BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 25, 2018

විනාඩි 30න් මාලඹේ සිට පිටකොටුවට එන්න පුළුවන් වෙන වැඩකට ආණ්ඩුව අතගසයි

විනාඩි 30ක් තුළ මාලඹේ සිට පිටකොටුවට ළඟා විය හැකි සැහැල්ලු දුම්රිය මාර්ගය මෙම වසර අවසානයේදී ආරම්භ කිරීමට කටයුතු කරන බව බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ සිට ආරම්භ කෙරෙන මෙම දුම්රිය මාර්ගය මාලඹේ, කොස්වත්ත, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, ඇස්වාට්ටුව හරහා පිටකොටුව දක්වා ඉදිකිරීමට නියමිත අතර මෙම මාර්ගය අතරතුර නැවතුම් ස්ථාන 16ක් ඉදිකිරීමටද සැලසුම් කර ඇත.

ජපන් රජයේ මූල්‍යාධාර මත ඉදිකිරීමට යෝජිත මෙම සැහැල්ලු දුම්රිය මාර්ගයට අදාළ ගිවිසුම් මෙම වසරාවසානයේ අත්සන් කිරීමට නියමිත බවත් එම මාර්ගය වසර තුනහමාරක් තුළ ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
« PREV
NEXT »