BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 12, 2023

අපට ඕන මහින්ද විතරයි - ගෝටා ගැන කතා කරන්නවත් එපා - මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ

අපට උවමනා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක් බවත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒකාබද්දයේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍සක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගෙන එන්නේදැයි මාධ්‍යවේදීන් විමසු පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාද ප‍්‍රජාතවන්ත‍්‍රවාදී ව්‍යුහයට එන්නේ නම් පමණක් ඔහුට ජනාධිපති වීමට හැකි වනු ඇතැයිද කී මන්ත‍්‍රි වෙල්ගම රාජ්‍ය නියකයා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් විය යුතු යයිද පැවසීය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සමග ඔහුගේ නිල නිවසේ පැවති සාකච්චාවකින් පසු පිටව යන අතරේ මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

« PREV
NEXT »