BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, June 13, 2018

බිලියන 50ක් රටට අහිමි කරමින් LNG බලාගාර ටෙන්ඩරය චීන සමාගමට

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව, ඒ සඳහා අවම ලංසුව ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හැර ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 50 ක අලාභයක් සහ මෙරට බලශක්ති සුරක්ෂිතතාවය බරපතළ අර්බුදයකට යොමු කරමින් චීන සමාගමක් වෙත ලබාදෙන ලෙසට එම චීන සමාගම විසින්ම කල ඉල්ලීම අනුමත කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) තීරණය කර ඇතැයි වාර්තා වේ. 

පසුගිය සමයේදී රටේ දැඩි ආන්දෝලනයක් ඇති කල මෙම විදුලි බලාගාරය ඉදිකිරීම හා සම්බන්ධ ටෙන්ඩරය ඊට අදාළ තාක්ෂණික සහ මූල්‍යමය ඇගයීම්වලින් අනතුරුව දේශීය සමාගමක් වෙත ලබාදීමට නිර්දේශ විය. 
විදුලි බල ජනනය, බෙදාහැරීම පිළිබඳ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ඉහළ දැනුමක් සහ විදුලිබල ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් සහිත විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවේ(TEC) සාමාජිකයින්, අවස්ථා හතරකදී සියලු ව්‍යාපෘති යෝජනාවන් පිළිබඳව සලකා බලා දේශීය සමාගමට ටෙන්ඩරය ලබාදිය යුතු බවත්, ඔවුන්ගේ ජනන සැලසුම ලංකා විදුලිය බල මණ්ඩලයට සහ රටට වඩාත්ම හිතකර යෝජනාව බවත් නිර්දේශ කර තිබේ.

පිළිවෙලින් 2017 ඔක්තෝම්බර් මස 12 වනදා, 2017 දෙසැම්බර් මස 04 වනදා, 2017 දෙසැම්බර් මස 20 වනදා සහ 2018 අප්‍රේල් 03 වනදා තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් මෙම නිර්දේශයන් සිදුකර තිබේ. 

එම නිර්දේශයන් සිදුකල සෑම අවස්ථාවකදීම, විදුලිය බල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම නිර්දේශයන් නොසලකා හරිමින් සිය මතය ලෙස මෙම ටෙන්ඩරය විදේශීය සමාගමකට ලබා දිය යුතු බවට විවිධ පාර්ශයවන් වෙත රහස්‍ය ලිපි මගින් දැනුම් දී ඇත. 

තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) සහ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශය නොසලකා හරිමින් විදුලිබල අමාත්‍යංශයේ ලේකම් B.M.S බඩගොඩ විසින් මුල සිටම ඊට දැඩි විරුද්ධත්වයක් දැක්වූ අතර මුලදී කොරියාවේ සැම්සුන්ග් සමාගම වෙත මෙම ටෙන්ඩරය හිමිකර දීමට ඔහු උත්සාහ කලද සැම්සුන්ග් සමාගමේ ටෙන්ඩරයේ පැවති බරපතළ දෝශ සහගත බව නිසා එම සමාගම ඉවත් කරන ලදි. අනතුරුව GCL China නම් සමාගම වෙත මෙම ටෙන්ඩරය හිමිකරදීම සඳහා ඔහු දැඩි ආයාසයක් ගනිමින් සිටියි. 

මාස ගණනාවක් පුරා ප්‍රමාදයට ලක්වූ ටෙන්ඩර් ක්‍රියාදාමයේ අවසන් අදියරට පැමිණ තිබියදී එම ටෙන්ඩරය හිමිවීමට තිබූ දේශීය සමාගම ඉන් ඉවත් කරන ලෙසත් ටෙන්ඩරය තමා වෙත ලබා දෙන ලෙසත් චීනයේ GCL China සමාගම විසින් අභියාචනාවක් මගින් ඉල්ලා සිටි අතර එය ජනාධිපති ලේකම් කාර්‍යාලය හරහා ක්‍රියාත්මක වන ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) වෙත යොමු කරන ලදි. 

එහිදී පෙරකී චීන සමාගමේ ටෙන්ඩරය අනුමැතියට සුදුසු බවත්, මෙම ටෙන්ඩරය ඔවුන්ට ලබා දිය යුතු බවටත් විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශයේ මතය ලෙස සඳහන් කරමින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) වෙත රහසිගත ලිපියක්ද ලබාදුන් අතර ඒ පිළිබඳව විශයභාර අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා කිසිදු දැනුවත් කිරීමක් ද සිදුකර නැත. 

මෙවන් කරුණක් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) වෙත යොමු වූ විටදී ඔවුනට එම ටෙන්ඩර් ක්‍රියාවලිය එම ටෙන්ඩරය සදහා අදාළ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලද නැත්ද යන්න පිළිබඳව පමණක් සොයා බැලිය හැකි අතර එම ටෙන්ඩරයට අදාළ තාක්ෂණික ඇගයීම්කරණ ක්‍රියාවලියට බලපෑම් කල නොහැක. මේ අවස්ථාවේදී ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) විසින් සිය මූලික රාජකාරිය ඉක්මවා ගොස් තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ ප්‍රසම්පාදන කමිටුවේ රාජකාරියද ඉටුකොට ඇත. 

නමුත් මෙහිදී විද්වත් මණ්ඩලයකගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) පවා මින් පෙරදී අනුමත කල ටෙන්ඩර් යෝජනාවක් ඉවත් කොට ඒ වෙනුවට මින් පෙර කිසිදාකවත් LNG විදුලි බලාගාරයක් ඉදිකර නැති චීන සමාගමකට ටෙන්ඩරය ලබා දෙන ලෙසට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) කරනු ලබන නිර්දේශයන් කිසිසේත්ම නීත්‍යානුකූල නොවේ. එසේ නිර්දේශ කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට (PAB) කිසිදු බලයක් නොමැත. 

මෙහිදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බඩගොඩ විසින් චීන සමාගම සහ ඔවුන්ගේ දේශීය එජන්තවරයා සමඟ එක්ව ඔහුගේ සමීපතම හිතවතෙකු වන KAS ගුණසේකර මුලසුන දරණ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) ට බලපෑම් කර ඇති බව මනාව පැහැදිලි වේ. GCL China සමගම එක් විදුලි ඒකකයක් සඳහා රු. 15.98 ක මුදලක් ද , ශ්‍රී ලංකික, ලක්දනවි සමගම විදුලි ඒකකයක් සඳහා රු 14.98ක් ද ලන්සු ලෙස ඉදිරිපත් කර ඇත. එනම්, ලක්දනවි සමගම ඒකකයකට රු 1ක් ලාභදායි වේ. විදුලි බලාගාර ඉදිකර පසු, වසරකට එකක මිලියන 2,500ක් ජනනය කිරීමට නියමිත වන බැවින්, චීන GCL සමගමට ටෙන්ඩරය ලබාදුනහොත් වසරකට රු මිලියන 2,500 ක පාඩුවක් ද, වසර 20 තුල රු මිලියන 50,000 ක පාඩුවක්ද සිදුවනු ඇත. රටට සිදුවන මෙම පාඩුව සුරේන් බටගොඩ හෝ KAS ගුණසේකර තම ගෙවල් වලින් ගෙනවිත් නොදෙන මුත්, රටේ මහජනතාවට ම ගෙවන්න සිදුවනු ඇත.

දැනටමත් මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය වෙත රුපියල් කෝටි හතකට වැඩි අල්ලසක් ලබාදී ඇතැයිද තොරතුරු වාර්තා වෙමින් තිබේ. රටට මෙතරම් පාඩුවක් සිදුකරමින්, චීන සමාගමකට බලාගාරය ලබාදීම පිටිපස ඇති අති විශාල මුදල් ගනුදෙනු සාක්ෂි සහිතව ලඟදීම හෙළිදරවු කරන්නෙමු.


« PREV
NEXT »