BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 30, 2017

රෝහින්ග්‍යා ප්‍රහාරයට පසුදා ජනපතිගේ නොබෙල් නාම යෝජනාව ගැලවේ

නොබෙල් සාම ත්‍යාග ප්‍රදානය සඳහා නිර්දේශිත පුද්ගල ලැයිස්තුවේ මාස හතක කාලයක් තිබුනු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නම ඉවත් කර තිබේ.


පෙබරවාරියේ සිට සාම සම්මානයට සුදුස්සන්ගේ ලැයිස්තුවේ තිබු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නම ගල්කිස්ස රෝහින්ග්‍යා ප්‍රහාරයට පසුදා එම ලේඛනයෙන් ඉවත් කර ඇත.

ගම්මන්පිලගේ ඕස්ට්‍රේලියාවේ සුපිරි නිවාස සංකීර්ණයක් ගැන කතාවක් එළියට

රුපියල් කෝටි සිය ගණනින් අයථා ලෙස මුදල් උපයමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ එම අයථා ඉපැයීම් ගණනාවක තොරතුරු සමඟ ඕස්ට්‍රේලියාවේ ඩොලර් 6,500,000 හෙවත් රුපියල් 781,538,385.97ක වියදමින් ඉදි කෙරෙන සුපිරි නිවාස සංකීර්ණ දෙකක තොරතුරු ඊයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ඉදිරිපත් කෙරිණි. පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මඟින් උදය ගම්මන්පිල මහතාගේ අයථා ඉපැයීම් සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණයකට එම තොරතුරු ලබාදෙන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි ඇතුළු පිරිසක් විසිනි. වෛද්‍ය සමන් අලුත්බදුගේ සහ වෛද්‍ය අබේකෝන් ගුණරත්න යන අය එක්ව 'සමන් සහ අබය' පුද්ගලික සමාගම නමින් සමාගමක් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර එම සමාගම නමින් විශාල දේපළ ප්‍රමාණයක් මිල දී ගෙන ඇත. එම දේපළ වත්කම් වටිනාකම රුපියල් වලින් 781,538,385.97ක් වෙයි.

සැලසිනේ හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර අල්ලන්නැයි වරෙන්තු

සැලසිනේ රූපවාහිනි ආයතනයේ ලක්ෂ 120කට ආසන්න මුල්‍ය වංචාවක් සිදු කිරීමේ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ සිටින එහි හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ මහතා දුටුතැන අත්අඩංගුවට ගැනිම සදහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (29) වරෙන්තු නිකුත් කළේය.

සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැලසිනේ රූපවාහිනි ආයතනයේ හිටපු අභ්‍යන්තර විගණන නිලධාරිනි වු ‍කණේවෙල පොකුණුවිට පදිංචි මනීෂා සුභාෂිණි ජයලත් නැමැත්තිය ලබන මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය.

බස්නාහිර පළාතට මහනගර කිහිපයක අවශ්‍යතාව ඉදිරියේදි ඇති වෙනවා - අගමැති

ඉදිරි වසර 10 – 15 ක කාලය තුළ අපේ රටේ සහ ඉන්දීය සාගර කලාපයේ ඇති වන දියුණුවත් සමඟ බස්නාහිර පළාතට විශාල මහ නගර කිහිපයක අවශ්‍යතාව ඇති වන බවත් බස්නාහිර පළාතට පමණක් නොව, ශ්‍රී ලංකාවටම අවශ්‍ය වී තිබෙන මහ නගර ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ සියලු කටයුතු සිදු කිරීමට හැකි වී තිබෙන්නේ අද වන විට මේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා තිබෙන නිසා බව පෙන්වා දුන් අගමැතිවරයා පසුගිය වසරේ ඇති වු ස්වභාවික විපත් හමුවේ ද දැනට 3.9% ක ආර්ථික වර්ධන වේගයක් ලබාගැනීමට අපට හැකි වී තිබෙන අතර වසර අවසානය වන විට එය ඊටත් වඩා වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

පරිපූර්ණ සුන්දර ළමා වියක් අත්කරදීම රජයේ අපේක්ෂාවයි - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

පරිපූර්ණ සුන්දර ළමා වියක් අත්කරදීම රජයේ අපේක්ෂාවයි 
- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

රටේ සමාජ ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් පීඩා නොපැමිණෙන පරිපූර්ණ සුන්දර ළමා වියක් මෙරටේ සියලු දරුවන්ට අත්කරදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

එබැවින් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින්ද දරුවන්ගේ සෞඛ්‍ය පෝෂණය හා මානසික අවශ්‍යතා සපිරීමට රජය පියවර ගෙන ඇති බවද එම පණිවිඩයේ සඳහන් වෙයි. එම පණිවිඩය මෙසේය.

Friday, September 29, 2017

සුළුතර චන්ද මුළු මුනින්ම අතුගා රාජ්‍ය බලය ලබාගැනීමේ ගෝඨාභයගේ සැලැස්මක් එළියට

මියන්මාරය තුළ පැනනැගී ඇති අභ්‍යන්තර දේශපාලන තත්ත්වය මගින් නිර්මාණය වී ඇති රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අර්බුදය යොදා ගනිමින් මෙරට පටු දේශපාලනික අරමුණු සහිත පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට තර්ජනයක් වෙමින්, අසත්‍ය ප‍්‍රචාර හරහා සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් තිබේ. ශ‍්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත නිල වශයෙන් බාර දී සිටි රොහින්යා සරණාගතයින් පිරිසක් එම කාර්යාලයේ රැඳවුම් භාරයේ රත්මලාන ප‍්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී පසුගිය 26 වන දින සිදුකළ එම නීතිවිරෝධී ක‍්‍රියාව පිළිබඳව කණගාටුව පළකළ යුතුය. මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට (03) ද, තුවාල සිදුවී තිබේ. මෙම කළහකාරී සිදුවීමෙන් අනතුරුව එම රොහින්යා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ඉල්ලීම මත බූස්ස ප‍්‍රදේශයේ රැඳවුම් කඳවුරකට යොමුකිරීමට කටයුතු යොදා තිබේ.

හරීන් ඇයි ඔයා දුකින් - බලාපොරොත්තු කඩවීමක් ?

හදවතේ ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන ආණ්ඩුව හදන්න එකතු වුණත් යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට මුල්වී කටයුුතු කළ පිරිසට යමක් කරන්න පුළුවන් වුණාද, මදිද? කියා තමන්ගේ හදවතේ පුංචි චකිතයක් තිබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවැසීය.

බණ්ඩාරවෙල සර් රාසික් ෆරීඩ් මහ විද්‍යාලයේ ඊයේ (28) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් ඵල කළේය. එහිදී අදහස් දැක් වූ ඇමැතිවරයා,

ලබන සඳුදා සිට රු. 65ට අමරවීරගෙන් පොල්

අනවශ්‍ය ලෙස පාරිභෝගිකයින් පීඩාවට පත් කරන සංවිධාන හා ව්‍යාපාරිකයින්ට එරෙහිව ක්‍රියාත්මක විම සදහා පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කිරිමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවී පැවැසීය.

ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට ස්මාට් පංති කාමරයක්

21 වන සියවසට ගැළපෙන පරිදි අධ්‍යාපන ක්‍රමයක් අත්හදා බලමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රංග කලන්සූරිය ඉල්ලා අස්වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී, ආචාර්ය රංග කලන්සූරිය මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් අද (29) ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙතද දැනුම්දී ඇත.

කලංසූරිය මහතා අදාළ ධූරය භාරගෙන තිබුණේ ජනපති හා අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි කෙටි කාලයක් සඳහාය.

ව්‍යවස්ථාවේ වෙනසක් ? මෛත්‍රී 2025 තෙක් ජනපති?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ශ්‍රීලනිපයට හානි නොවන ආකාරයේ එකඟතාවයක් ඇති කර ගැනීමටත් 2025 දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධූරය දැරීමට අවස්ථාව ලබාදී විශේෂ බලතල කිහිපයක් ඒ දක්වා ජනාධිපතිවරයාට පැවරීමටත් දේශපාලන පක්ෂ නායකයින් කිහිපදෙනෙකු අතර සාකච්ඡා ඇතිවී ඇතැයි රාවය පුවත්පත වාර්තාකර තිබේ.

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය 2020 ජනවාරි 09 වැනිදා තෙක් බල පැවැත්වෙන අතර 2019 දී නව ව්‍යවස්ථාව සම්මතකර ගැනීමටත්, එම ව්‍යවස්ථාව අනුව එකවරම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර පියවර කිහිපයකින් එය කිරීමටත් යෝජනා වී ඇතැයි ද පැවසේ.

මමත් ලෑස්‌තියි පුළුවන්නම් නඩු දාන්න - රන්ජන්

නීතිඥවරුන්ගේ සංගමයට කියන්නේ පුළුවන්නම් මට නඩු පිට නඩු පවරන්න. මමත් ඒකට දැන් ලෑස්‌තියි. ඔප්පු කරන්නත් දේවල් මම ළඟ තියෙනවා. මම දැන් ඉන්නේ ඇමෙරිකාවේ. ලංකාවට ආපු ගමන් සටනට සූදානම්..." යෑයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය.

ආණ්‌ඩුව උමාඔය ගැන නිසි වේලාවට පියවර ගත්තා නම් පරිසර විනාශය අවම වෙනවා - මහින්ද

උමාඔය ව්‍යාපෘතියේ ජල කාන්දුවීම සිදුව ඇත්තේ ව්‍යාපෘතියේ උපදේශකවරුන්ගෙන් නිවැරැදි උපදෙස්‌ නොලැබීම නිසා බවත් වත්මන් ආණ්‌ඩුව බලයට පත්ව කලට වේලාවට මේ ගැන පියවර ගත්තේ නම් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට හැකියාව තිබුණ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උමාඔය ව්‍යාපෘතිය පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරමින් පවසයි.


එම නිවේදනය මෙසේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න රජය ඇපකැප වෙනවා - මංගල

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට රජය ඇපකැප වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

වසර 2025 පොහොසත් රටක් බිහි කිරීමේ රජයේ දැක්ම මෑතකදී ඉදිරිපත් කළ බවත්, එහි පවා මේ ගැන සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඊට රජයේ පවතින උනන්දුව හා දැඩි උවමනාව බවත් මංගල සමරවීර මහතා කීය.

ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය වූ ඊයේ (28) කොළඹ පැවැති ප්‍රධාන සැමරුම් උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

කොළඹ 06, වැල්ලවත්ත ග්ලෝබල් ටවර් හිදි පැවැති මේ උත්සවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණි.

රාජ්‍ය පරිපාලන සේවා විභාගයේ ගැටලු මතු වූ ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත තියන්න - අකිල

රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ ගැටලු මතු වූ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය වහා අවලංගු කොට ඒ සඳහා නැවත විභාගයක් පවත්වන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතාට ඊයේ (28) නියෝග කර ඇත.

සංචාරක ව්‍යාපාරයෙන් 2020 වනවිට බිලියන 7ක ආදායමක්

සංචාරක ව්‍යාපාරය හරහා 2020 වනවිට රුපියල් බිලියන 7ක ආදායමක් ලබාගැනීමට කටයුතු කරන බවත් රැකියා අවස්ථාවන් ලක්ෂ 6ක් ඇති කිරිමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා අනාවරණය කෙළේය.

ඒ සඳහා සිව්වසරක උපාය මාර්ගිය සැලසුමක් රජය සතු බවත් තිරසර සංචාරක ව්‍යාපාරයේ මූලධර්මයන්ට දැඩිලෙස අනුගතව සංචාරක ව්‍යපාරය නංවාලීමට කටයුතු කරන බවත් රත්නායක මහතා සඳහන් කෙළේය.

Thursday, September 28, 2017

රොහින්ග්‍යා සරණාගත සිදුවීම ගැන පොලිස් කණ්ඩායම් 3කින් පරීක්ෂණ.

රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ ඇතිවූ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ නම විකුණමින් ජපන් රැකියා දෙනවායැයි කියන හොරා කවුද?

ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රියාත්මක නොකරන බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව හා එම වැඩසටහන් හරහා ජපානයේ රැකියා සඳහා යවන බව පවසමින් විවිධ පුද්ගලයින් සහ ආයතන මුදල් ඉල්ලා සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

කිඳෙල්පිටිය එ ජා පයෙන් නොමිනේෂන් හිඟමනේ

සුසිල් කිඳෙල්පිටිය එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ඉල්ලා ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

රෝහින්ග්‍යා සරණාගතයන්ට පහරදීම දැඩි ලෙස හෙලා දකිනවා

එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට චීවරධාරීන් පිරිසක් පහරදීම තරයේ හෙලා දකින බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අහිංසක සරණාගතයන්ට පහරදීම ඉතා පහත් ක්‍රියාවක් බව පෙන්වාදෙන ඒ මහතා මෙම පහරදීම කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඉල්ලීමක් කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කරන ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

Wednesday, September 27, 2017

2017 නොබෙල් සාම ත්‍යාග සඳහා ශ්‍රී ලංකා ජනපතිගේ නමත් නිර්දේශ වෙයි

ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව ඔස්ලෝ හි ‘සාමය පිළිබඳ පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මෙම ආයතනය රාජ්‍යයන්, කණ්ඩායම් සහ ජනතාව අතර සාමකාමී සබඳතා සඳහා කොන්දේසි පිළිබඳව පර්යේෂණ සිදු කරයි.

බණ්ඩාරනායක සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි.

ඒ හා සමගාමීව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ ද ගුණ සිහි කෙරිණි.

නීතීපතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඒකාබද්ධය සැරසේ


නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පැවැසීය.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී  මහාචාර්ය ජි.එල් පීරිස් මහතා මෙම අදහස් පල කළේය.

පොලිස් නිල ඇඳුම හරියට මහන්න ඇමැති සාගල මැදිහත් වෙයි

ශ්‍රී ලංකා පොලිස් නිලධාරන්ගේ නිල ඇඳුම් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතුව ලබාදීම සදහා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

Tuesday, September 26, 2017

නව බදු පනතින් ජනපතිටත් බදු ගෙවන්න වෙයි

ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ පරිදි ජනාධිපතිවරයාගෙන්ද බදු අය කරන ප්‍රතිපත්තියක් ආරම්භ කිරීමට නියමිත පසුබිම යටතේ කිසිදු පාර්ශ්වයකට විශේෂ සැලකිලි හෝ සහන අක්‍රමික අයුරින් නව බදු පනත මගින් හිමි නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

රවි වගේ හොරුන් එජාපයෙන් නෙරපිය යුතුයි - ජෝශප් මයිකල් පෙරේරා

එක්සත් ජාතික පක්ෂය තුළ සිටින යහපාලන ආණ්ඩුවට අභියෝගයක් වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මන්ත්‍රිවරයා ඇතුළු පක්ෂයේ සිටින හොරුන් පක්ෂයෙන් නෙරපා හැරිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ ජා -ඇළ ආසන සංවිධායක හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.


ඊයේ (25දා) ජා - ඇළ, තුඩැල්ල පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පළාත් පාලන අපේක්ෂකයන් හා මාධ්‍යවේදීන් දැනුවත් කරමින් ජෝශප් මයිකල් පෙරේරා මහතා එලෙස ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ජෝශප් මයිකල් පෙරේරා මහතා

ඩිජිටල් විප්ලවයට එකතු වෙන්නේ නැතිව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැහැ - අගමැති

රට දියුණු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එකතුවී කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව වයිෆයි කලාපයක් ආරම්භ කිරීම සඳහා රෝඩ් සයිඩ් වයිෆයි පැනලය ප්‍රථමවරට ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි. මෙම පැනලය ක්‍රියාත්මක වීමත් සමඟම ගාලු මුවදොර පිටියට පැමිණෙන ජනතාවට සහ එය ඉදිරිපස මාර්ගයේ ගමන් කරන ජනතාවට නොමිලේ වයිෆයි පහසුකම් ලබාගත හැක.

ගීතාගේ පෙත්සමට කරුණු දක්වන්න මහින්ද යාපා කළ ඉල්ලීම ඉවතට

ස්විස්ටර්ලන්ත ජාතික පුරවැසියකු වන ගීතා කුමාරසිංහ මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුසු බවට තීරණය කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇය ගොනු කළ විශේෂ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ඉල්ලීමක් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ඊයේ (25) ප්‍රතික්ෂේප කරන ලදී.

Monday, September 25, 2017

දුමින්දට දෙහි කපා හල්ලොළුව කොමර්ෂල් පොහොර සභාපතිකමින් ඉල්ලා අස්වෙයි


රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ,සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දක්වමින් ඔහු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක වෙත අද (25) ලිපියක් ඉදිරිපත්කරමිනි.

එම ලිපිය මගින් ඔහු චෝදනා රැසක් කර තිබෙනවා.

තම  තනතුරේ රාජකාරි නිදහසේ ඉටු කිරීමට හැකියාවක් තමන්ට  හිමි වූයේ නැති බවත්  අසාධාරණ ආකාරයෙන් ටෙන්ඩර් සඳහා අනුමැතිය ඉල්ලමින්, නව ව්‍යාපාර සඳහා සහය ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් එල්ල වීමට පටන් ගත් බවත් එම ලිපියේ සඳහන් වනවා.

අයියෝ මංගල , ලංකා බැංකුව හොරු කඩන් යනකම් ඔයා දන්නෙ නැද්ද?

මුදල් ඇමැති මංගල සමරවීර මීට සති දෙකකට පෙර ලංකා බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීමට තීරණය කළ බවට මාධ්‍ය වාර්තා පළවී තිබිණි. ඒ අනුව තවත් බිලියන 5 ක මුදල් ඒ වෙනුවෙන් වෙන් කර ඇත. ඒ ලංකාවේ විශාලතම බෑංකුව වන ලංකා බැංකුව මඟින් වඩා වැඩි සේවාවක රට වෙනුවෙන් ඉ‍ටු කිරීමේ බලාපොරොත්තුව ඇතිව විය හැකිය. 
එහෙත් ලංකා බැංකුව පැත්තෙන් නම් අපට අහන්නට ලැබෙන්නේ වෙන කතාවකි. ලංකා බැංකුවේ ඉහල නිලධාරීන් මේ යහපාලනයේ ගෙවුනු වසර දෙක තුලම සිදු කර ඇත්තේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කිරීම නොව තමන්ගේ හා තම හිතවතුන්ගේ බඩගෝස්තරය සොයා ගැනුමට ලංකා බැංකුව මුදල් කොල්ල කෑමය. ඒ එසේ මෙසේ ගනනක් නොව දැන ගැනීමට තිබෙන පරිදි බිලියන් ගනනකි. එසේම මේ කොල්ල කෑවේ..බැඳුම්කර ගනුදෙනුව මෙන් සංකීර්ණ වටපිටාවක නිත්‍යානූකුල සොරකමක් ලෙස නොව මහ දවාලේය. නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින්ය. 

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දූෂණය වෙලාද? අයිසීසීයෙන් පරික්‍ෂණ

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ක්‍රිකට්‌ ආයතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ බව පෙරේදා (23 දා) ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඒ සඳහා අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයේ සාමාජිකයන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩකයන් සහ ක්‍රිකට්‌ ආයතන සාමාජිකයන් සමග සාකච්ඡා කරමින් අදාළ පරීක්‍ෂණ කටයුතු අරඹා තිබේ.

රියැදුරු බලපත් දීමේදී මානසික යෝග්‍යතාවත් බලයි

දැනට රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද රිය අනතුරු සිදු වීම දිනෙන් දින ඉහළ යෑම නිසා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ තීරණයකට එළැඹීමට සිදුවු බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

කුඩා කාර් විදුලි කාර් බදු පහළට

මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

Sunday, September 24, 2017

ලසන්ත ඝාතනය ට්‍රිපෝලි කඳවුරෙන්

සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අයත් කොළඹ මරදානේ ට්‍රිපෝලි කඳවුරේ ඝාතක කණ්ඩායමක් විසින් බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මෙම ඝාතනයට අණ ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලයක කටයුතු කළ අයෙකු සැක කටයුතු බව මෙන්ම මෙම ඝාතනය එවක ආරක්ෂක අමාත්‍යාංශ ඉහළ නිලධාරීයෙකුගේ අනුදැනුම මත සිදුවූ බවටද සාධාරණ සැකයක් ඔස්සේ දැනට පරීක්ෂණ ක්‍රියාත්මක වන බවද දැනගන්නට ඇත.

මහරගම එජාපෙ සංවිධායක ධුරය චම්පිකට

එක්සත් ජාතික පෙරමුණ මහරගම ආසන සංවිධායක ධුරයට ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

වැලිකඩ - තාජුඩීන් - රතුපස්වල බ්ලාස්ට්

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය, රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීම සහ ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය යන සිදුවීම්වලට අදාළ පරීක්ෂණ ආරක්ෂක අංශවල කඹ ඇදීම් නිසා අකර්මන්‍ය වීමේ සහ වෙනත් දිශාවකට ගමන් කිරීමේ අවදානමක් මතු වී තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ ලැයිස්තුගත සමූහ ඝාතනය 2012 නොවැම්බර් 09 සහ 10 දෙදින සිදු වූ අතර, එහිදී රැඳවියන් 27 දෙනකු ඝාතනය කෙරිණි. ඊට අදාළ ව කොමිෂන් සභා වාර්තා දෙකක් නිකුත් වී ඇති අතර, නීතීඥ එස්.කේ.ලියනගේ ඇතුළු පිරිස සකස් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මඟින් මීට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. මෙතෙක් මේ වාර්තාවට අදාළ ව කිසිදු නීතිමය පියවරක් ගෙන නැති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන පරීක්ෂණ අකර්මන්‍ය කිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වන බව හෙළි වේ. අදාළ සිද්ධියේ දී භාවිතා කළ ගිනි අවි සම්බන්ධයෙන් යුද හමුදාවෙන් වාර්තාවක් ඉල්ලා ඇතත්, මෙතෙක් එය ලබා දී නැති බව ද අනාවරණය වේ. එසේ ම ඝාතනයට ලක් වූ රැඳවියන්ගේ මරණ පරීක්ෂණවලට අදාළ වාර්තා ද මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට අදාළ අංශ කටයුතු කර නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.