BREAKING NEWS
latest

728x90

468x60

Sunday, June 10, 2018

මන්ත්‍රී රවී - යළිත් ඇමති රවී වෙයි

එල්ල වූ චෝදනා මත ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායකට මහතාට එළැඹෙන සතියේදී යලිත් ඇමති ධුරයක් ලබා දීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පලවෙයි.


ඒ සමගම තවත් එජාප පසුපෙල මන්ත‍්‍රින් 06 දෙනෙකුට නියෝජ්‍ය ඇමති ධුර ලැබෙනු ඇතැයිද සදහන්ය.

එක්සත් ජාතික පක්‍ෂයෙන් කර ඇති යෝජනාවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විරෝධයක් පලව නැති බවටද වාර්තාවන්හි සදහන්ය.

මේ අතර කරුණානායක මහතා සම්බන්ධයෙන් චෝදනා ඇත්නම් මාස දෙකක් තුල ඒවා ගොනු කරන ලෙස දන්වා තිබූ අතර එළැඹෙන 15 වැනිදායින් එම කාලය අවසන් වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වී ඇත්තේ කරුණානායක මහතාට කැබිනට් ඇමති ධුරයක් ලබා නොදීමට තරම් කාරණාවක් නැති බවද එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.
« PREV
NEXT »