BREAKING NEWS
latest

728x90

468x60

Thursday, December 21, 2017

අක්බාර් ටවුන් යළිත් එඩේරමුල්ල 2වේ

මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල ප‍්‍රදේශය එඩේරමුල්ල 2 ලෙසින් නම් කිරීම අදාල අංශ සමඟ සාකච්ඡා කොට කමිටු නිර්දේශය ලබාගෙන වහා සංශෝධනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප‍්‍රකාශ කළේය.

ප‍්‍රදේශවාසින්ගේ අත්සන් සහිත සංදේශයක් රැගෙන අමාත්‍යවරයා හමුවට පැමිණි එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් හමුවේ අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එම නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා එම කොට්ඨාසය එඩේරමුල්ල ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අදාල කමිටු නිර්දේශය ලබාගෙන ඒ පිළිබඳව වන සංශෝධනය ඉක්මණින් ඉදිරිපත් කරන බව ද පැවැසී යැයි හෙතෙම සඳහන් කළේය.

මෙම බල ප‍්‍රදේශය අක්බාර් ටවුන් ලෙස නම් කිරීම තමන් විසින් හෝ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය විසින් ගත් තීරණයක් නොවන බවත් එය දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ නිර්දේශ සහිතව අශෝක පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු අභියාචනා විමර්ශන කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට ඇතුළත් කර ඇති බවත් පැවැසී යැයි ද සඳහන් කළේය.
« PREV
NEXT »