Thursday, January 12, 2023
Home
Gossip Lanka News
ඒකාබද්ධය සීනිගමදී පොල් ගසයි
ඒකාබද්ධය සීනිගමදී පොල් ගසයි
-
Thursday, January 12, 2023
රජය සිදුකරගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලැබූ දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් ඊයේ (11 වැනිදා) හික්‌කඩුව සීනිගම දේවාලයේ දී පැවැත්විණි.
ජීවන බර වැඩිවීම, ආණ්‌ඩුවේ දූෂිත පාලනය, දේශපාලන වශයෙන් කෙරෙන චරිත ඝාතනයට විරුද්ධව, පාතාලය හිස එසවීමට විරුද්ධව, මෙම පොල් ගැසීම සිදුවිය.
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මොහාන් සිල්වා, රමේෂ් පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහ දකුණු පළාත් සභා මන්ත්‍රීවරු, ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන මන්ත්‍රීවරු මේ සඳහා සහභාගි වූහ.
