BREAKING NEWS
latest

728x90

468x60

Saturday, July 21, 2018

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නැහැ : සාගල පාර්ලිමේන්තුවේ දී කියයි

මේ දිනවල උණුසුම් කතාබහකට ලක්ව තිබෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිලිබඳ අද (20) පාර්ලිමේන්තුවේදී කතාබහක් සිදුකෙරිණි. එහිදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වීම් සිදුකල අතර ඊට පිළිතුරු සපයමින් තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැති සබේදී කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමට කිසිඳු අයුරකින්වත් කටයුතු නොකරන බවත් එහි පවත්නා අනවසර ඉදිකිරීම් කිහිපයක් පමණක් ඉවත්කිරීමට කටයුතු කරන බවයි. එසේ උවද ගාල්ල නගරයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය තවදුරටත් ඉදිරියට පාසල් ක්‍රිකට් තරඟ පැවැත්වීම සඳහා මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වීම සඳහාද අවස්ථාව ලබාදිය හැකි බවයි.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යව සාගල රත්නායක මහතා සිදුකල සම්පුර්ණ අදහස් දැක්වීම,

"අපි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ඉවත්කරන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ගොඩනැගිල්ලක් දෙකක් පිළිබඳව පමණයි. අපි කටයුතු කරන්නේ ඒ ප්‍රශ්නය විසඳ ගන්නයි. චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා කතා කළා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඉදිකිරිම සඳහා කොග්ගල ප්‍රදේශයේ ඉඩමක් හඳුනාගත්තා කියල ඒ සැලැස්ම අපි අත්හැරලා නැහැ. අපි බලනවා ඒ සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කරන්න. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ඉතා උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඇතිකරනවා. නමුත් මේ ගාල්ල නගරයේ මැද තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත්කරන්න කිසිලෙසකත් කටයුතු කරන්නේ නැහැ. ඒක ඒ විදියටම පවත්වන්නත් එය තවදුරටත් දියුණු කරන්නත් කටයුතු කරනවා වගේම පාසල් ක්‍රිකට් තරඟ සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වීමට අවශ්‍ය අවස්ථාව වලදී ලබාදීමටත් කටයුතු කරන්න පුළුවන් වෙනවා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත් මේ පිළිබඳව හොඳින් කතා කළා එතුමා කිව්වේ අද තියෙන තාක්ෂණයත් එක්ක අවශ්‍ය ඕනෑම වෙලාවක පවතින නැරඹීම් පහසුකම් ඇතිකිරීමට වගේම ඉවත්කරන්නත් පුළුවන් කියන කාරණයයි. ඉතින් ඒ විදියටටයි අපි ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ." 

යනුවෙන් අදහස් දැක්විය.
« PREV
NEXT »