BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 16, 2017

එජාප බිම්මට්ටමෙන් මෛත්‍රී සෙවනට යයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් නව ආසන සහ දිස්ත‍්‍රික් සංවිධායක පත්වීම් පිරිනැමීමක් අද(16) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

ඒ අනුව, එම්.එස්.එම්. සකාවුල්ලාහ් මහතා මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර තිබේ.
රත්නපුර දිස්ත‍්‍රික් සංවිධායකවරුන් ලෙස ඩී.ආර්. ඉන්දු ගුණතිලක, එම්. නිහාල් විජයානන්ද, ජී.කේ උපාලි චන්ද්‍රසේන යන මහත්වරුන් පත් කර ඇත. ක්‍ෂත‍්‍රිය රාජපුත‍්‍ර වීරසිංහ සහ මහින්ද බණ්ඩාර බක්මීවැව යන මහත්වරුන් කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායකවරුන් ලෙස පත්වීම් ලැබූහ.

ඇමති සාගල ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල සඳහා වෙන්කර ඇති භූමියේ නිරීක්ෂනයක


ඇඳන් 500 කින් යුක්තව ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල සඳහා තෝරාගනු ලැබූ භූමිය ඊයේ (15) අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම නව රෝහල ඉදිකිරිම පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නය දැනුවත් කිරීමද අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් එහිදී සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවට භික්ෂුන් වහන්සේලා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

පොහොට්ටු ලොක්කෝ ජනපති හමුවූයේ ඇයි?

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දීම ආරම්භ වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කරන සාමාජික පක්ෂ සහ මන්ත‍්‍රීවරුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට යාම නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.


නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී.රත්නායක, අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක, පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මින් නිසා ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කළ පිරිස් වෙනම කණ්ඩායම් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇත.

විමලවීර දිසානායක මහතා සිය අපේක්ෂකයන්ට අවස්ථාව ලබා නොදීම නිසා එම දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශ‍්‍රියාණි අබේවික‍්‍රම මහත්මිය පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූවාය.

නාමල්ගෙන් උපදෙස් ගන්න මම දේශපාලන බබෙක් නොවේ - මහින්ද

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීල.නි.ප.ය අතර පැවැති සාකච්ඡා සාර්ථක නොවූයේ කිසිවකුගේ බලපෑම නිසා නොව සිය මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය නිසා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසයි

ඒකාබද්දේ මන්ත්‍රී ප්‍රේමලාල් ඇමැති ජෝන් සමඟ රහස් කතාවක - පක්ෂ මාරු- නාමයෝජනා ගෝරිවලින් තිරය පිටුපස අළු යට ගිනි

ප්‍රථම වටයේ නාමයෝජනා කැඳවූ පළාත් පාලන ආයතනවල නාමයෝජනා භාරගැනීම හමාර වී තිබේ. ඉතිරි සභාවල නාමයෝජනා හමාර වන්නේ ලබන සතියේය. සෑම දේශපාලන පක්ෂයකටම මෙවර තදින්ම බලපෑ නාමයෝජනා අර්බුද නිසා ඇතැම් දේශපාලනඥයෝ තමන්ගේ පක්ෂ පවා මාරු කළෝය. ශ්‍රී.ල.නි.ප.යේ මහින්ද මෛත්‍රී පාර්ශ්ව දෙක එක්විය යුතු යැයි දිගින් දිගටම කියමින් සිටි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සිය පක්ෂයේ නායකත්වය විවේචනය කළේය. ඔහුට පෙර එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දැරූ පියසිරි විජේනායක මහතා ද පක්ෂ නායක විමල් වීරවංශ විවේචනය කළේය. මේ දෙදෙනා වෙනුවෙන්ම ජ.නි.පෙ. විනය ක්‍රියාමාර්ග නිර්දේශ කරද්දී වීරකුමාර හා පියසිරි ජනාධිපතිවරයා මුණගැසී ශ්‍රී.ල.නි.ප.යේ සාමාජිකත්වය ගත් බව වාර්තා විය. වීරකුමාර හා පියසිරි ජ.වි.පෙ.න් ජ.නි.පෙ.ටත් අනතුරැව ශ්‍රී.ල.නි.ප.යටත් සම්බන්ධ වූයේ එසේය. මෙම එකතුව නිසා වීරකුමාර දිසානායක මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බවට කතා පැතිරිණි.

විමල් ඇයි මේ අවුල?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරන ජනිපෙ හෙවත් ජාතික නිදහස් පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය කණ්ඩායමක් විසින් පිහිටුවා ගත් පක්ෂයකි. 1965 දී කොමියුනිස්ට් පක්ෂයේ රෝහණ විජේවීර මහතාගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ විය. ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා දෙකකදී ආණ්ඩු විරෝධ සන්නද්ධ සටන් දෙකකට සම්බන්ධ විය. විමල් වීරවංශ 1989 දී ජනතා විමුක්ති පෙරමුණට සිය තරුණ වියේදීම සම්බන්ධ විය. දක්ෂ කථිකයෙකු වූ පක්ෂය හොඳම සංවිධායකයෙක් බවට ද පත්විය. 2002න් පසු එජාපයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සම්බන්ධ වී ශ්‍රී ලංකා නිදහස් සන්ධානය පිහිටුවා ගත්තේය. ප්‍රථමයෙන් චන්ද්‍රිකා පාලන සමයේ ද අනතුරුව මහින්ද ආණ්ඩුවේ ද කොටස්කාරයන් බවට ජනතා විමුක්ති පෙරමුණ පත්වෙද්දී විමල් වීරවංශ පක්ෂයේ ප්‍රචාරක ලේකම්ය. 

40 වසරක් පිරීම නිමිත්තෙන් කුඩා තේවතු සංවර්ධන කාර්යය මණ්ඩලයට සම්මාන

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කාර්යය මණ්ඩලයට සම්මාන පිරිනැමේ. තේ කර්මාන්තයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්න කුඩා තේවතු සංවර්ධන අධිකාරියට 40 වසරක් පිරීම නිමිත්තෙන් එම අධිකාරියේ කාර්යය මණ්ඩලය ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල KIU විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ . සම්මාන පිරිනැමීමේ උත්සවයපැවැත්වින . ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අතින් ගාමිණී දිසානායක අනුස්මරණ විශේෂ ස්වර්ණ සම්මානය, රත්නසිරි වික්‍රමනායක අනුස්මරණ විශේෂ ස්වර්ණ සම්මානය ඇතුළු සම්මාන රැසක් පිරිනැමීම සිදුකෙරුණි.

පවුල් 20,000 ක් ඉවත් කිරීම:ඒකාබද්ධයේ ප්‍රචාරය බොරුවක්

කොලොම්බුව ජලාශයක් ඉදිකර ගම්මාන විස්සක් යටකර පවුල් විසිදහසක් අනාථ කිරීමේ අවදානමක් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය කරන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් පැවැසීය.

තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

ආණ්ඩුවේ ශක්තිය ගමට ලබා දෙනවා

ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත්කිරිමට විශාල ලෙස කටයුතු කරපු අවස්ථාවක ආණ්ඩුවේ ශක්තිය ගමට ලබාදි ගමේ තරුණ තරුණියන්ට හිමි අනාගතය ලබාදිමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවිර මහතා පැවැසිය. මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාව, සහ හක්මන, මාලිම්බඩ, පස්ගොඩ, යන ප්‍රාදේශිය සභාවලට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා භාර දිමෙන් පසු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය පරිශ්‍රයේදි මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව පැවැසිය.ඇමැතිවරයා මෙසේද කීය. මිට වසර දෙකකට පෙර මමත් සාගල ඇමැතිවරයාත් මේ ස්ථානයට පැමිණියේ ආණ්ඩු බලය අල්ලන මැතිවරණයට නාම යොජනා දිමටයි. එමගින් අලුත් ආණ්ඩුවක් අරගෙන රට අලුත් ගමන් මාර්ගයට යොමුකර නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතකර වේගවත් සංවර්ධනයකට අඩිතාලම දමා තිබෙනවා. වසර දෙකහමාරක් ගමට කරපු දැවැන්ත සංවර්ධනය ඊටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක කිරිමටත් තරුණ තරුණියන්ට හිමි අනාගතය ලබාදිම කටයුතු කිරිමත් මේ මැතිවරණයේ අපෙක්ෂාවයි.

Friday, December 15, 2017

අගමැති De La Rue ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවක


අගමැතිවරයා ඊයේ (14) බියගම ආයෝජන කලාපයේ පිහිටි තෝමස් ඩිලාරූ (De La Rue) ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි විය.

මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රමට පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධූරය


පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නාය.

ඇමතිවරුන්ගේ හොර අත්සම් යොදා පසුගිය රජයේ රජවරු තවමත් රජකම් කරයි - අධ්‍යාපන අමාත්‍යංශයේ මහජනදිනයට බුද්ධි අංශය


අධ්‍යාපන අමාත්‍යංශයේ මහජන දිනයේදී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා බුද්ධි අංශ යොදවා තිබෙනවා.


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත මෙලෙස බුද්ධි අංශ යොදවා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව පසුගිය බදාදා මහජන දිනයේදී උපාධිදාරී ගුරු පත්වීම් සඳහා ව්‍යාජ ආකෘති ලබාදෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට බාරදී තිබෙනවා.

රන්ජන්ට එරෙහි පෙත්සම් යළි කැඳවන්න නියෝගයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබු පැමිණිලි දෙකක් නැවත ජනවාරි මස 22 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි වාර්තාවේ.

මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිලි බුවනෙක අලුවිහාරේ‍, අනිල් ගුණරත්න හා විජිත් මානගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ(14) කැඳවා තිබේ.

උත්සව සමයට අගමැතිගෙන් සහන මල්ලක්‌

එළැඹෙන උත්සව සමය ඉලක්‌ක කරගෙන ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක්‌ වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "සහන මිල වෙළෙඳසල්" ඇති කිරීමටත් එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්‌සන්, ලූනු, අර්තාපල් හා ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ වර්ග 08 ක්‌ ඇතුළත් සහන මල්ලක්‌ වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

මේ වනවිට වෙළෙඳපොළෙහි මිල ඉහළ ගොස්‌ ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ කිහිපයක්‌, සාමාන්‍ය වෙළෙඳපොළ මිල යාන්ත්‍රණයෙන් පරිබාහිරව, එහි පිරිවැයට අනුව සහන මිලක්‌ යටතේ සාමාන්‍ය ජනතාවට ලබාදීමේ ක්‍රමවේදයක්‌ වශයෙන් රජය මෙම පියවර ගෙන ඇත.

නීති විරෝධී ඉඩම් අයිතිය ඩෝල් සමාගමට ලබා දීමට රජය සැරසෙයි

නීති විරෝධී ව රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන අපනයනය ස`දහා කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය නිෂ්පාදනය කරණ ලෝකයේ අපකීර්තිමත් ඉතිහාසයක් හිමි බහු ජාතික ඩෝල් සමාගමට පසුගිය රජයෙන් ලබා දුන් රාජ්‍ය අනුග‍්‍රහය ඒ ආකාරයෙන් ම වත්මන් රජයෙන් ද ලබා දෙමින් තිබේ. ජලපෝෂක වනාන්තර බිම් හා ගොවි බිම් විනාශ කර සීමාසහිත ඩෝල් ලංකා පුද්ගලික සමාගම නමින් මෙරට කි‍්‍රයාත්මක වෙමින්  වියළි කලාපයේ ස්ථාන ගණනාවක නීති විරෝධී ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල වගා බිම් පිහිටුවීම මෙම සමාගම විසින් සිදු කෙරේ. ඊට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ නියෝග ලබා ගනිමින් තිබෙන අතරතුර එම නියෝග ලබා ගැනීම අත්හිටුවා නැවත එම ඉඩම් අදාළ සමාගමට ලබා දීමට වත්මන් රජය සූදානම් වේ. 

නාමයෝජනා ලැයිස්තු 22ක් ප්‍රතික්‍ෂේපයි

නාමයෝජනා 519 ක් ලැබි ඇති අතර ඉන් නාමයෝජනා පත්‍ර 22 ක් ප්‍රතික්ෂේප වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ මහරගම, වැලිගම හා පානදුර නගර සභාවලට සහ අගලවත්ත, බදුල්ල, මහියංගණය ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.

ඊට අමතරව අම්පාරට ඉදිරිපත් කළ නාමයෝජනා අතරින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නාමයෝජනා 2 ක්, ජාතික කොංග්‍රසයේ නාමයෝජනා 1 ක්, අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නාමයෝජනා 1 ක් හා ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා 2 ක් ප්‍රතික්ෂේප වී ඇත.

Thursday, December 14, 2017

ශ්‍රීලනිප පදියතලාව හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සහ එජාප නාවලපිටිය නගර සභාව සදහා වන නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේපවේ

එජාප නාවලපිටිය නගර සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනාවක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. 

ඒ අංක දෙක ගොන්දෙන්නාව කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනාවයි. 

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීලා පාර්ලිමේනතුවෙන් දොට්ට - නව මන්ත්‍රීවරු රැසක් නව වසරේ දිවුරුමිදීමට නියමිතයි ?

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තරඟ කර පාර්ලිමෙන්තු අසුන් හිමිකරගත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීලා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට සෘජුව හෝ වක්‍රව සහය දුනහොත් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ගත්තීරණයකට අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර මන්ත්‍රී ධූරයද අහෝසිකර දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අතර ඒ අනුව එසේ මන්ත්‍රීධර අහෝසි කිරීමෙන් පසුව ලයිස්තුවේ මීළඟට පත්වීමට සිටින අය පිළිබඳවද තොරතුරු සොයාබලන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබේ.

පසුගිය පාලන කාලයේ භීෂණය අමතක කරන්න එපා - සාධාරණ මැතිවරණයක් සඳහා එ.ජා.ප.ය සමඟ එක්වන්න - ඇමති සාගලගෙන් ආයාචනයක්

එක්සත් ජාතික පක්ෂය ඉතා සාධාරණ මැතිවරණයක් සිදුකරන බවත් අතීතයේ රට තිබුණු තත්වය ගැන සිහිපත්කරමින් සාධාරණ මැතිවරණයක් සඳහා සියලුම දෙනාට ආරාධනා කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, මාලිම්බඩ, හක්මන යන ප්‍රාදේශීය සභා සහ වැලිගම නගර සභාව සඳහා නාම යෝජනා පත්‍ර ලබාදීමේ අවස්ථාවට සහ පිටබැද්දර, කොටපොල යන ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ මාතරදී එක්වෙමිනි. එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටියේය.

මහරගම, බදුල්ල, මහියංගනය, වැලිගම, පානදුර සහ අගලවත්තෙන් පොහොට්ටුවේ නාමයොජනා ඉවතට

මහරගම නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, මහියංගනය ප්‍රාදේශීය සභාව සහ වැලිගම නගර සභාව සදහා ශ්‍රීලනිප මහින්ද පිළෙන් පොහොට්ටුව ලකුණින් ලබා දුන් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

නීතිය හා සාමය ඇතුළු අමාත්‍යාංශ 06 කට නව ලේකම්වරු

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ 06 ක් සඳහා නව ලේකම්වරු පත් කිරීමට කටයුතුකර තිබේ.


ලොව විශාලතම නත්තල්ගසේ ගිනස් වාර්තාව අග්‍රාමාත්‍යවරයාගේ සුරතට

"ලොව විශාලතම නත්තල් ගස" ඉදිකිරීම පිළිබද ගිනස් වාර්තාවේ සහතිකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමේ විශේෂ උත්සවය ඊයේ (13) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පසුගිය 2016 වසරේ ලෝකයේ ලොකුම කෘතීම නත්තල් ගස ඉදිකිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට හැකි වූවා සේම ඒ තුලින් ශ්රී ලංකාවේ සමගිය පිළිබඳ වාර්තාවක් තැබීමට සමත්වූ බව අග්රාටමාත්යම රනිල් වික්රීමසිංහ මහතා අද (13) අරලියගහ මන්දිරයේ පැවැති ලොව විශාලතම නත්තල් ගස ඉදිකිරීම පිළිබඳ ගිනස් වාර්තාවේ සහතිකය පිළිගැන්වීමේ උත්සවයේදී පැවැසීය.

හරින්ට නව ඇමති දූරයක් ?

ජනතාවට වැඩ කළ හැකි අමාත්‍යාංශයක් ඉදිරියේදී තමන්ට ලැබෙන බවත්, එබැවින් පාක්‍ෂිකයන් කලබල නොවිය යුතු බවත් විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Wednesday, December 13, 2017

වෘත්තීය සමිති බැංකු සේවකයින්ට බලහත්කාරයෙන් කළු පටි බැන්දවීමේ උත්සාහය

බැංකු ක්ෂේත‍්‍රයට සම්බන්ධ එක් වෘත්තීය සමිතියක් අද දිනයේ බැංකු ශාඛා කිහිපයක් ඉදිරිපිටදී, බැංකු සේවකයින්ට බලහත්කාරයෙන් කළු පටි බැන්දවීමේ ව්‍යාපාරයක් දියත් කර තිබිණි.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බැංකු සේවකයින් පවසන්නේ, සිය සමිති නායකයින්ගේ අත්තනෝමතික ක‍්‍රියාකාරකම් සහ අදූරදර්ශී තීන්දුවල ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට ඔවුන්ගේ බැංකු විසින් ගෙන ඇති විනය ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය දැක්වීම සදහා මෙලෙස කළුපටි පළදින ලෙස තමන්ට බලකර ඇති බවයි. නායකයින් යැයි පවසන පුද්ගලයින්ගේ අමනෝඥ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ටම විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුව ඇති පසුබිමක, ඉන් මිදීමට සමස්ත බැංකු සේවකයින්ට බලකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව බැංකු සේවකයින්ගේ අදහසයි.

එ්කාබද්ධයේ අවුල් ජාලාවක් පාක්ෂිකයා අනතුරේ - ඇත්ත කිව්වොත් තව කට්ටිය එලියට යයි – හැමෝම දැන් කලකිරිලා - ගම්මන්පිල

පොහොට්ටුව එහෙමත් නැත්නම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් අටවාගත් බැසිල් රාජපක්ෂ තම දේශපාලන ආගමනය සිදුකරන්නේ එදා මහින්ද පරදවා දමා පදුරටවත් නොකියා රටින් පැනගිය අතීතය මෙරට ජනතාවට හොඳ හැටි මතක තිබෙන පසුබිමකය.


බැසිල් තමන්ගේ හා රාජපක්ෂ පවුලට තිබෙන වංචා දුෂණ චෝදනා යටපත් කර ගැනීම සඳහා දේශපාලන බලය නැවත තමන් වෙත ලබා ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව නොරහසක්. ඔහු කූට ලෙස කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙත ඇති ජනතා කැමැත්ත වක්‍රාකාරව මෙම නව පක්ෂය වටා එකතු කර ගැනීමටයි. එසේ කරන අතරතුර ඔහු තමන්ට හිතවත් හා තමාගේම හෙන්චයියන් පත් කරගනිමින් තමාට අවශ්‍ය ලෙස ඒකාධිපති ස්වරුපයෙන් නව පක්ෂයේ කටයුතු කරගෙන යන බව නොරහසක්.

රුවන් ප්‍රදිනැන්දිස් තනතුරිනුත් ඉවතට - මංගල CIDයෙන් රුවන් ගැන පරීක්ෂණයක් ඉල්ලයි

සිය පෞද්ගලික ලේකම් රුවන් ප්‍රදිනැන්දිස් මහතා මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙනයාමේ සිද්ධියට සම්බන්ධදැයි සොයා බලන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ මහතා මෙම ඉල්ලීම කර ඇත්තේ “ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට වෙබ් මාෆියාකරු රුවන් සම්බන්ධයි” යන සිරස්තලයෙන් ලංකා ඊ නිවුස් පලකර ඇති ලිපිය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙසට සමරවීර මහතාගෙන් සිය ලේකම් ප්‍රදිනැන්දිස් මහතා කර ඇති ලිඛිත ඉල්ලීමකට අනුවය.

පාකිස්තානයෙන් පොහොර - ජැට් ටෙන්ඩර් ලන්සුව රාජසන්තකයි ?

උද්ගතව ඇති පොහොර අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වෙමින් පාකිස්තානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක් ගෙන්වීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.


ජනපතිවරයා පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් මෙම පොහොර තොගය ඉල්ලා ඇති අතර ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් පොහොර තොගය කඩිනමින් එවීමට පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා එකඟවී ඇතැයිද පැවසේ.


රටතුළ පවතින උග්‍ර පොහොර හිඟය සම්බන්ධයෙන් ඊයේ (12) කැබිනට් සාකච්ඡාවේදීද බරපතල විවේචනයට ලක්ව ඇති බවද මේ අතර වාර්තා වේ.

නවින් තේ පර්යේෂණ වත්තත් විකුණන්න හදයි

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ රත්නපුර ප්‍රාදේශී පර්යේෂණ ආයතනයට අයත් කරපිංච ශාන්ත ජෝකිම්වත්ත සහ කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශයට විකිණීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ සඳහා ඒ මහතා කැබිනට් පත්‍රිකාවක් යොමුකර අනුමැතිය ද ලබාගෙන ඇති බව පැවසේ.

එම කර්මාන්ත ශාලාව මෙසේ පෞද්ගලික අංශයට ලබාදීමට සැරසෙන්නේ 2017 වසරේ සිට මසකට රුපියල් මිලියනයක් පමණ ලාභ ලබමින් සිටියදීය.

එජාප මන්ත‍්‍රීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.

එසේ මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි සභාවේ සභාපතිවරයා වෙත යොමු කර ඇත්තේ රොයිස් ප‍්‍රනාන්දු හා ප‍්‍රසන්න සම්පත් යන මන්ත‍්‍රීන්ය.

Tuesday, December 12, 2017

ශ්‍රීලනිපයෙන් දෙහිවලට ගයේෂා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.

සේවයට වාර්තා නොකළ අය සේවය හැර ගියා සේ සළකනවා

ඊයේ ( 11) සේවයට වාර්තා නොකළ සියලු දෙනා සේවය හැර ගියාසේ සලකා කටයුතු කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් .අබේවික්‍රම මහතා දන්වා සිටි. දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති බැවින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම් මත සේවය කරන සියලු දුම්රිය ස්ථානාධිපතිවරු . දුම්රිය රියැදුරන් , සහ දුම්රිය නියාමකවරුන්, වහාම සේවයට වාර්තා කරන ලෙස සාමාන්‍යාධිකාරිවරයා නියෝග කර තිබේ.

අමතර බස්රථ 1750ක් ධාවනයේ - සිසුන්ටත් දුම්රිය වාර ප්‍රවේශ වලංගුයි

දුම්රිය වර්ජනය නිසා අපහසුතාවයට පත්ව සිටින මගි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අමතර බස්රථ 1750 ක් යොදවා ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසිය. පාසැල් නිවාඩුව හේතුවෙන් පාසැල් සේවා සඳහා බස්රථ 750 ක් දුරගමන් සේවා සඳහාද, සුඛෝපභෝගි බස්රථ 60 ක් ද, මේවන විට යොදවා ඇති බවද, ඇමැතිවරයා කිය. මෙම බස්රථවල දුම්රිය ගමන් වාර ප්‍රවේශපත්‍ර තිබෙන අයට කලින් ආසන වෙන්කරවා ගත් මගී ජනතාව කිසිදු ගාස්තුවකින් තොරව ගමන් පහසුකම් ලබාගැනිමට අවසර ලබාදි ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා කිය.

යෝජිත නව ව්‍යවස්ථාවෙන් තොරතුරු දැන ගැනීමට මංගලගෙන් මුල්තැන

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තොරතුරු දැනගැනීමේ අයිතියට ප්‍රමුඛතාවක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

ශ්‍රීලනිපය ක්‍රම තුනකින් පුංචි ඡන්දයට! “ලොක්‌කෝ යාළු වෙනකම් ඉන්න එපා“ දුමින්දගෙන් අමුතු කතාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී අත, බුලත් කොළය සහ තවත් සලකුණු අනුව ක්‍රම තුනකින් තරග කරන බව ශ්‍රීලනිප මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින්ද තවත් දිස්ත්‍රික්ක කිහිපයකට බුලත් කොළයෙන් ද තරග කරන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා සුළු පක්ෂ සමග එක්ව සුදුසු ඡන්ද ලකුණකින් තරග කරන බවද මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතන 93 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු සකස් කර අවසන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් එම පළාත් පාලන ආයතන සඳහා සිය අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබේ.

“දැන් මොකක්ද බං කරන්නේ“ මහ ඇමැති ඉසුර - මහින්ද එක්ක රහස් කතා කළ දුරකතන සංවාද ගැන හෙළිවෙයි

මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කර පොහොට්ටුවේ අපේක්ෂකයන්ට මැතිවරණයේ නිරත විය නොහැකි බවත් පොහොට්ටුවේ අපේක්ෂකයන්ට එය තහනම් වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රීලනිපයේ සාමාජිකයෙකු නිසා බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අතර ඇතිවූ දුරකතන සංවාදයක් ගැන ද හෙළි විය.

එම දුරකතන සංවාදයේදී “දැන් මොකක්ද බං කරන්නේ“ යැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් විමසා සිටිය බවත් “සර් මේ පක්ෂෙ කඩනවාද? “ යන ප්‍රශ්නය එහිදී තමා ඇසූ විට මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුරු වූයේ “උඹට පිස්සුද මම කවදාවත් පක්ෂෙ කඩන්නේ නෑ“ යනුවෙන් පිළිතුරු දුන් බවද ඉසුර දේවප්‍රිය මහතා හෙළිදරව්වක් සිදු කළේය.

Monday, December 11, 2017

පොහොට්ටුව සහ අලියා 'මහරගමදී' අවුලක?


කිසිදු ගැටලුවකින් තොරව පළමුවතාවේදීම නාමයෝජනා කැඳවීම් සිදු කළ පළාත් පාලන ආයතන 93 අතර මහරගම නගර සභාව ද පවතී.මෑත කාලීනව මහරගම ආසනය දේශපලන කරළිය තුළ උණුසුම් වූයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයාව සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ අමාත්‍ය ධුරය වූ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය තුළ මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂය යම් අස්ථාවරවීමකට ලක් වීම තුළය.

නාම යා්ෙජනා අර්බුදයෙන් පක්ෂවල කෑලි හැලේ

පළාත් පාලන මැතිවරණය වසර තුනකට ආසන්න කාලයක් ප්‍රමාද වීමෙන් පසු පැවැත්වීමට තීන්දු කර තිබේ. මෙවර පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් දක්නට තිබෙන විශේෂම ලක්ෂණය වන්නේ ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ සන්ධාන ලෙස පුංචි ඡන්දයට තරග වැදීමයි. පවතින උණුසුමේ හැටියට පෙනෙන්නේ ගමේ පුංචි ඡන්දය දේශපාලන පක්ෂ විසින් ජාතික මැතිවරණයක් මට්ටමට වවාගෙන ඇති බවයි. ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන එ.ජා.ප.ය කලින් සේම පක්ෂ ගණනාවක් සමඟ හවුල් වීමට තීන්දු කළේය. චම්පික රණවක නායකත්වය දෙන ජාතික හෙළ උරුමය රවුෆ් හකීම්ලාගේ මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් හා රාධා ක්‍රිෂ්ණන් නායකත්වය දෙන දෙමළ ඒකාබද්ධ පෙරමුණ රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ආදී පක්ෂ එ.ජා.ප.ය සමඟ සන්ධානගත වීමට තීන්දු කර ඇත. ඇතැම් ස්ථානවල වෙන වෙනම තරග කිරීම ගැන මුස්ලිම් කොංග්‍රසය හා එ.ජා.ප.ය අතර පසුගිය සතියේ උණුසුම් මතගැටුම් හටගත් බවද සඳහන් විය. මනෝගනේෂන් හා වතුකරයේ පලනි දිගම්බරම් හා රාධා ක්‍රිෂ්ණන් දෙදෙන තමන්ගේ සමීප ඥාතීන් පිරිසකට නාමයෝජනා ලබාගැනීම සඳහා එ.ජා.ප.යෙන් වැඩි ආසන ඉල්ලීම හේතුවෙන් මතගැටුම් හටගත්තේය. අවසානයේ එ.ජා.ප නාමයෝජනා මණ්ඩලය මේ අයට යෝජනා කර ඇත්තේ වතුකරයේ දී එ.ජා.ප.ය සමඟ සන්ධානගතව තරග කරන්නටත් කොළඹ ඇතුළු පිට පළාත්වලදී එම පක්ෂ වෙනම ලැයිස්තු ඉදිරිපත් කරන්නට සතුටු නම් එලෙස ක්‍රියා කරන හැටියටයි.

රෝසි, ආසාද්සාලි, කාමිල් කොළඹ සටනට

කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයන් ලෙස ප්‍රධාන පක්ෂ වලින් අපේක්ෂකයන් නම්කර ඇතැයි දේශයට වාර්තා වෙයි. එ.ජා.ප.යේ හිටපු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියද ශ්‍රීල.නි.ප.යෙන් අසාද් සාලි මහතාද පුරපති අපේක්ෂකත්වයට පත්කර ඇත.

බැසිල් ගැන පක්ෂ අටකින් මහින්දට පැමිණිල්ලක්

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂවලට නාමයෝජනා ලබාදීමේදී බැසිල් රාජපක්ෂ මහතා සාධාරණය ඉටු නොකරන බවට එම හවුලට සම්බන්ධ පක්ෂ අටක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ.


මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ දේශවිමුක්ති ජනතා පක්ෂය මෙම පැමිණිල්ල කර ඇත.

Sunday, December 10, 2017

කොළේ ඉරාගන්නෙ කවුද?

පළාත් පාලන ඡන්දයක උණුසුම මෙතරම් දැනුණු අවස්ථාවක් මින් පෙර තිබුණේ නැත. එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ රැල්ලට යන ඡන්දයක් හැටියටය. රැල්ල හැදෙන්නේ බලයේ සිටින ආණ්ඩු පක්ෂයට අනුවය. ජනාධිපතිකමත් ආණ්ඩුවත් තිබෙන්නේ කාගේ අතේද ඒ පැත්තට මිස වෙනත් පැත්තකට පුංචි ඡන්දයක ප්‍රතිඵලය වෙනස් වන්නේ නැත. වෙනත් ඡන්දවලට වඩා ඇල්මැරුණු ගතියක් පුංචි ඡන්දයේදී දකින්නට හැකිවන්නේද මේ නිසාමය. එහෙම වුණත් මේ වාරයේදී නම් තත්ත්වය වෙනස් වෙන ලකුණු පෙනෙන්නට තිබේ.


එවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ පවතින ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් දෙපැත්තකට බෙදුණු ආණ්ඩුවක් වීමත් ආණ්ඩුව හැදුණු දවසේ සිටම ඊට අභියෝග කරන ඒකාබද්ධ විපක්ෂයේ බලපෑමක් හේතුවෙනි. ආණ්ඩුවේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති වෙනස් වීම නිසා ඔවුන්ට එකට එකතු වී තරග කිරීම කළ නොහැකිය. මේ නිසා යා යුත්තේ වෙන වෙනමය. එසේ ගියත් පක්ෂ දෙකටම එකිනෙකා විවේචනය කර ගැනීමේ සීමාවන් පැනවී තිබේ. ඔවුන්ගේ හරහට සිටින ඒකාබද්ධ විපක්ෂයට මේ දෙපිරිසටම පහරදීමට අවස්ථාව තිබේ. එහෙත් ශ්‍රීලනිපයේ අනාගතයට විනාශකාරී විය හැකි විවේචනයකින් වැළකී සිටීමට ඔවුන්ට සිදුව තිබේ. ඒ සමඟ විවිධ පක්ෂවලින් සමන්විත පෙරමුණක පිහිටා කටයුතු කරනා බැවින් ඒ ඒ පක්ෂවල සිතැඟි පරිදි ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට ගැලපෙන පරිදි කටයුතු කිරීමටද අපහසුය. පුංචි ඡන්දයේ උණුසුම වැඩි කිරීමට මේ සියලු කාරණා හේතු සහගත බව පැහැදිලිය.

පක්ෂ මාරු පෝලිමක් අත ලග?

ඉදිරි පළාත් පාලන මැතිවරණය තුන්කොන් සටනක් බවට පත්වීමත් සමඟ නාමයෝජනා දිනයට පෙර පක්ෂ මාරු ගණනාවක් සිදුවනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

රජයේ අමාත්‍ය ධුර දරන තිදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පස් දෙනකු දැනටමත් මේ ගැන ඒකාබද්ධ විපක්ෂය සමඟ තීරණාත්මක සාකච්ඡාවක නිතර වෙමින් සිටින බව නම් සඳහන් කිරීමට අකැමැති වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මංගලගේ මංගල අය වැය 2/3 බහුතරයෙන් සම්මත වෙයි


නීල හරිත අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි. 

කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගී වෙමින් මුදල් හා ජනමධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර කළ ප්‍රකාශය:

ගරු සභාපතිතුමනි‍,

2018 වර්ෂය සඳහා මවිසින් ඉදිරිපත් කරන ලද අයවැය ක‍ථාවේ කරු‍ණු පි‍ලිබඳව අයවැය කාරක ස‍‍‍භා අවස්ථාවේදී දින 19 ක් පුරා තම අදහස් දක්වමින් කථා ක‍ළ පක්ෂ විපක්ෂ සියලුම ගරු මන්ත්‍රීවරුන්ට මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි.

"නීල හරිත ආර්ථිකයක්" සහ "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" යන තේමාව යටතේ ඉදිරිපත් කළ 2018 අයවැය යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට පෙර ගරු මන්ත්‍රීවරුන්ගේ වටිනා අදහස් සහ යෝජනාවන් ලබාගැනීමට හැකිවීම මා අගය කොට සලකනවා. එහෙත් ඉතා ‍භාරදූර කාර්යය වන්නේ එම යෝජනාවන් යථාර්තයන් බවට පත්කිරීමයි.