කුමන බාධක පැමිණිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති උත්සවයකට එක් වෙමිනි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහා ලබන අඟහරුවාදා දිනයේ සකච්ඡාවක් කැඳවා ඇති බවත් නීති, අධිකරණ, බන්ධනාගාර ඇතුළු මීට සම්බන්ධ සියලුම පාර්ශවයන් එක්ව කමිටුවක් පත් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එම කමිටුව හරහා මරණීය දණ්ඩණයට යටත් කරන පුද්ගලයින් කවුරුන්ද හා ඒ සඳහා දින වකවානු තීරණය කිරීමට නියමිතය.
මේ පිළිබඳව යම් යම් විරෝධතා ඉදිරිපත් වී ඇති බවද විරෝධතා ඉදිරිපත් කරන පුද්ගලයින් මෙම මත්කුඩු විනාශය වැලැක්වීම සඳහා කිසිඳු සහයෝගයක් නොදුන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.