BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 10, 2017

20 වැනි සංශෝධනයට සියලු ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ විරෝධය අපේක්‍ෂා කරනවා

වත්මන් ආණ්‌ඩුවේ සිටින සියලු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ තමා නායකත්වය දෙනු ලැබූ එක්‌සත් ජාතික පක්‍ෂ විරෝධී ඡන්ද ව්‍යාපාරයෙන් බැවින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ කෙරෙන 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට ඔවුන් විරුද්ධවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (09 වැනිදා) නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධවුවහොත් මෙම සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ නොලැබෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වුවහොත් සියලු පළාත් සභාවල ධුරකාලය 2019 ඔක්‌තෝබර් දක්‌වා කල් දැමෙනු ඇති බවත් ඡන්දයක්‌ නොපවත්වා පළාත් සභා ධුර කාලය දිගුකිරීම ජනතාවගේ පරමාධිපත්‍යයත්, ඡන්ද බලයත් අමු අමුවේ උල්ලංඝනය කිරීමක්‌ බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

« PREV
NEXT »