Saturday, June 23, 2018
Home
Gossip Lanka News
ව්‍යවසායකයින්ට සහන පොලියට ණය දෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇරඹේ
ව්‍යවසායකයින්ට සහන පොලියට ණය දෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇරඹේ
-
Saturday, June 23, 2018
ව්‍යවසායකයින්ට සහන පොලියක් යටතේ රාජ්‍ය බැංකු මගින් ණය ආධාර ලබාදීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරන ‘එක්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ සහ ගමේ සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කෙරෙන ‘ගම්පෙරළිය’ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22) පස්වරුවේ පැවැත්විණි.
ව්‍යවසායකයින් වෙනුවෙන් රන් අස්වැන්න, ගොවි නවෝදා, රිය ශක්ති, රිවිබල සවි, දිරි සවිය, ජය ඉසුර ආදී ණය යෝජනා ක්‍රම 15ක් සහන පොළී අනුපාත යටතේ හඳුන්වාදීම මෙහිදී සිදුකෙරිණි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...