Tuesday, July 10, 2018
Home
Gossip Lanka News
කලාපීය වැඩි ආර්ථික වර්ධනය ඉලක්කයයි
කලාපීය වැඩි ආර්ථික වර්ධනය ඉලක්කයයි
-
Tuesday, July 10, 2018
ශ්‍රී ලංකාව ඉන්දීය සාගර මධ්‍යයේ පිහිටීමේ වාසිය පදනම් කරගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ලබාගැනීම සිය ඉලක්කය බවත් එම ප්‍රයත්නයේ වැදගත් අංගයක් වනුයේ බස්නාහිර මහ පුරවරය හා ප්‍රධාන නාගරික කොරිඩෝ 2 බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේදී ඊයේ (09) ආරම්භ වූ ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය සහ පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈදුතු සමුළුවන්හී ආරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
සිංගප්පූරුවේ සෑන්ඩ්ස් එක්ස්පෝ මධ්‍යස්ථානයේදී රටවල් 135 ක පමණ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව ආරම්භ කෙරිණි.
මිලියන 9 ක ජනගහනයක් මෙම කොරිඩෝර දෙකේ පදනම බවත් එමඟින් කොළඹ හා හම්බන්තොට වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය ද කොළඹ වරාය ආශ්‍රිත මුහුද ගොඩකර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමත් කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සැපයෙන ආර්ථික කලාප 04 ක් නිර්මාණය කරන බව ද අගමැතිවරයා කීය.
රට තුළ නාගරික කලාප 02 ක් පුළුල් කරන බවත්, එකක් මහනුවර දක්වා දිවෙන 134 km ක දිගින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගය සහ අනෙක ගාල්ල හරහා හම්බන්තොට වරාය හරහා මත්තල ගුවන්තොටුපොළට සම්බන්ධ වන 241 km ක දිගින් යුතු දක්ෂිණ අධිවේගී මාර්ගය බව ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර යන නගර බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශ එකිනෙකට සම්බන්ධ කෙරෙන මහනගරයක් වශයෙන් සංවර්ධනය කරමින් පොළෝ මට්ටමට ඉහළින් දිවෙන සැහැල්ලු දුම්රිය සේවයක් හා මාර්ග පද්ධතියක්, බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක්, පැරණි වාරිමාර්ග සංවර්ධනය මෙන්ම ගෑස් පිරිපහදු 03 ක් ඉදිකෙරෙන බව ද අගමැතිවරයා අවධාරණය කළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...