BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 26, 2017

සියල්ල සනාත වූවාද? ඇමතිකම අහිමි වූ විජේදාස, මහින්ද සමඟින් එකට එක්වෙයි..!

එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීරණය අනුව පසුගියදා විජේදාස රාජපක්ෂ මහතා ඔහු දැරූ ඇමති ධූරයෙන් ඉවත් කරනු ලැබුවා. එයට හේතු වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ පිරිස් ආරක්ෂා කිරීමට ඔහු නීතිය ක්‍රියාත්මක නොකරන බවට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක්ම චෝදනා එල්ල කිරීමයි.

රාජිත රකින්න රවී රාජිතගේ දෙසට


ඒකාබද්ධ විපක්ෂය රාජිත සේනාරත්න ඇමැතිට එරෙහිව ගෙන එන්නට සුදානම් වන විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක ඡන්දයකින් පරදවා සේනාරත්න මහතාගේ විශ්වාසය තහවුරු කරන බව පාර්ලිමේන්තු රවි කරුණානායක මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (25) පැවසීය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය හා පසුපෙළ මන්ත‍්‍රීවරුන් 9 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්වූයේ රාජිත සේනාරත්න මහතාට සහය පළ කිරීම සඳහාය. 

නඩුවලට මම ඔට්‌ටුයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක කියයි

ඕනෑම නඩුවකට මුහුණදීමට තමන් සූදානම් බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ට ඊයේ (25 දා) ප්‍රකාශ කළේය.

කොටින් 87දෙනකු නිදහස්‌ කරන්නැයි උතුරු පළාත් සභාවේ 'ඩෙඟා' නැටිල්ලක්‌

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටින් 87දෙනකු වහාම නිදහස්‌ කරන ලෙසත් හමුදාව උතුරේ දැනට සිටින ඉඩම්වලින් ඉවත්ව යා යුතු බවත් දක්‌වමින් උතුරු පළාත් සභාවේ සියලු මන්ත්‍රීවරුන් පළාත් සභාවේ උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත.

20 ට පිටුපෑ ඌවේ එජාප මන්ත්‍රීන්ට විනය පියවර

පළාත් සභා සියල්ලේම මැතිවරණය එකම දිනෙක පැවැත්වීමට අදාළ යෝජනාව සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ඌව පළාත් සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්‍ෂ නායකත්වය තීරණය කර ඇත.

Friday, August 25, 2017

නව අධිකරණ ඇමතිනිය හා බුද්ධශාසන අමාත්‍යවරයා දිවුරුම් දෙයි

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය නව අධිකරණ අමාත්‍යවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තාවේ.

නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට

නීතිපති දෙපාර්තමේන්තුව යලි ජනපති යටතට ගැසට් කිරීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පසුගිය පාලන සමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ රඳවා ගෙන සිටි නීතිපති දෙපාර්තමේන්තුව, යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අධිකරණ අමාත්‍යවරයා යටතට පත් කරනු ලැබුවේ, රාජපක්ෂ පාලන යුගයේදී නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති කාර්යාලය හරහා මුළුමනින්ම දේශපාලනීකරණය කරන ලදැයි සිවිල් සංවිධාන විසින් කල චෝදනා සැලකිල්ලට ගනිමිනි.

කෙසේවුවද බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසමේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියාකළ ආකාරය එජාප නායකත්වයේ දැඩි විවේචනයට ලක්වූ අතර, තමා ඇමැතිධුරයෙන් ඉවත්කලේ බැඳුම්කරයට අදාළ දුෂණ චෝදනා වලින් ඇතැම් එජාප නායකයින් බේරා ගැනීම සඳහා යයි හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබිණ.

Thursday, August 24, 2017

මුදල් ඇමති ලාභ බෙදයි අඩු වුන බදුවලට වැඩිපුර GB

එළඹෙන සැප්තැම්බර් 01 වනදා සිට දත්ත මත පනවා තිබූ දුරකතන බදු ඉවත් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී විදුලිසංදේශ මෙහෙයුම්කරුවන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙය මෙරට විදුලිසංදේශ කර්මාන්තය වෙනුවෙන් රජය විසින් ගනු ලැබූ වැදගත් තීරණයක් බවයි.

මම අයින් වුණේ නෑ අයින් කළා - ඉදිරි ගමන ළඟදීම ප්‍රකාශ කරනවා - හිටියත් එකයි නැතැත් එකයි

සිය ඇමැතිධූරයෙන් ඉවත් කරනු ලැබූ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද(23) පස්වරුවේ තමා භාරයේ තිබූ අමාත්‍යංශ දෙකට පැමිණ කාර්ය මණ්ඩලවලට සමුදුන්නේය.


ඒ අතර, ඔහු සිය අමාත්‍ය ධූරය වෙනුවෙන් ලැබුණු භාණ්ඩ සහ වාහන යළි අමාත්‍යංශයට බාර දී ඇති බව වාර්තා වේ.

අයින් වුණේ නෑ අයින් කළා :

තමා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවුණ බවත් එයින් ඉවත් කළ බවත් අධිකරණ හා බුද්ධශාසන හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසීය.

ඇමති රාජිතට එරෙහිව විශ්වාසභංගයක්‌

චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා පැවැසුවේය.

රජයේ තක්‌සේරු මුදලට වඩා අඩු මිලට මෝදර ධීවර වරාය බදු දීම, අල්ලස්‌ කොමිසම හමුවේ ඇති පරීක්‌ෂණවලට පෙනී නොසිට මඟ හැර සිටීම ඇතුළු චෝදනා හතක්‌ රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇතැයිද සොයිසා මහතා කීවේය.

දළදා මැදුරේ රන්වියන පුර්ණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජනපතිගෙන් මිලියන 45 ක්

ඓතිහාසික දළදා මාලිගාවේ දන්ත දාතුන් වහන්සේට වියනක් ලෙස ඉදිකර තිබෙන්නාවූ රන් වහල දිවංගත ගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පුජා කරන ලද්දකි. එතෙක් මෙතෙක් කාලය තුලදී මෙම රන් වියනට නැවත වතාවක් පුර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කොට නොමැත.

Wednesday, August 23, 2017

නව අධිකරණ ඇමතිනී තලතා - බුද්ධ ශාසන ඇමති රවීන්ද්‍ර

නව අධිකරණ ඇමැතිනී ලෙස තලතා අතුකෝරල මහත්මියද බුද්ධ ශාසන අමාත්‍ය ලෙස රවීන්ද්‍ර සමරවීරද 23 බදාදා ජනපති ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව එම ඇමති ධූර දෙක හෙබවූ විජයදාස රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් කරන ගැසට් නිවේදනයක් නිකුත් කරන්නටද නියමිත අතර ඒ අනුව නිරායාසයෙන්ම එම ධූර අහිමිව යයි.

අනේ මට සමාවෙන්න - නෙරපන්න එපා බැරිනම් මම ඉල්ලා අස්වෙන්නම් - විජේදාස ජනපති අගමැති ඉදිරියේ බැගෑපත් වෙයි

ඇමති විජේදාස අගමැතිවරයා දුරකතනයෙන් අමතා සමාව ඉල්ලා ඇති බව වාර්තාවේ. අප ආරංචිමාර්ග සදහන් කල ආකාරයට අගමැතිවරයා ප්‍රකාෂ කර ඇත්තේ තමාට තනිවම තීරනයක් දීමට හොහැකි බවත් කෘත්‍යාධීකාරී මණ්ඩලයෙන් සමාව ගතයුතු බවත්ය.


පසුව ජනපති හමුවීමට ගොස් ඇති අතර මෙය විසාදා දෙන ලෙස බැගෑපත්වී ඇත. ජනපතිවරයාද එය තුට්ටුවකට මායිම් නොකර ඇති බව වාර්තාවේ.



පසුව හිටපු ඇමති විජේදාස ප්‍රකාෂකර ඇත්තේ එසේනම් ලැජ්ජාව වසා ගැනීමට අද දවස (23) ඉල්ලා අසවීමට ලබාදෙන ලෙසයි.

මාර්ග ව්‍යාපෘති හයක් සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්- කැළණි ගඟ හරහා නව පාලමක් - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් 2017 වසරේ ඔක්තෝබර් මස ඉදිකිරීම් අරම්භ කිරීමට නියමිත බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ප්‍රධාන මාර්ග ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතකරගැනීම සඳහා විවාදයට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

Tuesday, August 22, 2017

ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ නොකිරීමෙන් විමර්ශන කොටඋඩ!

බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සේවා කාලය දීර්ඝ කිරීමට මේ වනතුරු කටයුතු නොකිරීම නිසා මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු අවසන් කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පැවසීය. 

බරපතළ වංචා විමර්ශන කොමිසමේ සේවා කාලය ලබන මස 03 වැනිදායින් අවසන් වීමට නියමිතය.

ජනාධිපති කොමිසමේ සේවා කාලය දීර්ඝ කිරීම සති දෙකකට පමණ පෙර දැනුම් දීම සාමාන්‍යයෙන් සිදුවන නමුත් මේ වනතුරු එවැනි දැනුම් දීමක්‌ කර නොමැති බව එම කොමිසමේ ආරංචි මාර්ග කියා සිටී.

නව දේශීය ආදායම් පනත සිකුරාදා පාර්ලිමේන්තුවට

නව දේශීය ආදායම් පනත් කෙටුම්පත මේ සිකුරාදා (25 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. දැනට රටේ බදු ආදායමින් වැඩි බදු බරක්‌ දරන්නේ දුප්පත් ජනතාව බවත්, ඒ තත්ත්වය වෙනස්‌ කර සෘජු බදු ආදායම වැඩි කර ගැනීම සඳහා මේ නව පනත ඉදිරිපත් කරන බවත් ඊයේ (21 දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී මුදල් ඇමැතිවරයා කීවේය.

නඩු ප්‍රමාද කළේ අධිකරණ ඇමැතිවරයායි

නඩු ප්‍රමාද කළේ අධිකරණ අමාත්‍යවරයා බවත් ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් යළි විමර්ශනයක් සිදු කළ යුතු බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

දොම්පේ කිරිඳිවැල නව බස් නැවතුම්පල විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) පස්වරුවේ පැවැත්විණි. එම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ අදහස් පළ කරන ලදී.

අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට හැකිවීම පිලිබඳ අපි ආඩම්බරයි - ලක්ෂ්මන් කිරිඇල්ල

බ්‍රිතාන්‍ය වැනි රටවල රජය ශිෂ්‍යයෙකුට උසස් අධ්‍යාපනය ලබාදෙන මුදල නැවත රජයට අයකර ගන්නවා. ශ්‍රී ලංකාව මහා බි්‍රතාන්‍ය වැනි  පොහොසත් රටක් නොවුනත්,  අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට හැකිවීම පිලිබඳ අපි ආඩම්බර වීමට හැකි බව යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ 25 වැනි සංවත්සර උත්සවයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා එක්වෙමිනි.

මිල්ලනිය කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට පහසුකම් සපයන්න අගමැතිගෙන් නියෝගයක්

මාස තුනක් ඉක්මයෑමට පෙර කළුතර, මිල්ලනිය අපනයන කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට අවශ්‍ය මූලික පහසුකම් සපයාදීමට ක්‍රියා කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Monday, August 21, 2017

ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියෙන් 2025 දී ණය බර අවසන් කරනවා අගමැති කොටපොළ දී කියයි

වත්මන් යහපාලන ආණ්ඩුව ගෙන යන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය නිසා 2025 වන විට මේ රටේ ණය බර සම්පූර්ණයෙන්ම නිමා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ රටේ පවතින ණය බර ඊළඟ පරම්පරාවට ගෙවීමට කිසිදු ලෙස ඉඩ නොතබන බවත් 2025 දී ණය බරෙන් නිදහස්වීමට අදාළ ආර්ථික කළමනාකරණයේ පදනම යහපාලන ආණ්ඩුව තබා අවසන් බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශවලට ලබාදුන් සහනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා කොටපොළ සමුපකාරයේ දී පසුගිය (18) පැවැති උත්සවයකට සහභාගී වෙමින් එසේ කී රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී ආණ්ඩුව ලබා ගන්නා විට රටේ ණයවල පොලියවත් ගෙවීමට හැකියාව නොතිබූ බවත් ආර්ථික කළමනාකරණය නිවැරැදිව කළ නිසා ආපදාවක දී මුහුණදීමට තරම් මුදල් සොයා ගැනීමට හැකි වූ බවත් කියා සිටියේය.

අජාගේ දුවගේ මගුලේදී මර්වින් යළි නාමල්ට සෙට්වෙයි

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජක්ෂ මහතා පසුගිය (18) රාත්‍රියේ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී හමුවී ඇතැයි වාර්තා වේ. ඔවුන් එහිදී බදාගෙන අත්වලින් අල්ලාගෙන කතාබස් කර ඇති බව පැවසේ.

මේ හමුව සිදුව ඇත්තේ එම හෝටලයේ පැවැති “අජා” නම් ව්‍යාපාරිකයාගේ දියණියගේ විවාහ මංගල්‍ උත්සවයේදීය.

සයිටම් එකට තවත් වෛද්‍ය සිසුන් 300ක්‌ ගන්නවා

සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව කවුරු මොනවා කිව්වත් තවත් සිසුන් තුන්සිය දෙනකු (300) ඔක්‌තෝබර් මාසයේදී ආයතනයට බඳවා ගන්නා බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (20 දා)  කියා සිටියේය.

සංවර්ධන සහකාරවරු 20,000ක් බඳවා ගැනෙති

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහා නව සංවර්ධන සහකාරවරුන් විසිදහසක් බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

එම නව නිලධාරීන් විවිධ ක්ෂේත්‍ර යටතේ සේවය සඳහා යොදවන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජය භාර ගන්නා අවස්ථාවේදී තිබූ ණය බර පසුගිය දෙවසර තුළ සාර්ථකව පාලනය කිරීම නිසා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳීමට අවස්ථාව ලැබී ඇතැයිද කීය. කුඩා සුළු හා ව්‍යවසායකයින් මෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් දියුණු කිරීමට අවශ්‍ය දැනුම, පුහුණුව මේ නිලධාරීන්ට ලබාදෙන බවත්, ඉන්පසු ඔවුන් සේවයේ යොදවන බවත් කී අගමැතිවරයා එම තනතුරු සඳහා දැනටමත් අයැදුම්පත් කැඳවා ඇතැයිද කියා සිටියේය.

විජේදාස අද සවස 6.30ට කල් පනියි ?

කැබිනට් මණ්ඩලයේ සාමුහික තීරණය කඩකරමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කර ඇතැයි කියන ප්‍රකාශය නිවැරදි කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ලබාදී ඇති කාලය අද (21) සවස 6.30ට අවසන්වේ.

'හම්බන්තොට වරාය ආපසු අරගෙන තමයි පස්ස බලන්නේ' යනුවෙන් තමා ප්‍රකාශ නොකළ බව කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ ඔහු සඳහන් කළ අවස්ථාවේ, එසේ නම් 21 දා වන විට එය නිවැරැදි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඔහුට ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් ඊයේ (20දා) වන විටත් අධිකරණ ඇමැතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එජාප ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් පැවසිය.

Sunday, August 20, 2017

ශ්‍රීලනිපය නැති ආණ්‌ඩුවක්‌ එජාපෙ සැලසුමක්‌ ?

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ සම්මුතිවාදී ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යනවා වෙනුවට ක්‍රියාකාරී එක්‌සත් ජාතික පෙරමුණු තනි ආණ්‌ඩුවක අවශ්‍යතාව මේ වන විට මතුව ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයෝ අගමැතිවරයා වෙත යෝජනා කර ඇත.
පසුගිය මහ මැතිවරණයෙන් ජනවරම ලැබුණේ ශ්‍රීලනිපයට නොව එක්‌සත් ජාතික පෙරමුණට බවත් එබැවින් ආසන 106 ක්‌ වන පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි එක්‌සත් ජාතික පෙරමුණ තනිව ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බවත් ඔවුන්ගේ මතය වී තිබේ.

SLFP සංවත්සරය කල් යයි

උසස් පෙළ විභාගය හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පැවැත්වෙන දිනය වෙනස් කළ බව එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.