BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 30, 2018

දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානී ජනපති හමුවෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානී, ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාත් (General Zubair Mahmood Hayat) මහතා (28) පස්වරුවේ පොළොන්නරුව නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වී සුහද කතා බහක නිරත විය.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනාව පරිදි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප‍්‍රධානියා ශි‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වෙයි.

චීනය මහින්දට දුන් මිලියන 7.6 ගැන ජනාධීපති කොමිසමක් ඉල්ලයි

“රාජපක්ෂලා හොරු කියලා මේ ආණ්ඩුව කියනවානම්….ආණ්ඩුවට හොරු එක්ක ඩීල් එකක් නෑ ඩීල් එක තියෙන්නේ රටේ ජනතාව එක්ක කියලා ආණ්ඩුව කියනවානම් මේ රට චීනයට උගස් තියපු ආකාරය ගැන සේවිම සදහා වහාම ජනාධිපති කොමිසමක් පත් කිරිමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසයි.

වෙබ් අඩවි ඇතුලු මුද්‍රිත/ විද්යුත් නාලිකා හරහා අනාවරණය කරන දුෂණ වංච සම්බන්ධයෙන් පරික්ෂණය කිරිම පසෙකලා එම තොරතුරු අනාවරණය කල මාධ්‍යවේදීන් පසුපස හබා යෑම පාලක පක්ෂයේ සාමාන්‍ය සිරිත වි ඇති බවයි 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය (NMWJ) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID)පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ.

Friday, June 29, 2018

මෛත‍්‍රීද..? මහින්දද..? බලය උරගාන තීරණාත්මක සටනක් සදුදා පස්වරුවේ

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාට අතිශය තීරණාත්මක තෝරාගැනීමක් එළැඹෙන සදුදා දිනයේ උදා වෙයි.


එනම් එදිනට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් හමුව හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නිලධාරී හමුවක් යොදා තිබීමයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්

ලොව පුරා මහත් අපකීර්තියට පත් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ උපන්බිම වූ ඔස්ට්‍රියාව මෙන්ම හිට්ලර් විසු ජර්මනියේ පවා හිට්ලර් මෙන්ම හිට්ලර් විසින් ක්‍රියාත්මක කළ ෆැසිස්ට්වාදී පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන සමයක ඇතැම් පිරිස් මෙරට හිට්ලර් පන්නයේ පාලනයක් අපේක්ෂා කරමින් අදහස් ප්‍රකාශ කිරීම තරයේ හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (28) පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවා. 

ජර්මනිය වර්තමානයේ දී ලොව පුරා රටවල ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම් ඇති කිරීම වෙනුවෙන් විශාල වශයෙන් ආධාර අනුබල ලබා දෙමින් සිටින්නේ හිට්ලර්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ ෆැසිස්ට්වාදී පාලන ක්‍රමයක ඇති මනුශ්‍යත්වය නිගා දෙන කෘර අත්දැකීම් පිළිබඳව අවබෝධ කරගෙන ඇති බැවින් බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැහැදිලි කළා.

එසේම නිදහස් මිනිසුන් ජීවත්වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් සහිත අපගේ රටට එවැනි ෆැසිස්ට්වාදී පාලන ක්‍රමයක් ඇතිකිරීමට සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරේ විශ්වාසය තබන මෙරට ජනතාව කිසිසේත් ඉඩ නොදෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

Thursday, June 28, 2018

දේශපාලන අතපෙවීම්වලට විරුද්ධව ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිල්ලක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුර සඳහා සුදුසුකම්ලාභින් විධිමත් සමුමුඛ පරීක්ෂණයකින් පසු තොරා ගැනුන ද එම ලැයිස්තුව පසෙක දමා දේශපාලන අතපෙවීම් මත එම තනතුර සඳහා වෙනත් පුද්ගලයින්ට පත්වීම් ලබා දෙන බවට පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාවෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

මෙම පැමිණිල්ල කර ඇත්තේ අදාල තනතුර සඳහා විධිමත් ක්‍රමවේදය යටතේ තේරී පත්ව ඇති 116 දෙනෙකු විසිනි. එම 116 දෙනාගේ ලැයිස්තුවත් දේශපාලන අතපෙවීම් මත ඇතුලත් කිරීමට උත්සාහ දරන බවට කියන 66 දෙනෙකුගේ ලැයිස්තුවකුත් පැමිණිලිකරුවන් විසින් ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කර ඇත. ළමා රක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනී නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය විසින් මෙම කරුණ සම්බන්ධව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක ද මේ සම්බන්ධ තොරතුරු ඇතුලත්ව තිබේ.

මං ඇමතිවරයෙක්.. - නි. ඇමති තෙවරප්පෙරුම ප‍්‍රසිද්ධියේ STF බලඇණියකටම ගොරවයි

නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර උණුසුම් සංවාදයක් සූරියවැව ප‍්‍රදේශයේදී ඇතිවිය.

Wednesday, June 27, 2018

සහන පොලි ණය ව්‍යාපෘතියක් කරලියට - පොලිය ගෙවන්නෙ ආණ්ඩුවෙන්

නව ආර්ථිකයේ එන්ජිම බවට පත්කරගන්නේ අපේ රටේ සිටින දක්ෂ ව්‍යවසායකයන් වන බැවින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊළඟ වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් අලුතින් බිහිකර ගැනීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” සහන පොලී ණය ව්‍යාපෘතියේ ප්‍රධානම අපේක්ෂාවයි. එසේම දැනටමත් ව්‍යවසායකයන්ව සිටින පිරිස් තවතවත් දිරිමත් කිරීම ද මෙහි තවත් අරමුණකි.

අංශ ගණනාවක්

ගොවි ජනතාවට, ධීවර කර්මාන්තයට, පශු සම්පත් නිෂ්පාදකයින්ට, ගෙවතු වගාකරුවන්ට, අත්කම් ඇඟලුම් නිෂ්පාදකයන්ට සහ සංචාරක ක්ෂේත්‍රයේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 750 ක් දක්වා ණය ලබාදෙන වැඩසටහන් ‍පහළොවකට වඩා මෙතුළින් ක්‍රියාත්මක වෙනවා.

Tuesday, June 26, 2018

ගාලු කොටුවේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන 14ක් වෙනත් ස්ථානයකට ගෙන යෑමට සාකච්ඡා

ගාලු උරුමය පදනම යටතේ ගාලු කොටුවේ පවතින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන 14ක් වෙනත් ස්ථානයකට ගෙන යෑම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි මස 24 දින සවස ගාල්ල සමුද්‍ර කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

සිංගප්පූරු ගිවිසුමට විවාදයක් : මලික්ගෙන් අනුනාමිහිට සංදේශයක්

ශ්‍රී ලංකා රාජ්‍ය හා සිංගප්පූරු රජය අතර අත්සන් කෙරුණු වෙළඳ ගිවිසුම පිළිබඳ දි‍නෙක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තුෂාණි රෝහණධීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ දිනේෂ් ගුණවර්ධන මහතා මේ ඉල්ලීම් ලිඛිතව කර තිබෙන බවයි.

විවාදය බොහෝ දුරට ලබන 18 වැනි දා පැවැත්වෙන ඇතැයි ද රෝහණධීර මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමේ තොරතුරු කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි ඒකාබද්ධ විපක්ෂය පසුගියදා රජයට චෝදනා කළේය. 

හිට්‌ලර් කතාවට ගෝඨා උත්තර දෙයි - මහින්ද ජනපතිවරණය ඉල්ලන්න කියල තවම කිවුවෙ නෑ

බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක්‌ කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥවක්‌ ඇති මිනිසුන්ට බවත් තමන් වැනි සාමාන්‍ය පුද්ගලයකුගේ නිවසේ පැවැති පිංකමකදී අස්‌ගිරි අනුනාහිමියන් පෞද්ගලිකව තමන්ට පැවැසූ දේ පිළිබඳව දේශපාලනඥයන් විවිධ කතා මතුකරනුයේ අනුනාහිමිට විරුද්ධව නම් එය ඉතා නුසුදුසු ක්‍රියාවක්‌ බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසීය. 

පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකයේ දැනුම් දීමකට අනුව ඊයේ (25දා) පෙරවරුවේ එහි පැමිණ ප්‍රකාශයක්‌ ලබා දීමෙන් අනතුරුව හිටපු ආරක්‌ෂක ලේකම්වරයා මාධ්‍ය හමුවේ එසේ සඳහන් කළේය.

Monday, June 25, 2018

ක්‍රීඩකයින්ට විතරක් බැනලා වැඩක් නැහැ. ආචාර්ය ධර්ම උල්ලංඝණය කිරීම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ උඩ සිටම සිදු වෙනවා. - ඇමැති අර්ජුන

ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර්ය ධර්ම උල්ලංඝණය කිරීම සහ ජීව ගුණයට හානී කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩයින්ට පමණක් බැන වැදීමෙන් ඵලක් නොවන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා අවධාරණය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර්ය ධර්ම උල්ලංඝණය කිරීම අද වේගවත් කර ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්ම වන බවයි. අමාත්‍යතුමා මේ බව කියා සිටියේ මීරිගම ගනේගොඩ බොකලගම පේෂ කර්මාන්ත ක්‍රීඩා පිටියේදී අද පැවැති ක්‍රීඩා උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් අමතමිනි. “සේව් ද ස්පෝර්ට්ස් ගමින් ගමට” යන නමින් නම් කර තිබූ එම උත්සවය සංවිධානය කර තිබුණේ සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය විසිනි. එහිදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේද කියා සිටියේය.

විනාඩි 30න් මාලඹේ සිට පිටකොටුවට එන්න පුළුවන් වෙන වැඩකට ආණ්ඩුව අතගසයි

විනාඩි 30ක් තුළ මාලඹේ සිට පිටකොටුවට ළඟා විය හැකි සැහැල්ලු දුම්රිය මාර්ගය මෙම වසර අවසානයේදී ආරම්භ කිරීමට කටයුතු කරන බව බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පොහොට්ටුවේ ජනාධිපති අපේෂකයා බැසිල් රාජපක්‍ෂ ?

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා නම් කරන්නේ නම් තමන් ඉතාම සතුටු වන බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.


මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන පුද්ගලයෙකුට තම සහයෝගය ලබා දීමට සූදානම් බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

Sunday, June 24, 2018

20 ගෙනාවොත් රටම අරාජික වෙනවා - ඇමැති විජයදාස කියයි

මේ දිනවල වැඩි වශයෙන් ම ඇසෙන දේශපාලන මාතෘකා අතර සයිටම් අර්බුදය සහ 20 වැනි සංශෝධනය ප්‍රධානය. උසස්‌ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා මේ අදහස්‌ දක්‌වන්නේ එකී අර්බුදයන් හා වර්තමාන දේශපාලන වාතාවරණය ගැන ය.

ප්‍රශ්නය - පහුගිය කාලයේ ඔබ කියපු දේවලුයි මෑතකාලීනව ඔබ කරපු දේවලුයි අතර බරපතළ පරස්‌පරයක්‌ තියෙන බව අපට පේනවා. වරක්‌ ඔබ කිව්වා මේ රජයේ කැබිනට්‌ මණ්‌ඩලයේ ඇමැතිවරයකු ලෙස සිටීම පවා ලඡ්ජා සහගතයි කියලා. එවිට එජාපයේ තරුණ මන්ත්‍රීවරු ඔබව තදබල දෝෂාරෝපණයන්වලට ලක්‌ කළා. ඇමැති මණ්‌ඩලයෙන් ඉවත් වෙන්න රජයෙන් ඉවත් වෙන්න කියලා ඔබට බලපෑම් කළා. ඒවා කෙළවර පක්‌ෂයෙන් ඔබව ඇමැති ධුරවලින් පවා ඉවත් කළා. අපි අද ඒව ගැන අහන්නේ නැහැ. නමුත් ඔබ කොහොමද අද කොතැන වැඩ කරන්නේ....?