ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (21) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.Saturday, July 21, 2018
Home
Gossip Lanka News
චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරීම් අද ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ
චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරීම් අද ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ
-
Saturday, July 21, 2018
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (21) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි.
උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිර සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය.
එමෙන්ම රෝගී ඇදන් 200 කින් සමන්විත වාට්ටු සංකීර්ණය, රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර 100 කින් සමන්විත බාහිර රෝගි ප‍්‍රතිකාර ඒකකය, බාහිර රෝගි හා විශේෂිත වෘක්ක රෝගී සායන සංකීර්ණය හා වෘක්ක බද්ධ කිරීමේ සේවාව සඳහා අවශ්‍ය නවීන ශල්‍යාගාර 6 ක් මීට ඇතුළත්ය.
ආසන 200 කින් සමන්විත නවීන ශ‍්‍රවණාගාරයක් සහ වාහන 300 ක් ගාල් කළ හැකි රථ ගාලක් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් ඇතුළු පහසුකම්වලින් ද යුක්තය.
මාස 24 ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2020 ජූලි මාසයේදී ව්‍යාපෘතියේ කටයුතු නිමවනු ඇති.