Monday, July 09, 2018

Home
Gossip Lanka News
කොළඹට එන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා නොමිලේ සංස්කෘතික වැඩසටහන්
කොළඹට එන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා නොමිලේ සංස්කෘතික වැඩසටහන්
-
Monday, July 09, 2018
කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව සංස්කෘතික වැඩසටහන් සතිපතා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු යොද ඇත.
මෙම සංදර්ශන සෑම සිකුරාදාවකම සවස 7ට කොළඹ ආකේඩ් හි දි පැවැත්වේ. එමෙන්ම මෙම වැඩසටහන නැරඹීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
ගායන, වාදන මෙන්ම නැටුම් සහ වෙනත් සංස්කෘතික අංග ද මේ සඳහා ඇතුළත් කොට තිබෙන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද මෙය සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබා දෙයි. සංචාරක අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන 2017-2020 සංචාරක උපායමාර්ගික සැලස්මේ ද අගනුවරට පැමිණෙන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙබඳු වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසුවේ මේ වැඩසටහන ආරම්භයක් පමනක් බවත් ඉදිරියේ දී තවත් වර්ණවත් අංග මෙයට එක් කෙරෙනු ඇති බවත් ය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ උපදේශක මේජර් ජෙනරාල් මිහිඳුකුලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම වැඩසටනහට මේ වන විටත් යහට්පත් ප්‍රතිචාර බොහෝ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති බව ය.
එමෙන්ම ආකේඩ් සහ නිදහස් චතුරශ්‍රයේ වත්මන් වටපිටාවට බාධා සිදු නොවන අයුරින් මෙය පැවැත්වෙන බව කී කුලසූරිය මහතා ඉදිරියේ දී අගනුවර ආශ්‍රිතව තවත් ස්ථානවල ද මෙම සංස්කෘතික වැඩසටහන පැවැත්වීමේ ඇති හැකියාව ගැන සොයා බලන බව ප්‍රකාශ කළේය.
Most Reading
-
- Friday, June 01, 2018කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව...
-
- Monday, August 22, 2016ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjf...
-
- Sunday, February 11, 2018ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපා...
-
- Saturday, February 24, 2018දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පස...
-
- Wednesday, September 28, 2016udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdc...