Wednesday, July 11, 2018
Home
Gossip Lanka News
කියපු ගණනට වඩා තෙල් මිල ඉහළ දැමීම ප්‍රහේලිකාවක් වුණා - ජනපති කැබිනට් හමුවේදී කියයි
කියපු ගණනට වඩා තෙල් මිල ඉහළ දැමීම ප්‍රහේලිකාවක් වුණා - ජනපති කැබිනට් හමුවේදී කියයි
-
Wednesday, July 11, 2018
නිලධාරීන් තමන්ට පැවසූ මිලට වඩා වැඩි මිලකින් ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යැම තමන්ට ප්‍රහේලිකාවක් වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්‌ඩලයේදී ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කර ඇත.
රුපියල් හතරත් පහත් අතර ගණනකින් තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තමන් දැනුවත් කර රුපියල් අටත් නවයත් අතර මිලකින් ඉහළ ගියේ කෙසේ දැයි තමන්ට හිතා ගත නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
එතරම් ඉහළ ගණනකින් තෙල් මිල ඉහළ ගොස් ඇති බවට තමන් දැන ගත්තේ පසු දා පුවත්පත් බලන විට බවත් පැවසූ ජනධිපතිවරයා මෙවැනි වැරදි සිදු වන්නේ නිලධාරීන්ගේ වරදින්දැයි ප්‍රශ්න කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10 වනදා) උදැසන කැබිනට් මණ්‌ඩල රැස්‌වීම පැවැත්විණි.
