BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Saturday, July 28, 2018

2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීම ජනපති ප‍්‍රධානත්වයෙන්

2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා(26) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ සිදු කෙරිණි.

ස්වකීය අධ්‍යයන හා වෘත්තීය අවශ්‍ය සපුරා ගැනීමට අවශ්‍ය ප‍්‍රමිති ළගා කර ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන රජයේ නිලධාරින් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ සිදු කළ පර්යේෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් සිංහල හා දෙමළ ජනතාව වෙත තම සහෝදර භාෂා ප‍්‍රවිණතාව ලබාදීමෙන් සන්නිවේදන පරතරය අවම කරගැනීමත්, අන්‍යොන්‍ය විශ්වාසය හා අවබෝධය තහවුරු කරනු පිණිස "දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න" ගුවන් විදුලි වැඩසටහන ජනාධිපතිතුමා, ජනාධිපති පදවියට පත්ව වසර දෙකක් සම්පූර්ණවීමට සමගාමීව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් 2017 ජනවාරි පළමුවැනිදා සිට ශ‍්‍රී ලාංකික ගුවන් විදුලි සේවා 09 ක් ඔස්සේ ප‍්‍රචාරය කිරීම අරඹන ලදී.

Friday, July 27, 2018

බන්ධනාගාරයේ කුඩේ කුඩු කාරයෝ ඉන්නේ විස්සයි තිහයි - වැරදිවලට දඬුවම් දෙන අතරේ පොත් ලියන දැහැමි අපිට සහනයක් දෙන්න

බන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩිවැඩියෙන් පොත්පත් කියවන සහ තමන් කිය වූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යවරිය සමග එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමටත් තමා අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැලිකඩ බන්ධනාගාරයේ දී පැවති උත්සවයක දී ප්‍රකාශ කළා.

අධිවේගී විශේෂ අධිකරණ ඇරඹේ. - විත්තිකරුවන් සිවු දෙනා මෙන්න..

දින කිහිපයක් ඇතුලත නඩු අසා තීන්දුව දීම සදහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීමේ කටයුත්ත ආරම්භ කර තිබේ.

එම අධිරණයේ විභාගයට ගැනෙන මුල්ම නඩුව වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලූ තිදෙනෙකුට විරුද්දව එල්ල වී ඇති රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ නඩුවකි.

Thursday, July 26, 2018

ශ්‍රී ලංකන් හිටපු ලොක්කට ටෙලිකොම් එකෙනුත් පඩි ගෙවලාලු

කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය දරද්දී එම ගුවන් සේවාවට දැනුම් නොදී ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවලින් රුපියල් ලක්ෂ පහක මාසික වැටුපක් ලබමින් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ධුරයේ ක්‍රියාකර තිබෙන බව කොමිසම හමුවට ඊයේ (25) ලැබුණ ලිඛිත දැනුම්දීමකින් අනාවරණය වුණි.


පසුව එම ආයතනවල උපදේශකවරයකු ලෙස මාසිකව රුපියල් හාරලක්ෂ පනස්දහසක වැටුපක් ලබා තිබෙන බවත් එම ලිඛිත දැනුම්දීමෙන් තවදුරටත් අනාවරණය වුණි.

ජනපති ගෙදර යවන්න ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මහින්දානන්ද හෙළි කරයි

මෙරට ජනාධිපතිවරයා යම් මානසික ආතතියකින් පෙළෙන බව හැඟෙනවා නම් අගමැතිවරයාට, කථානායකවරයාට සහ විපක්ෂනායකවරයාට ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ බලය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මඟින් යෝජනා කර තිබේ.

ඊයේ (25දා) බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව අනාවරණය කළ මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ කෙටුම්පතේ 17.(3)(ඛ්) වගන්තිය යටතේ ජනාධිපතිවරයා ඉවත් කිරීම පිළිබඳ සඳහන් වන බවයි.

එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත ලැබුණා - රාජිත

විශේෂ තත්ත්වයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වූවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත ලැබුණු බවත් කුමන තත්ත්වයක් තුළ වුවද එය ක්‍රියාත්මක කරන බවත් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Wednesday, July 25, 2018

ආණ්ඩුවේ 'ගම්පෙරළිය' නිසා පොහොට්ටුව රත්වෙයි

යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති 'ගම්පෙරළිය' සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.

පසුගියදා මහනුවරදී පැවති පොදුජන පෙරමුණු පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්වීමකදී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ 'ගම්පෙරළිය' තමන්ට දැඩි බලපෑමක් වී ඇති බවයි.

සිංහ නාද බලු කෙඳිරිලි

සිංහ නාද බලු කෙඳිරිලි කියන්නේ මොකක්දැයි කාටවත් අමුතුවෙන් කියා දෙන්නට උවමනා නැත. බැලූ බැල්මට එහි අර්ථය සැමට තේරුම්ගත හැක. දැන් මේ කතා කරන්නට යන්නේ මෙරට දේශපාලනයේ සිංහ නාද දෙන්නනන්ගේ බුලු කෙඳිරිලි පිළිබඳවය.

සාමාන්‍යයෙන් සිංහ නාද දෙන්නේ සිංහ සෙයියාවෙන් කටයුතු කළ හැකි අයවළුන්ය. සිංහ නාද දී සිංහ සෙයියාවෙන් කල් ගෙවන්නට බැරි අයවළුන් වැටෙන්නේ බලු ගානටය. බලු ගානට වැටෙන්නෝ ඉන්පසු සිංහ නාද නැඟුවද ඒවා ගැනේනේ බලු කෙඳිරිලි ගානමටය. සාමාන්‍යයෙන් බලු ගානටවැටෙන කිසිවෙකුටත් සිංහ නාද කළ හැකි නොවේ. ඒ හැටිය. සාමාන්‍ය ජීවිතයේ සේම දේශපාලනයේ ද එසේමය. මෙසේ කියන්නට සිදුවන්නේ මාධ්‍ය ඉදිරියේ විවිධ පුරසාරම් දෙඩූ රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නිව්යෝර්ක් ටයිම්ස් විවාදය දා පාර්ලිමේන්තුව මඟ හැරීම නිසාය.

ලංකාවට ගෙන ඒමට සූදානම් වෙන ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය මෙන්න

ජපානය හා ශ්‍රී ලංකාව එක්ව විද්‍යුත් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ එහි පළමු කාණ්ඩය 2020 වසර මැද භාගයේදී නිෂ්පාදනය කිරීමට කටයුුතු කරන බවයි.

Tuesday, July 24, 2018

මන්නාරම ඩුබායි නගරයක් කළ හැකියි - පාඨලි

මන්නාරම නගරය සහ මන්නාරම ප්‍රාදේශීය සභා 05 සඳහා විධිමත් නාගරික සැලැස්මක් සහිතව සංවර්ධනය කරන බවත් කරන මන්නාරම නගරය ඩුබායි නගරය මෙන් සාර්ථක නගරයක් කළ හැකි බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ, රුපියල් මිලියන 180ක වියදමින් ඉදිකිරීමට නියමිත මන්නාරම බස් නැවතුම්පළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් පැවැති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති ගෙන එනවා - අමාත්‍ය මංගල සමරවීර

දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව කී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහත ඒ සඳහා අද (24) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවත් කීය.

ගාමිණී සෙනරත්ගේ මූල්‍ය වංචාවේ ගිණුම් වාර්තා වහාම ලබා දෙන්න

අදාළ බැංකුව මෙම ගිණුම් වාර්තා ලබාදීම ප්‍රතික්ෂ්‍රේප කරමින් අධිකරණ නියෝගය අවලංගු කරන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂ්‍රේප කරමින් මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව විමර්ශනවලට සහායවීම සඳහා සුදුසු ආඥා නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා බැඳි සිටින බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසිය වෙත අදාළ තොරතුරු ලබාදීම සඳහා ඉකුත් 2වන දින බැංකු ආඥා පනත අනුව නියෝග නිකුත් කර ඇති බවත් එය අවලංගු කළ නොහැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා අදාළ බැංකුවේ සභාපතිවරයාට මෙම ‍නි‍යෝගය නොපමාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කළේය.

මොරගහකන්ද පමා කළ අය ආර්ථිකය ආපස්සට ඇද දැම්මා

වත්මන් යුගයේ පමණක් නොව රජ දවසින් පසුවත් මේ රටේ පොදුජන දුක නිවන යෝධ ව්‍යාපෘතිය මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය පමා කළ අය රටේ ජාතික ආර්ථිකය පසුපසට ඇද දැමීම ගැන වග කිව යුතු යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙරට මහා වාරි විස්මිතය ලෙස ඉතිහාසයට එක්වන මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍යය ඊයේ (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එම උත්සව සභාවට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

Sunday, July 22, 2018

1990 ගිලන් රථ සේවයේ දෙවැනි අදියර ඇරැඹේ

සුවසැරිය 1990 ගිලන්රථ සේවාව රටපුරා ව්‍යාප්ත කිරීමේ උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද මෙම උත්සව අවස්ථාව සඳහා චන්ද්‍රිකා තාක්ෂණය මගින් සම්බන්ධවී ගිලන්රථ සේවය විවෘත කිරීමට එක්වීම විශේෂත්වයක් විය.

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි

කුමන බාධක පැමිණිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති උත්සවයකට එක් වෙමිනි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහා ලබන අඟහරුවාදා දිනයේ සකච්ඡාවක් කැඳවා ඇති බවත් නීති, අධිකරණ, බන්ධනාගාර ඇතුළු මීට සම්බන්ධ සියලුම පාර්ශවයන් එක්ව කමිටුවක් පත් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Saturday, July 21, 2018

චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරීම් අද ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (21) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නැහැ : සාගල පාර්ලිමේන්තුවේ දී කියයි

මේ දිනවල උණුසුම් කතාබහකට ලක්ව තිබෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිලිබඳ අද (20) පාර්ලිමේන්තුවේදී කතාබහක් සිදුකෙරිණි. එහිදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වීම් සිදුකල අතර ඊට පිළිතුරු සපයමින් තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැති සබේදී කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමට කිසිඳු අයුරකින්වත් කටයුතු නොකරන බවත් එහි පවත්නා අනවසර ඉදිකිරීම් කිහිපයක් පමණක් ඉවත්කිරීමට කටයුතු කරන බවයි. එසේ උවද ගාල්ල නගරයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය තවදුරටත් ඉදිරියට පාසල් ක්‍රිකට් තරඟ පැවැත්වීම සඳහා මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වීම සඳහාද අවස්ථාව ලබාදිය හැකි බවයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු විසඳීමට ඇමතුම් මධ්‍යස්ථානයක්, ඍජු දුරකතන අංකයක්

මෙම වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

තමන්ට ඇති ගැටලු ඍජු ඇමතුම් අංකයක් අමතා විසඳා ගැනීමට මෙමගින් ව්‍යවසායකත්වය වෙත පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට හිමි වනු ඇත. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම මහජන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Friday, July 20, 2018

ඌවෙ චාමර තවත් ඩියුටි ෆ්‍රී වාහනයක් ඉල්ලල

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස තේරී පත් වී මාසයක පමණ කාලයක් සිටි බැවින් තමාටද එම වරප්‍රසාදය හිමි බව පවසමින් මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත.
දැනට පළාත් සභා මහ ඇමැතිවරයකුට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය එම අමාත්‍යවරයා විසින් ලබාගෙන තිබේ.

Thursday, July 19, 2018

ට්‍රම්ප් - පුටින් පැවැත්වූ සාකච්ඡාවේදී පත්‍රිකාවක් පෙන්වූ වාර්තාකරු පිටතට යවයි

ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති පුටින් සහභාගි වුණු පුවත්පත් සාකච්ඡාවේදී ඔවුන්ගේ කතාබහ ආරම්භ කරන්නට මොහොතකට කලින් 'න්‍යෂ්ටික අවි තහනම් ගිවිසුම' යන වචන සටහන් වූ පත්‍රිකාවක් ඔවුන් දෙදෙනා ඉදිරියෙහි උහා දැක්වූ පුවත්පත් වාර්තාකරුවකු ආරක්‍ෂක නිලධාරීන් විසින් එම ස්ථානයෙන් පිටතට ඇදගෙන යන ලදී. එසේ ඇදගෙන යන්නට කලින්, සෑම් හුසේනි නමැති එම පුවත්පත් වාර්තාකරු එම පත්‍රිකාව ඔසොවා අල්ලාගෙන සිටි ආකාරය පුවත් සාකච්ඡාව පිළිබඳ වාර්තා සමඟ පළවුණු ඡායාරූපවල දැක්විණි.