BREAKING NEWS
latest

728x90

468x60

Saturday, July 21, 2018

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු විසඳීමට ඇමතුම් මධ්‍යස්ථානයක්, ඍජු දුරකතන අංකයක්

මෙම වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

තමන්ට ඇති ගැටලු ඍජු ඇමතුම් අංකයක් අමතා විසඳා ගැනීමට මෙමගින් ව්‍යවසායකත්වය වෙත පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට හිමි වනු ඇත. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම මහජන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මංගල සමරවීර මහතා:

මන්නාරම යනු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා බැඳෙන ඓතිහාසික ප්‍රදේශයකි. එදා මෙහි පිහිටි මාන්තොට වරාය හරහා ශ්‍රී ලංකාව සහ එවක ලොව දියුණු රාජ්‍යයන් සමග වෙළෙඳ සබඳතා පැවැත්වීය.

රෝමය, චීනය සහ ඊජිප්තුව වැනි රටවල් වෙත ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ අපනයනය කෙරුණු අතර මේ ආශ්‍රිත ප්‍රදේශවලින් සොයා ගෙන ඇති එම රටවල පුරාණ කාසි ඊට සාක්ෂි සපයයි.

අපේ පැරැන්නන්ගේ මෙම ව්‍යවාසයක හැකියාවන් සහිත වත්මන් පරපුරක් නිර්මණය කිරීම වෙනුවෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර ඇත. ඒ සඳහා මෙම වසර වෙනුවෙන් පමණක් පොලී සහනාධාර සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5000කි.

උපාධිධාරීන්, කාන්තාවන්, අබාධිතයන් වෙනුවෙන් සුවිශේෂී සහන ණය යෝජනා ක්‍රම රැසක් මේ යටතේ ක්‍රියාත්මක යැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් පැවැසීය.
« PREV
NEXT »