BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, July 04, 2018

විනීතා දමයන්ති සිසුවියට ජනපතිගෙන් කෘතිම අතක්

සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන උපතින්ම අතක් අහිමි එන්. පී. විනීතා දමයන්ති සිසුවිය තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට සහය වන ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම ඉටු කරමින් එම දියණිය වෙත කෘතිම අතක් ලබාදීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.



2017 වසරේ දෙසැම්බර් 31 වනදා සිරිපුර ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකදී ජනාධිපතිතුමා හමු වූ මෙම දැරිය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි.

ශ්‍රි.ල.නි.පයේ නව මාධ්‍ය ප්‍රකාශක ධූරය මහින්ද සමරසිංහට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කරනු ලැබ ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ (02) රාත්‍රී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ආණ්ඩුවෙන් ඉවත්වු 16 කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාය.

විජයකලා ඉවත් කරන්න යැයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

පරීක්ෂණ අවසන්  වන තුරු  රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොටි කතාව විජයකලා කීවේ හිතේ අමාරුවට අවේගයෙන් බව අකිල කියයි

නැවතත් කොටි සංවිධානය නැගිටීම අවශ්‍ය යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී පැවසුවේ හිතේ අමාරුවට යයි එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


එවන් ප‍්‍රකාශයක් කලේ මන්දැයි මහ ලේකම් ලෙස තමන් ඇයගෙන් විමසු බවත් යාපනයේදී දැරියක් දුෂණය කර ඝාතනය කර තිබූ නිසා ඒ හිතේ අමාරුවට ආවේගයෙන් එස් කියු බව ඇය පැවසූ බවත් ඇමතිවරයා සදහන් කරයි.

Tuesday, July 03, 2018

විග්නේෂ්වරන්ගේ ඉරණම - දිනසේන රතුගමගේ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට ඊළඟට තරග කිරීමට සී. වී. විග්නේෂ්වරන් මහතාට අවස්‌ථාව ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ සෑම අයකුම කියා සිටියේය.

මුලින්ම මේ කතාව කියන ලද්දේ එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. ඊළඟට මාවෛයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ද ඒ කතාවම තවත් තීව්‍ර කරමින් හැඩ වැඩ දමමින් කැටයම් ද කපමින් කියන ලද්දේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ සමඟම විග්නේෂ්වරන් මහතා පිළිබදව සියලු දෙනාම කතා කරන්නට පටන් ගැනීමත් සමඟම ඔහු ද ඒ කියමන් නිකම්ම නිකන් ගලා යන්නට ඉඩ නොදුන්නේය. ඔහු කියා සිටියේ තමන් දේශපාලනයෙන් සමුනොගන්නා බවත් තමන්ට උතුරේ දේශපාලන කටයුතු කරගෙන යැම සඳහා අවශ්‍ය තරම් දේශපාලන පක්‌ෂ තිබෙන බවත්ය.

Monday, July 02, 2018

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් විසින් මුදල් ඇමති මංගලත් නොමග යැවීමේ උත්සාහයක්

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් ව්‍යාජ තොරතුරු ඇතුලත් කරමින් සකස් කල වාර්තාවක් මත පදනම් වී මුදල් අමාත්‍යවරයා විසින් කෙරවලපිටිය මෙගාවොට් 300 එල්.එන්.ජී බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරය වෙත නිරීක්ෂණයන් ලබා දී ඇති බව පාරිභෝගික අයිතීන් පිළිබඳ ජාතික ව්‍යාපාරය චෝදනා කලා. ඒ අද (02) පැවති මාධ්‍ය හමුවකදී. 

ආන්දෝලනාත්මක කෙරවලපිටිය බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය තාක්ෂණික ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයන් නොතකා චීන සමාගමක් වෙත පැවරීමට විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් කටයුතු කරමින් සිටින අතර විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් ඒ සදහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

විද්වතුන්ගේ දායකත්වය ඇතිව සංවර්ධන ව්‍යාපෘතිවල ඵලදායිතාව ඇගයීමට ජාතික ප්‍රතිපත්තියක්

සෑම වර්ෂයකම රජය විසින් රටපුරා විවිධ සංවර්ධන ව්‍යාපෘති 1,300ක් පමණ ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවා අතුරින් 1/3ක් පමණ ව්‍යාපෘති, රුපියල් මිලියන 500කට අධික පිරිවැයක් යොදමින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ ව්‍යාපෘති වශයෙන් හඳුනාගත හැකිය.

මෙම ව්‍යාපෘතිවලට අමතරව පළාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය හා පළාත් පාලන මට්ටමින් කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක්ද ක්‍රියාත්මක කරනු ලැබේ.

අපි කරන වැඩ ගැන මාධ්‍ය කතා කරන්නේ නෑ - හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයා නොකරපුවා අපි කරනවා - අගමැති

වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින මහනුවර, පන්විල, කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.


එහිදි අගමැතිවරයා... වතු කම්කරු ඉතිහාසයේ පළමු වරට පර්චස් 7 ක ඉඩමක හිමිකරුවන් බවට පත්කිරීමේ අයිතිය පිරිනැමීම අපි අද කළා ඒත් දැන් මට බනිනවා, අදත් මවුබිම මට බැනලා දාලා තිබුනා, මම මොනවා කරන්නද හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයට මේවා දෙන්න බැරි උනා කියලා මම පලිද ?

රනිල් එලවා මහින්ද රාජපක්‍ෂ අගමැති කරන්න සියලු සැලසුම් සූදානම් බව ඩිලාන් කියයි

මීලගට පැවැත්වෙන මහ මැතිවරණයට පෙර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙරට අගමැතිවරයා ලෙස පත් කිරීම සදහා සියලු උපක‍්‍රම යොදාගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Sunday, July 01, 2018

තවත් පරක්කු නොකර ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන්න - නැත්තම් හැරයනවා - විමල් මහින්දට තග දායි

ඒකාබද්ද විපක්‍ෂය ප‍්‍රධාන සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයා කවුදැයි තවත් ප‍්‍රමාද නොකර නම් කරන්නැයි හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.


ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වේලාසන ප‍්‍රකාශ කිරරීමන් ඔහු ආණ්ඩුවේ මර්දනයට ලක්වීමේ අවදානමක් ඇතැයි පවසමින් එය ප්‍රමාද කිරීමෙන් එම අවදානම පහව යන්නේ නැතැයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.