීම් මහතා සදහන් කරයි.


ඔහු මෙසේ කියා සිටියේ සිරිකොතේදී පැවති එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.


එම දින 100 වැඩ සටහන නිසා ජනතාවට විශාල යහපතක් වූ බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ බවත් ඇමතිවරයා කීය.

එම වැඩපිලිවෙලේ නොසිටි බව කිසිවෙකු කියන්නේ නම් ඒ ගැන එයාගෙන් අසාගන්නැයිද ඇමතිවරයා එහිදී සදහන් කලේය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රතාශය සම්බන්දයෙන් ප‍්‍රතිචාර නොදක්වන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී උපදෙස් දී තිබූ තත්වයක් තුල පක්‍ෂ සභාබතිවරයා විසින් මෙම අදහස් දැක්වීම සිදු කරනු ලැබීය.

« PREV
NEXT »