BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 09, 2017

රවී ගේ 'වත්කම් කතාවට' මාධ්‍ය සංවිධාන එකඟයි - මන්ත්‍රීවරුන්ට හිනා

සියලුම මාධ්‍යවේදීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත යුතු බවට හිටපු ඇමැති, කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

"ඒක මට අයිති වැඩක්‌ නොවේ. එහෙම අයිතියක්‌ මට නෑ.." යෑයි කථානායක කරු ජයසූරිය මහතා රවි කරුණානායක මන්ත්‍රීවරයාට පිළිතුර දෙමින් කියා සිටියේය.

මෙහිදී නැගී සිටි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ "සියලු මාධ්‍යවේදීන් නොවේ පත්තර කර්තෘවරු වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුයි කියා තමයි කියා තිබෙන්නේ. ඒ පුවත්පත් මණ්‌ඩලයට ද නැතිනම් කාටද කියා දන්නේ නෑ... කථානායකවරයාට නම් නොවේ යනුවෙනි.

මහින්ද - මෛත්‍රී - රනිල් දාපු ඩීල් එළියට

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවන් කර සිරගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ගිය ඇමැතිවරු පිරිසකට ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කර ඇත.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් මෙසේ ජනාධිපතිවරයා මුණගැසී අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත.

ලසන්ත ඝාතනයට පැමිණි මෝටර් බයිසිකලයෙන් ගෝටාභය මාට්ටු වෙන හැටි මෙන්න

2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා මරා දමා තිබිණි. මෙම ඝාතනය පිලිබදව 2008 වසරේ සිට පරීක්ෂණ ක්‍රියාත්මක වුයේ ඉතා මන්දගාමී ලෙසය.වත්මන් රජය බලයට පත්වීමත් සමග එම පරීක්ෂණය මේ වන විට කදුනම් වී ඇත.

මෙම පරීක්ෂණයේ නවතම තත්වය අප වෙත වාර්තා විය.ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට පැමිණි ඝාතකයකින් පැමිණියේ මෝටර් බයිසිකලයකිනි.මෙම මෝටර් බයිසිකලය පිලිබදව එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ මෙහෙයවූවා.

රාජපක්ෂගේ නියෝග ඉටු කරන්න ගිහින් විනිසුරුවරයාට කොටු උනේ මෙහෙමයි ( නඩු වාර්තාව ඇසුරෙනි)

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනාට මහාධිකරණය විසින් රුපියල් මිලියන 600ක් (කෝටි 60ක්) ජනතා මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වසර 3ක බරපතල වැඩ සහිත සිර දඩුවම්ද එක් අයෙකුට මිලියන 5 බැගින් මිලියන 10ක වන්දියක්ද ගෙවන ලෙස මහාධිකරණය තින්තු කරන ලදී.අදාළ නඩු විභාගයේ නඩු වාර්තාව අනුව මේසේ පැහැදිලි කරමි.

1.මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සාක්ෂි විමසු අකාරය මෙසේ සදහන් වේ,

විනිසුරුවරයා- හදිස්සියේ සිල්රෙදි බෙදාදීමට ගත් තීරණයට හේතු වූ කාරණය කුමක්ද ?

මහින්ද ශ්‍රීලනිපයට ? මෛත්‍රී මහින්ද එක්වන ලකුණු ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් යලි පක්ෂය වෙත එකතු කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් තිදෙනකු පත්කර ඇත.

ජනාධිපතිවරයා විසින් එම වගකීම පවරා ඇත්තේ ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් වෙතය.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉදිරි දිනෙක එම සාකච්ඡාව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

‘සඳරැස්ගම’ ජනපති අතින් ජනතා අයිතියට

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේද සහභාගිත්වයෙන් මෙම උත්සවය පෙරවරු 9.00 පැවැත්වෙන අතර සඳරැස්ගම ගම්මානය නව නිවාස 34කින් යුක්ත වේ.

අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට පවරන තීරණයක් නෑ

දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගය පාලනය මාර්ග සංවර්ධන අධිකාරියෙන් බැහැරව වෙනත් පාර්ශ්වයකට පැවරීමට ආණ්ඩුව සුදානම් වන බවට සැකයක් සේවකයින් තුළ මතු ව ඇති බවත් එවැනි කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවත් කිරිඇල්ල මහතා අවධාරණය කරයි. අධිවේගී මාර්ගයන් හී කළමනාකරණ කටයුතු නව තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඉටු කිරීමේ හැකියාව පිළිබඳව හා නව අධිවේගී මාර්ග ඉදිකිරීම හා පවතින මාර්ග තව දුරටත් සංවර්ධනය කිරීම සඳහා සෘජු විදේශ ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් ආණුඩුව කරුණු අධ්‍යයනය කරනු ලබන බවද ඒ මහතා අවධාරණය කරයි.

Friday, September 08, 2017

අගමැති විශේෂ ප්‍රකාශයක් - "මධ්‍යම අධිවේගී මාර්ගය ගැන වාර්තා බොරු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

ඒ, මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් පලවී ඇති අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙනි.

මෙහිදී විශේෂ ප්‍රකාශය කළ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

"පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක් මධ්‍යම අධිවේගි මර්ග සංවර්ධන ව්‍යපෘතිය පිළිබඳ ගෙන යන ද්වේශ සහගත අවලාද සම්බන්ධයෙන් මෙරට ජනතාවට සත්‍ය පැහැදිළි කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශය කරනවා.

ගෝඨාභයගේ ජනාධිපති සිහිනය සුනු විසුනු කරමින් – වැළිකඩ මිනීමැරුම්වල සියලු තොරතුරු සමඟ – 15 වනදාට ‘‘එළියට‘‘ එන පොත මෙන්න

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත ’12-11-10 වැලිකඩ’ කෘතිය එළිදැක්වීම සහ ඊට සමගාමීව අත්සන් කෙරෙන මහජන පෙත්සම ලබන සැප්තැම්බර් 15 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී සිදු කෙරේ.

2012 නොවැම්බර් 09 වැනිදා ආරම්භ වී 10 වැනිදා අවසන් වූ ආන්දෝලනාත්මක වැලිකඩ බන්ධනාගාර සිදුවීම අරඹයා කසුන් පුස්සෙවෙල විසින් රාවය හා ඉරුදින පුවත්පත් මගින් අනාවරණය කරන ලද තොරතුරු සහ එම සිදුවීම සොයා බැලීමට පත්කෙරුණු දෙවැනි කමිටු වාර්තාවේ සඳහන් තොරතුරු පාදක කොටගෙන කරනු ලබන සුවිශේෂ හෙළිදරව් කිරීම් මෙම කෘතියට ඇතුළත්ව තිබේ. ගවේෂණාත්මක තරුණ මාධ්‍යවේදියෙකු සහ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වන කසුන් පුස්සෙවෙල විසින් රචිත මෙම කෘතිය එළිදක්වන අවස්ථාවේ ප්‍රධාන අදහස් දැක්වීම් සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුළු වැලිකඩ බන්ධනාගාර සිදුවීමේ දී ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් සහභාගී වේ.

ලලිත් - අනූෂ නඩුවෙන් වාර්තාවක් - මිලියන 50 මහින්ද ගෙවන්න යයි.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ අනූෂ පැල්පිට යන දෙදෙනාට එරෙහි නඩුව යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පසුගිය රජයේ දූෂණවලට වගකිවයුත්තන්ට එරෙහිව පවරන ලද නඩුවලින් අවසන්වූ පළමු නඩුව ලෙස වාර්තා අතරට එක්ව තිබේ.

ලලිත් - අනුෂ බන්ධනාගාර රෝහලට

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ අනූෂ පැල්පිට දෙදෙනා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට මේවනවිට කටයුතු යොදා ඇත.

බන්ධනාගාර ‍රෝහලේ වෛද්‍යවරියක් ඊට මුලිකත්වය ගෙන තිබේ.

ලලිත් අනුෂ දෙදෙනා මේවනවිට වැලිකඩ ‘කේ‘ වාට්ටුවෙහි රඳවා ඇති අතර එහි ඩිස්පෙන්සරියක් ඇත.

මෙම ඩිස්පෙන්සරිය භාරව ඊයේ සවස 6.00 දක්වා කටයුතු කර ඇත්තේ වෛද්‍ය කණ්නබ්බි මහතා වන අතර සවස 6.00 සිට ඉදිරියට වෛද්‍ය සන්ධ්‍යා මහත්මිය වැඩබාර ගෙන තිබේ.

එහෙත්, බන්ධනාගාර නිලධාරීන් ලලිත් - අනුෂ දෙදෙනා එම වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කර නොතිබිණ.

ඒ අතර වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය නව සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඔවුන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන් බරපතල දියවැඩියාව රෝගීන් හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිර්දේශ කර තිබේ.

අභියාචනයකට සැරසෙති

මේඅතර තමන් වැරදි කරුවන් කරමින් අධිකරණය විසින් ලබාදුන් නියෝගයට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කටයුතු කරමින් සිටිති.

විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට දඬුවම් නියම කළ අවස්ථාවේදීම මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා දැනුම් දුන්නේය.

අදාළ අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩු තීන්දුව තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් ඉන්දතිස්ස මහතා නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපතක් තමන්ට අදාළ ගාස්තුවට යටත්ව නිකුත් කරන ලෙස ඉල්ලීමක්ද කළේය.

තීන්දුවේ මුද්‍රණ දෝෂ නිවැරදි කොට හෙට දිනයේදී තීන්දුවේ පිටපතක් නිකුත් කළ හැකි බව දැනුම් දුන් විනිසුරුවරයා ඒ ස`දහා හෙට දිනයේ ඉල්ලීමක් කරන ලෙස දැනුම් දුන්නේය.

අරුන්දික - චන්ද්‍රිකා ගැටෙති.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී වචන හුමවාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයට වෙනම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවසර ලබාදුන් ආකාරයට ශ්‍රීලනිප ඇමතිවරුන්ටද පාර්ලිමේන්තුව තුළ වෙනම අසුන් ගැනීමට අවසර ලබාදෙන ලෙසට අරුන්දික ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (06දා) රාත්‍රියේදී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තත්ත්වය ඇති වී තිබේ.

රටකට ආදරේ නම් හැකි පමණින් බදු ගෙවන්න - 18+ සැමට බදු ලිපිගොනුවක්.

රටේ ආදායම වැඩි කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් ආදයම් බදු සම්බන්ධයෙන් නව පනතක් ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන සතුටු වන බවත් රටකට ආදරය නම් තමන්ට හැකි තරමින් ආදායම් බද්දක් ගෙවන්න අවශ්‍ය බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.


දේශීය ආදායම් පනත් කෙටුම්පත විවාදය අරඹමින් අමාත්‍යවරයා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසී ය

බැඳුම්කර චෝදනා බොරු බව රෝසි කියයි! කළ අපහාසයට නඩු

තමන් කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ සමයේ එම කමිටුවට හමුවට ඉදිරිපත් වූ කිසිදු තොරතුරක් නීති විරෝධි ලෙසින් කුමන පාර්ශවයකට හෝ ලබාදී නොමැති බව අග‍්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී රෝසි සේනානායක පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය කල් යයි

මේ මස 10 වැනි දා රත්නපුරයේ දී පැවැත්වීමට සුදානම් කර තිබූ එක්සත් ජාතික පක්ෂ 71 වැනි සංවත්සරය කල් දැමීමට ඉඩ ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Thursday, September 07, 2017

ගිණි පොලී කාරයන්ගෙන් බේරා ගැනීමට වැඩපිළිවෙළක්

රටේ අවිධිමත් ණය ලබා ගැනීමේ ක්‍රමවලින් ජනතාව ගලවාගෙන අධික පොලියකට ඔවුන් සිදු කරගෙන යන ණය ලබා ගැනීම් නැවතීමට අවශ්‍යය පියවර ගැනීමට,රාජ්‍ය බැංකු සඳහා ජනතාව සමීපකර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත්,එම කටයුතු පහසුකර ගැනීමට හැකි ක්‍රමවේදයක් සළසා දෙන ලෙසත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පෙන්වා දෙයි.

රජය දෙවර්ශ පූර්ණය සමරන අවස්ථාවේ දී,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් ආයතන පිළිබඳ කාර්ය සාධන දර්ශකයක් පවත්වාගෙන යමින්,මාසිකව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට අමාත්‍යවරයාගේ අදහසක් මත අමාත්‍යංශ ප්‍රධානීන් අවශ්‍යය පියවර ගෙන ඇති අතර,ඒ අනුව අගොස්තු මාසයට අදාළ සාකච්ඡාව පසු ගිය දින අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගරයේදී පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

අර්ජුන් ඇලෝසියස් CIDයට - නීතිඥයා කොමිසමෙන් ඉවතට

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදිම සඳහා කොමිසම වෙත පැමිණෙන ලෙස ඔහුට කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබුණි.

මහා දුම්රිය අනතුරක් වැළැක්වූ දුම්රිය සේවකයා ආදර්ශයක්

පසුගිය 04 දා කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය සිංගිමලේ බිම්ගෙය තුළදී පීලිපැනීමකට ලක්වීමට තිබූ බවත් එම අවස්ථාවේ දුම්රිය මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි කේ. එම්. බණ්ඩාර මහතා පුපුරා ගොස් තිබූ රේල් පීල්ල දැක වහාම ක්‍රියාත්මකවීම නිසා සිදුවීමට ගිය මහා අනතුරක් වළක්වා ගැනීමට හැකිවිය. බණ්ඩාර මහත‍ාගේ අවස්ථානෝචිත ප්‍රඥාව හේතුවෙන් එම අනතුර වළක්වාගත් අතර දුරකථන සංඥා පවා එම ස්ථානයේ නොතිබූ බැවින් වහාම දුම්රිය ඉදිරියට එන මාර්ගයේ දිව ගොස් දුම්රිය නතර කර ගැනීමට හැකිවූ බවද පවසන අමාත්‍යවරයා මෙම ක්‍රියාව මුළු මහත් දුම්රිය සේවයටම ආදර්ශයක් බවත් එවැනි සේවකයින් ඇගයීමට ලක්කළ යුතු බවද පැවැසීය.

ඒකාබද්ධය ඉල්ලන හැටියට සංශෝධන ගෙන ආවොත් පුංචි ඡන්දය තවත් කල්යයි අගමැති රනිල් කියයි


ඒකාබද්ධ විපක්‍ෂය ඉල්ලා සිටින ආකාරයට රජයේ සේවකයන්ට මැතිවරණයට තරග කිරීම හා තරුණ නියෝජනය පිළිබඳ සංශෝධන ගෙන ආවොත් පළාත් පාලන ඡන්දය තවදුරටත් කල් යනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්‌ථාවේදී ඩලස්‌ අලහප්පෙරුම මහතා ඇසූ පැනයකට පිළිතුරු දුන් අගමැතිවරයා මේ බව කියා සිටියේය. 

එම්. එල්. එම්. සල්මාන් මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැතිවරයා මෙසේ කීවේයá

මන්ත්‍රී කාර්යාල දීමනාව සඳහා කෝටි 13 1/2 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

කාර්යාලයක්‌ පවත්වාගෙන යැම සඳහා සෑම මන්ත්‍රීවරයකුටම රුපියල් ලක්‌ෂයක මාසික දීමනාවක්‌ ලබාදීමට රුපියල් දහතුන් කෝටි හතළිස්‌ හතර ලක්‌ෂයක්‌ ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (06 දා) පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කෙරිණි. සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා මෙම පරිපූරකය ගෙන ආවේය.

කසුන් කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ පිටපතක්‌ රෝසිගෙ පුතාගෙන් ඇලෝෂියස්‌ට - පර්පෙචුවල් ප්‍රධාන අලෙවිකරු

එක්‌සත් ජාතික පක්‌ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා ගෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා 07 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ සම්පූර්ණ පිටපතක්‌ අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ලැබී තිබුණු බව ඊයේ (06 දා) බැඳුම්කර කොමිසමේදී වාදනය කරන ලද දුරකථන සංවාදයකට සවන්දීමෙන් පසු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා කීවේය.

ක්‍රීඩා ඇමැතිට 7 වන ශ්‍රේණියේ ටයිකොන්ඩෝ ගෞරව කළු පටියක්

පසුගියදා කොරියන් රජයේ ආරාධනය අනුව තෙදින නිළ සංචාරයකට සහභාගී වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසෙකර මහතා හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලයේ සභාපති මහාචාර්ය චෞවු චුංවොන් මහතා අතර විශේෂ හමුවක් සිදුවිණි.

මෙරට ටයිකොන්ඩෝ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය තාක්ෂණික හා පුහුණු සහාය ලබා දීමට එහිදී සාකච්ඡා විය. ඒ අනුව කොරියානු ජාතික ටයිකොන්ඩෝ පුහුණුකරුවන්, නිල ඇඳුම්, ක්‍රීඩා උපකරණ ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමට මෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් කොරියාවට ගෙන්වා පුහුණුව ලබා දීමටත් එකඟතාව පල විය.

ජාතික ආණ්ඩුව රැකියා ලක්ෂ 4ක් බිහි කරලා

ජාතික ආණ්ඩුව මේ වන විට රැකියා ලක්ෂ හතරක් බිහි කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

විධිමත්, අවිධිමත් සහ ස්වයංරැකියා අංශවල රැකියා ලක්ෂ හතරක් මෙම වසර දෙකහමාර තුළ බිහි කර ඇතැයි කී අගමැති වික්‍රමසිංහ මහතා ඉන් බොහෝමයක් හොඳ ආදායම් ලබන රැකියා බවද පැවැසීය.සමහර රැකියාවල ආදායම ගැන තෘප්තිමත් වීමට නොහැකි වුණද ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබිය හැකි බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ අනෙකුත් තරුණ තරුණියන්ටද රැකියා ලබා දීමටද ක්‍රියා කරන බවද කීය.

Wednesday, September 06, 2017

එ.ජා.පය 71 වෙනුවෙන් ආගමික වතාවත්වල

පක්ෂයේ 71 වන සංවත්සරය වෙනුවෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂය විසින් අද ආගමික වතාවත්වල නිරත විය.

මේ එහි දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ -
අපේ ආණ්ඩුවේ සංවර්ධන වැඩකටයුතු නිසාම මෙම ස්ථානයට පැමිණීම අද තරමක් ප්‍රමාද වුණා.

ඒ රාජගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ග තදබදයට මුහුණදීමට අපට සිදුවූ නිසයි. 

මෙතෙක් කල් කවුරුත් නොකළ වැඩකටයුත්තක් ආරම්භ කළ විටදී ඉදහිට එවැනි ගැටළු සඳහා මුහුණදීමට සිදුවනවා. 

රාජ්‍ය නිලධාරීන්ට මංගලගෙන් වාහන පර්මිට්

රාජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළ බවත් සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටට පත්වන බවත් වාහන බලපත්‍ර සහන නැවත ලබාදුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) නියමන් පිළිබඳව විවාදයට එක්වෙමිනි.

ප්‍රවාහන ගැටළු සහසර අනුව විසඳන්න ජනපති නියම කරයි !

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ ගැටළුවලට විසඳුමක් ලෙස ජනාධිපති කාර්යාලයට අනුබද්ධිත සෙමා ආයතනය සහ මධ්‍යම පලාත් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ සහසර නියමු ව්‍යාපෘතිය ඉතා සාර්ථකවීම නිසා එය මුළුදිවයින පුරාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට හා ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස්දී ඇතැයි වාර්තා වේ.

සහසර ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබුවේ රටේ ශ්‍රම බලකායට බලපාන ලද ප්‍රවාහන ගැටළුවට විසඳුමක් ලෙසය.
ප්‍රවාහන ගැටළුව රටේ ප්‍රධාන ආර්ථිකයටද දැඩිලෙස බලපෑම් සිදු කරන ලද්දක් වූ අතර කලට වේලාවට ගමනක් බිමනක් යෑමට නොහැකි වීම, බස්රථ තුල අධික තදබදය මෙන්ම වෙහෙසකට පත්වීම, මාර්ග තදබදය, විනය ගරුක සේවාවක් නොලැබීම යනු මගීන්ට බලපාන ලද කාරණා මෙන්ම බස් හිමියන්ගේ ආදායම අඩුවී ඔවුන් අතර තරගකාරී බවක් ඇති වී තිබීම බස් සේවකයන් මගීන්ගේ උදහසට ලක්වීම වෘත්තීයට ගරුත්වයක් නොලැබීම වැනි කරුණු ගනනාවක් ද හේතු වී තිබිණි.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඝෝටාභය කරුපු වැඩේ පත්තු වෙයිද?

හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවට මේ වන විට ඉගි පලව තිබෙනවා.ඒ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා වන ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට භාර දීමත් සමගය.1989 වසරේදී ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී LTTE සංවිධානයට ඉන්දීය හමුදාව පිළිබද ඇතැම් තොරතුරු සපයා ඇත්තේ ගෝටාභය රාජපක්ෂ විසිනි.ඉන් පසුව එම සිදුවීම ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් අනාවරණය කරගත් පසු ගෝටාභය රාජපක්ෂ ඇමරිකාවට පලා ගිය අතර ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත්තේ එම සිදුවීමෙන් බේරිමටය.

පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව මෙරටට පැමිණි ගෝටාභය රාජපක්ෂ තමන්ට විරුද්ධව බුද්ධි අංශයේ තිබු සියලු ලිපිගොනු විනාශ කර දැමිණ.

ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් සුනිල් හඳුන්නෙත්තිට අභියෝගයක්

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය පිලිබඳ පසුගියදා (30) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියට අයත්  සුඛෝපභෝගී වාහනයක් අමාත්‍යවරයෙකු පරිහරණය කරන බව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිඛෙනවා.

දුරකථන සංවාද මකා දමමින් පර්පෙචුවල් සැඟවූ රහස්‌ අද එළියට!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් දුරකථන ඇමතුම් දත්ත මකා දමා සැඟවීමට උත්සාහ කළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවල ලංසු ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු රැසක්‌ අද (06 දා) බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මුල්වරට හෙළිදරව් කිරීමට නියමිත බව එම කොමිසමේ සමීප ආරංචි මාර්ගවලින් 'දිවයින' ට වාර්තා වේ.

මෙලෙස අනාවරණය වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් පටිගත කළ දුරකථන ඇමතුම් දත්ත මකා දමා පසුව එම ඇමතුම් දත්ත ගබඩා කර තිබූ පරිගණක යන්ත්‍රය පවා විනාශ කර ජනාධිපති බැඳුම්කර කොමිසමට මෙතෙක්‌ සැඟවූ සත්‍යය බව ද එම ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණි.

ෆොන්සේකාට විශ්වාසභංගයක්‌ ඒකාබද්ධයේ තීරණය අද

ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම අද (6 දා) අවසන් තීරණයක්‌ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

හිටපු හමුදාපතිවරයකු වන ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි දෙන බවට සරත් ෆොන්සේකා ඇමැතිවරයා රට පාවාදෙන ප්‍රකාශයක්‌ කිරීම මෙයට හේතු වන බවත් හෙතෙම පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම අද පාර්ලිමේන්තුවේදී රැස්‌ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයක්‌ ගන්නා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය

නූතන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පසුබිම සකස් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවර ඉටුකළ එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය 2017 සැප්තැම්බර් මස 06 වන දින එළඹෙයි. මෙය සනිටුහන් කිරීම සඳහා වූ උත්සවය සැප්තැම්බර් 10 වන දින රත්නපුර නගරයේදී පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ ජාතික මෙහෙවර අළලා සැකසුණු ලිපියකි මේ.

ජාතික නිදහස් ‍සටන් ව්‍යාපාරය තුළ සංවිධානය වී සිටි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ඇතුළු නායකයින් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී තත්ත්වයෙන් නිදහස දිනාගැනීම සඳහා පුරෝගාමී මෙහෙවරක යෙදුණහ. සෝල්බරි කොමිසම සංස්ථාපනය කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා පාලන තන්ත්‍රය ශ්‍රී ලාංකිකයින්ට ලබාගැනීම සඳහා ඩී. එස්. සේනානායක විසින් නායකත්වය දෙනු ලැබීය.

Tuesday, September 05, 2017

නව මැතිවරණ ක්‍රමයේ උපරිම ප්‍රතිඵල ලබන්න ඡන්දය පැවැත්වීමට කල් ඕනෑ

නව මැතිවරණ ක්‍රමයේ දෝෂ අවම කර උපරිම ප්‍රතිඵල ලබන ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්දය පැවැත්වීමට ප්‍රමාණවත් කාලයක් ගැනීමට සිදු වූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සරණ රිමාන්ඩ් - රජයේ වාහනයක්‌ සාපරාධී පරිහරණය කළැයි චෝදනා

සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයට අයත් රුපියල් ලක්‍ෂ 80 කට අධික වටිනාකමක්‌ සහිත රජයේ වාහනයක්‌ සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට සිටි සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ හිටපු සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ලබන 18 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (04 දා) පස්‌වරුවේ නියෝගය කළාය.

පුංචි ඡන්දය ජනවාරි මුල ප්‍රකාශයට පත් කිරීම ලබන මස

පළාත් පාලන මැතිවරණය ලබන ඔක්‌තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි.

මේ අනුව එහි ඡන්ද විමසීම ලබන ජනවාරි මස මුල්මාසයේදී පැවැත්වෙනු ඇත.

හමුදාපති මට කිව්වේ නැහැ - සරත් ෆොන්සේකා කියයි

ජෙනරල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධව තමා කළ ප්‍රකාශය පිළිබඳව යුද හමුදාපතිවරයාගේ විරෝධය 'දිවයින' පත්‍රයට ප්‍රකාශ කළත් ඒ බව ඔහු තමාට කීවේ නැතැයි ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (04 දා) පෙරවරුවේ කිරිබත්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කිරිබත්ගොඩ හන්දියේ ජෙනරාල් විජය විමලරත්න පිළිරුව අසලදී පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූ මොහොතේ ඇමැතිවරයා එසේ පැවසීය.

V2025 - කවුරු කෙසේ කීවත් සම්මුති ආණ්‌ඩුව සාර්ථකයි - ජනපති

දේශයේ සියලු පුරවැසියන්ට ඉහළ ආදායමක් සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා ඉන්දියානු සාගරයේ සමාජ වෙළඳ පොළ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභිලාෂය පෙරදැරි කර ගනිමින් 2025 වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කරලීමේ තුන් අවුරුදු ආර්ථික වැඩසටහන - V 2025 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (04) එළි දැක්විණි.

රටේ අනාගතය භාර ගැනිමට සිටින තරුණ තරුණියන් පිරිසකට ඔවුනගේ අනාගතය ඉඳි කෙරෙන 2025 වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිරිනැමීම මෙහි සිදු වූ සුවිශේෂි සිද්ධියක් විය.

Monday, September 04, 2017

දේශීය ආදායම් පනත ගැන විකෘති ප්‍රකාශ කරනවා - ඇමති මංගල

උපායමාර්ගික සංවර්ධන පනත හරහා විජාතිකයන්ට මහා පරිමාණ බදු සහන හා විරාම ලබා දුන් දේශපාලනික අවස්ථාවාදියකු ලෙස කටයුතු කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාත්, අන්ධයකු මෙන් ඔහුව අනුගමනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාත් නව දේශීය ආදායම් පනත පිළිබඳව විවිධ විකෘති ප්‍රකාශ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා චෝදනා කෙළේය.

මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කළේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එහි මෙසේද සඳහන් වේ.

දෙනියායට අති නවීන පහසුකම් සහිත රොහලක් - ඇමති සාගල

දෙනියාය ප්‍රදේශයේ අති නවීන පහසුකම් සහිත රොහලක් ඉදිකිරීමට පිඹුරුපති සකසා අවසන් බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. දෙනියාය හෑන්ෆර්ඩි ප්‍රදේශයේ එය ඉදිකිරීමට නියමිත අතර ඒ සදහා ඉඩම්ද අත්පත් කරගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

Sunday, September 03, 2017

මේ රටේ කිසිවකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ - ජනපති

ආණ්ඩුවේ වැරදි තිබෙන බවත්, නිවරදි කළ යුතු දේ තිබෙන බවත්, යන ගමන වෙනස්විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සර සමුළුව අද (03දා) අමතමින් ඔහු මේ බව පැවැසීය.

හිටපු ජනපතිවරයා මැතිවරණකට ගියේ ආර්ථික හා දේශපාලනික වශයෙන් අර්බුදයකට ලක්ව සිටි බැවින් යැයිද ඔහු පැවැසීය.

"ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා පැනවීම ආරම්භ කර තිබුණේ. ලෝකයම අවි අමෝරාගෙන සිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි නිසා දෙකට බෙදුණා. ජාත්‍යන්තර අපි නිසා දෙකට බෙඳුණා.

66ට - 66යි - අද දින උපන් දිනය සමරන ජනපති මෛත්‍රී ගැන මෙතෙක් නොඇසූ කතාව මෙන්න

පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන හෙවත් මෛත්‍රීපාල සිරිසේන (උපත 1951 සැප්තැම්බර් 3) ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හත්වන හා වත්මන් ජනාධිපති වරයා ද වෙයි. ඔහු බස්නාහිර පළාතේ උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.

මහින්ද, ශ්‍රීලනිප සම්මේලනයට ඒන්නෙනෑ - හේතුව මෙන්න

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්‌ඩු කරනතෙක්‌ පක්‍ෂයේ සම්මේලනයට සහභාගිවීමට හැකියාවක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

පක්‍ෂ සම්මේලනයට සහභාගි වන ලෙසට එවන ලද ආරාධනා පත්‍රය ඊයේ ලැබුණු නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ තම මන්ත්‍රී කණ්‌ඩායම ඊට සහභාගි නොවීමට තීරණය කර ඇති බැවින් සහභාගි නොවන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

යහපාලන ආණ්ඩුවේ V 2025 සැලැස්ම 04 ප්‍රකාශයට

යහපාලන ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම සැප්තැම්බර් 04දා ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිව්රුම් දී දෙවසරක් සපිරෙන් එදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන උත්සවයකදී මෙම සැලැස්ම එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

ඉදිරි වසර තුන සඳහා වන සංවර්ධන යුගයේ වැඩසටහන ලබන සඳුදා හෙළිකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මාලඹේ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වීමෙන් කියා සිටියේය.

ඒකාබද්දේ ප්‍රබලයෙක් යළි ශ්‍රීලනිපයට !


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකු ළඟදීම යලි ශ්‍රීලනිපය වෙත එක්වීමට නියමිතව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

රාජපක්ෂ පාලන සමයේ ජනප්‍රිය ඇමතිවරයකුව සිටි මෙම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයාට, ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශයක රාජ්‍ය ඇමති ධුරයක් ලබාදීමට ද එකඟත්වයට පැමිණ ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

ඔහු හෙට (03) පැවැත්වෙන ශ්‍රීලනිප සම්මේලනයට එක්වීමට නියමිතව සිටියද එය දින කිහිපයකට කල්දමා ඇත්තේ, පෞද්ගලික හේතුවක් මතය.

ඩයනා ගමගේට රන්මිනි තැන්න බාරදෙයි

රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ නව සභාපතිනිය ලෙස ඩයනා ගමගේ මහත්මිය පත්කර තිබේ.

නිළියක්, නීතිවේදිනියක් හා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා අපේක්ෂිකාවක් වන ඇය ඩයනා ගමගේ පදන නමින් පදනමක්ද පවත්වාගෙන යන්නීය.

වරාය විකුණලා - කතාවේ බොරුව මේකයි

2015 ජනාධිපතිවරණයෙන් පසු හමුදා බලය යොදා ජන බලයට පයින් ගසන්න කුමන්ත්‍රණය කළ මහින්ද පාර්ශ්වය අද කුමන්ත්‍රණවලින්ම ජීවිකාව ගෙන යන පිරිසක්‌ හරහා බලය අල්ලන්නට උත්සහ කරමින් සිටින බව පැහැදිලිය. අද රටේ සිදුවන සියලු රාජ්‍ය විරෝධි ක්‍රියා පසුපස කුමන මාදිළියේ හෝ ඒකාබද්ධ විපක්‍ෂයේ අයෙකු සම්බන්ධව සිටින බව දැකගත හැකිය.