Advertisements

Loading...

Gossip

චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකිනම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරයි.

වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමේ දේශපාලනය කරන ඇතැමුන් හැමවිටම සිටින්නේ වීදුරු ගෙවල්වල බව නොදැන සිටීම කනගාටුදායක තත්ත්වයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නීතියේ අධිපත්‍ය හිමි අධිකරණ පද්ධතියට පවා මැදිහත් වී අත පෙවීම් සිදු කරමින් අපරාධ යට ගසා ගැනීමේ උත්සාහයන් කිසිවෙකුට හෝ ඉඩ නොතබන බව ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා විශේෂ අධිකරණ පද්ධතියක් වහා ස්ථාපිත කොට තරාතිරම නොබලා කඩිනමින් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කර ඇති බවත් සඳහන් කරයි.

මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතාගේ බිරියඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ අරමුදලකට චීන සමාගමක් විසින් කෝටි ගණනක මුදල් ලබා දී ඇති බව හෙළි වී ඇතැයි ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ඒවා ව්‍යාපෘති වියදම් ලෙසින් ගණන් බලා රටේ ජනතාවගේ ණය මුදල් ලෙස අය කර ගෙන ඇති බව ද පෙන්වා දෙයි.

මෙවැනි වංචාවන් දූෂණ සහ අපරාධයන් වසා ගැනීම සඳහා ආගම්වාදය සහ ජාතිවාදය වපුරමින් කටයුතු කරන කණ්ඩායම්වලට ජනතාව විසින් ඉදිරියේ දී නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. ඒ උතුරු නැගෙනහිර පුදේශයන්හි සේවයේ නියුතු අනධ්‍යයන සේවකයන් මහත්ම මහත්මීන් සමඟ පැවැති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය .

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Advertisements

Loading...

GALLERY