BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 24, 2018

'රට කන්නේ මහ බැංකුවේ ලොක්කෝ' - රවීගේ කෙලින් කතාව : Ravi Karunanayake

මේ රට කා දමා තිබෙන්නේ දේශපාලනඥයින් නොව මහ බැංකුවේ කට්ටිය යැයි හිටපු මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කැබිනට් මණ්ඩලයේ ඇති ප්‍රශ්නය කයිවාරුව මිස වැඩ පෙන්වීමක් නොමැති බවද මන්ත්‍රීවරයා කීය.

පාර්ලිමේන්තුවේදී අද පැවැති සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත පිළිබඳව පනත විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

‘අපි හැමදාම කටයුතු කර තිබෙන්නේ දේශපාලනය ගැන හිතලා මිස රට ගැන හිතලා නොවෙයි. විපක්ෂයේ වැඩේ පවතින ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම. අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිලා නැහැ.

Friday, March 23, 2018

ජනපති පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් පකිස්තානයෙන් ලැබුණු ඉහලම ආචාරය අද දිනයේ හිමි වූ බව ලෝකයම ඉදිරියේ අද වාර්තා වුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ පකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමත් සමගය.

විශේෂ ආරක්ෂක රථ වාහන පෙළපාලියකින් උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිතුමා පාකිස්ථාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.මුළු පකිස්තානයම මෙය දෙස ඒ මොහොතේ සජීවීව නරබමින් සිටියේ ශ්‍රී ලංකාවට මහත් වූ අභිමානයක් ගෙන දෙමින්ය.

ලොක්කාගේ කැරැට්ටුව ලෙක්කාටම ලියා යවා - සුදත් අතුරුදහන් !

අග්‍රාමාත්‍ය පෞද්ගලික සහකාර හා එජාප සන්නිවේදන බලකායේ ප්‍රධානී යන ධූරවලින් ඉල්ලා අස්වූ සුදත් චන්ද්‍රසේකර මහතා අද (23) පෙරවරුවේ සිරිකොත සිය කාර්යාලයේ තිබූ සියලු ලිපිලේඛන රැගෙන ගොස් ඔහුගේ නිල මෝටර් රථයද භාර දී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේම හිදිමින් ආණ්ඩුවට බනින උන් ආණ්ඩුවේ නොසිට විපක්‍ෂයට යනු - රාජිත

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිදු අර්බුදයක් නැහැ. අර්බුද ඇති තිරීමට සමරු උත්සාහ කරනවා. මෙම උත්සාහය රාජපක්ෂලාගේ වුවමනාව මත සිදු කරනවා ද යන්න ඉදිරියේ දී සනාථ වනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මාධ්‍ය වේදීන් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

රනිල්ගේ පෞද්ගලික සහකාර සුදත් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර හා එජාප සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා අදාළ තනතුරු දෙකෙන්ම ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා අගමැතිවරයාගේ පෞද්ගලික සහකාර ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය අගමැති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදී ඇති බවද මේ අතර වාර්තා වේ.

පෙන් වැරදි සිදුවුණා - අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා - ඇමති සාගල කියයි

වත්මන් රජය ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රැගෙන ආ ඇතැම් වැඩපිළිවෙළ නිසා ජනතාවට යම් යම් අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ බවත් ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට වත්මන් රජය සූදානම් බවත් තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශකළේ පස්ගොඩ, පිටබැද්දර සහ කොටපොළ ප්‍රාදේශීය සභාවන්ට එක්සත් ජාතික පකන්ෂයෙන් තේරීපත් වූ සභිකයින් දිව්රුම් දීමේ අවස්ථාවට එක්වෙමිනි. මොරවක නයාමුල්ල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දී පැවැත්වූ එම උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

Thursday, March 22, 2018

නාමල්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරයි

එක්සත් ජනතා නිදහස් සන්දාන හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කර ඇත.

මන්ත‍්‍රිවරයා සිය ට්විටර් ගිණුම මගින් මේ බව සදහන් කර තිබේ.

රෝසි පුරපති පුටුවේ වැඩ අරඹයි

කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ නගර සභාවට තේරී පත්වූ රෝසි සේනානායක මහත්මිය සිය ධුරයේ අද (22) වැඩ භාර ගත්තාය.

ශ‍්‍රීලනිප ඇමති පිරිසක් විශ්වාස භංගයට විරුද්දවෙයි - අගමැති සමග එක්වෙයි - නම් ගම් මෙන්න

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙවිව කතානායකවරයාට බාර දී ඇති විශ්වා භංග යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් හය දෙනෙකු පමණ විරුද්ද වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

රනිල්ට එරෙහි විශ්වාස භංගය දින්නත් ආණ්ඩුවක් හදන්න අපට උවමනාවක් නෑ

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව ජය ගත්තත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන ඒකාබද්ද විපක්‍ෂයට නව ආණ්ඩුවක් පිහිටුවීමේ උවමනාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ස්විස් බැංකු, පැනමා ගිණුම්, මොරිෂස් බැංකුවල සල්ලි දාපු මැති ඇමතිලා රන්ජන් හෙලි කරයි

ස්විස් බැංකුවේ, පැනමා ගිණුම්වල, මොරිෂස් බැංකුවල සල්ලි දාපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඕනෑ නම් ලැයිස්තුව දෙන්නම්” සමාජ සවිබල ගැන්වීම් සුබ සාධක රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.


ශ්‍රී ලංකාව ලෝකයේ දූෂිත රටවල් හතරෙන් එකක් බවට පත්වෙලා. දූෂණ මිනිමැරුම් ගැන නඩු භාණ්ඩ තියෙනවා. ඒ වරදකරුවන්ට දඬුවම් ලැබී නැහැ. අපරාධකරුවෝ නීතිය ඉදිරියට ගෙන ඒම හා දඬුවම් දීම නොකළේ කවුද කියා ජනතාව ප්‍රශ්න කරනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නම් දෙන්නෙක් මේ වන විට බන්ධනාගාර ගතවී ඉන්නවා. මේ රට විනාශ කළේ පාලකයන් හා පූජකයන් බව ස්වාමින් වහන්සේ නමක් පසුගියදා ප්‍රකාශ කළා. හොරුන්ට පිරිත් නූල් බඳින, අශීර්වාද කරන ආකාරය අපට පේනවා.

Wednesday, March 21, 2018

නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම පක්ෂ සංවිධායක කම එපා කියයි : Palitha Thewarapperuma

අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය අද(21) නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇති බව වාර්තා වෙනවා .

තමා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මතුගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක තනතුරින් ඉවත් කොට, කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ආසනය වන බුලත්සිංහල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක දූරයට පත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම, 

ඒකාබද්ධයේ විශ්වාසභංගයට මහින්දගේ අත්සන නැහැ

ඒකාබද්ධ විපක්ෂය මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව භාර දුන් විස්වාසභංගය අද කතානායක කරු ජයසූරීය වෙත භාර දුන්නා . ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පනස් පස් දෙනෙක් මෙම විස්වාසභංගයට අත්සන් කර තිබුණා. 

මේ ආණ්ඩුවේ මෝඩ උබදේශකයො දෙන ඔක්කොම ලොක්කො පිළිගන්නවා - රතන හිමියන් ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි

ශ‍්‍රී ලංකාව තුල භාවිතය තහනම් කරන ලද ග්ලයිෆොසෙට් නැවත භාවිතය සදහා අවසර ලබා දීමට වන ගැසට් පත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක අනුරාධපුරයේදී පැවති උත්සවයකදී කියා සිටියේය.


ගල්යිපොසේට්වලට වඩා උග‍්‍ර විෂ සහත පොහොර වර්ග දැනටත් මෙරට භාවිතයේ ඇතැයිද පවසන ඇමතිවරයා ග්ලයිපොසේට් වකුගඩු රෝගයට සෘඩුව බලපාන්නේ යයි මේ වන තෙක් ඔප්පු වී නැතැයිද සදහන් කරයි.

Tuesday, March 20, 2018

ගෝඨාගේ පොලිටිකල් ගේමකට බැසිල් බාල්දියක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාව කඩිනම් නොකළයුතු බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ නිමල් ලංසා යන මන්ත්‍රීවරුන් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

විශ්වාසභංග යෝජනාව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ අද (20) පැවති හමුවේදී මෙය සිදුව ඇත.

ප්‍රසන්න සහ ලංසාට බැසිල්ගෙන් උපදෙස්

විමල්ට සහ ජයන්තට වරෙන්තු

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඊයේ (19 දා) වරෙන්තු නිකුත් කළේය. 

එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු හත්දෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා තිබු නඩුවක්‌ කැඳවු අවස්‌ථාවේදී ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම ගැන අවධානය යොමු කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එම වරෙන්තු නියෝගය නිකුත් කළේය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්‌වමින් 2016.2.06 වැනිදා කොළඹ 7 බෞද්ධාලෝක මාවත හා හැව්ලොක්‌ මාර්ගය අවහිර කරමින් මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක්‌ පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ කුරුඳුවත්ත පොලිසිය එම නඩුව පවරා තිබිණි.

වංචාදූෂණ නඩු මේ විදිහට ගියොත් විභාග කිරීමට තව අවුරුදු 19ක් යනවා – නීතිපතිවරයා අධිකරණයට කියයි

“අධිකරණ නිර්මාණය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. අවශ්‍යනම් පාර්ලිමේන්තුවට නව අධිකරණයක් නිර්මාණය කළ හැකියි. මෙම විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන්නේ රජයේ ආර්ථිකයට බලවත් පහරක් සිදු කළ සංකීර්ණ මූල්‍ය සහ ආර්ථික අපරාධ පිළිබඳව විභාග කිරීමට. මෙම අපරාධ මඟින් රටේ ආර්ථිකයට බරපතල හානි වෙනවා. සාමාන්‍ය ආකාරයට නඩු විභාගයට ගත හොත් අවුරුදු 19කට ආසන්න කාලයක් ගත වනවා.” යැයි නීතිපතිවරයා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙවසා ඇත.

වංචා දූෂණ හා බරපතල මූල්‍ය අපරාධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා පිහිටුවන් ලබන මහාධිකරණයට අදාළ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහි විශේෂ පෙත්සම් හත විභාගයේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මේ බව කියා තිබේ.

අපි වැඩ කළා - ඒත් ඒවා ජනතාවට සන්නිවේදනය වුණේ නෑ - ආණ්ඩුවේ මාර්කටින්වල දුර්වලකම ඇමති සාගල පිළිගණී

රජය විසින් නිසි පරිදි ක්‍රියාත්මක කරන සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු නිවැරදිව ජනතාවට සන්නිවේදනය කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යය සාගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ "ෆියුචර් මයින්ඩ්ස් 2018" ජාතික උසස් අධ්‍යාපන සහ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

එහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

රුසියානු බ්ලැක්ලිස්ට් සමාගමකින් ලංකාවට ප්‍රහාරක යානා ගැනීමේ උත්සාහයක්?

රුසියාවේ රොස්බොරොන්එක්ස්පෝර්ට් (Rosoboronexport) ආයතනය ආසදු ලේඛණ ගත කිරීමත්, සමඟ එහි උප සමාගමක් මගින් පාවිච්ච්කරන ලද හෙළිකොප්ටර් 10ක්, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02ක් හා ප්‍රරහාරක යනා 06ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සැලැසුම්කර ඇති බව මුද්‍රිත මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මලික් - කබීර් විසිවෙයි - මංගල-තලතා හා ෆොන්සේකාට එජාප උප නායක ධුර - සජිත් - නවින්ට ලොකු බලයක්


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ගෙන ඒමට අත්සන් ලේඛනයක් සැකසෙමින් තිබියදී, එක්සත් ජාතික පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඒ, රුවන් විඡේවර්ධන ඇමැතිවරයාගේ කමිටුවෙන් යෝජනා කර ඇති කරුණු සලකා බලමිනි.

එහිදී එජාප ඇමතිවරුන් සිව් දෙනෙකුට උප නායක ධුර ලබාදීමටත්, මහ ලේකම්, සභාපති හා ජාතික සංවිධායක තනතුරු වලට වෙනත් පුද්ගලයින් පත් කිරීමටත් නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

සිංහලයන් විසින් මුස්ලිම් සමූල ඝාතනයක කරනවායැයි කී ජිනීවා කොටීන්ට සිංහයෝ හොදට අමතයි - . සමුළුව විසුරුවා පැන දුවයි

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයේ සමාන්තර සැසි දෙකක් මාර්තු 19 දා ජිනීවාහීදි පැවැත්වූනි. ඒවා සංවිධානය කොට තිබුනේ පිලිවෙලින් ගෝලීය දෙමල සංසදය හා ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසිනුයි.


මෙම සමාන්තර සැසිවාර වල මූලික අරමුණ වන්නේ සංහිදියාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින වර්ථ්මාන තත්වය පිලිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරිමයි.

වසර ගනනාවක් පුරා ජිනීවා මානව හිමිකම් කවුන්සිය තුල තම ආධිපත්‍යය පතුරවාගෙන අන්තර්ජාතික ප්‍රජාව නොමග යවමින් සිටි කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාවට දැන් විශාල ගැටලුවක්ව තිබෙන්නේ ඔවුන්ගේ සම්මන්ත්‍රණවලට සහභාගීවන ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නියෝජිතයින් විසින් දෙමල ඩයපෝරාව විසින් ඉදිරිපත්කරණ කරුණු තර්කානුකූලව අභියෝගයට ලක් කිරීමයි.

Monday, March 19, 2018

මලික්ට-කබීර්ට තනතුරු අහිමි වන ලකුණු..? - රනිල්ගේ අනු ප්‍රප්තිකයා නම් කරන ලෙස ඉල්ලයි..! රුවන් විජයවර්ධන වාර්තාව එළිදකියි

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහා ලේකම් ඇතුළු සියලුම ප්‍රධාන තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය විය යුතු යැයි, එම පක්ෂයේ ප්‍රතිසංවිධානය කෙසේ සිදු විය යුතු ද යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පත් කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මේ නිර්දේශ ඇතුළත් රුවන් විජයවර්ධන කමිටු වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මැදුරේදී තව සුළු මොහොතකින් පැවැත්වීමට නියමිත එකසත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නිල වශයෙන් භාර දීමට නියමිතය.

එජාපයේ ගොඩයන්න නායකයාට කරන්න ඕනේ දේ රවී හෙළිකරයි

අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය හැර යාමට සිදුවූ සිරිසේන කුරේ, තිස්ස අත්තනායක, රුක්මන් සේනානායක හා ඉමිතියාස් බකීර් මාකර් වැනි එජාප හිටපු නායකයින් යළි පක්ෂයට එක්කර ගැනීමට වහාම කටයුතු කල යුතු බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

එසේම එවැනි ගැටුම් හේතුවෙන් එජාපයෙන් ඉවත්ව ශ්‍රීලනිපයට එක්වූ කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර, රෝහිත බෝගොල්ලාගම, අසාත් සාලි, දිනේෂ් දොඩංගොඩ, හා ධනසිරි අමරතුංග වැනි තරුණ දේශපාලනඥයින් ද යළි එජාපයට දිනා ගැනීමට පක්ෂ නායකත්ව කටයුතු කළ යුතු යයි රවී කරුණානායක මහතා පවසයි.

බලලා මල්ලෙන් එළියට පනී - කිඹුලා ඇලට පෙරළුණු සුපිරි රථයේ හිමිකරු මෙන්න

පෙරයෙිදා (19) පෙරවරුවේ තලවතුගොඩ කීල්ස් ආයතනය ඉදිරිපිට කිඹුලා ඇලට වැටුනු අධි සුඛෝපභෝගී BMW i8 මෝටර් රථයේ වාහනයේ හිමිකරු හෙලිව තිබේ.


අදාල අනතුර සිදුවෙද්දී එම රථය පදවනු ලැබ ඇත්තේ තමන්ගේ ඥාතියෙක් බව සැබෑ මුත් ඔහු තම කාර්ය මණ්ඩල සාමාජිකයෙක් නොවන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අැමති කබීර් හෂීම් මහතා පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව හෙලි කර ඇත.

මෙම රථය දැනට දින කිහිපයකට පෙර කෝටි 06 කට ආසන්න මුදලක් ගෙවා මෙම රථය මිලදී ගෙන ඇත්තේ කොළඹ පිහිටි Bavarian Motors Pvt Ltd ආයතනයෙනි.

Sunday, March 18, 2018

මහින්ද චින්තන පොහොර වගේ බාල පොහොර අපි දෙන්නෙ නෑ – Sagala Ratnayaka

හොඳ පොහොර මේ තියන ගුනාත්මක පොහොර ම ම අඩු මිලකට ලබාගන්න සහනාධාරයක් එක්ක තමුන්නාන්සේලාට පොහොරත් අපි ලබා දෙනව යැයි අමාත්‍ය සාගල රත්නායක මහතා කියයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ දෙනියාය ප්‍රදේශයේ ග්‍රමීය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ස්‍දහා නව පාලම් දෙකක ඉදිකර ජනතා අයිතියට පත් කිරීමේ උස්සවය අමතමින්ය.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘අද මේ තමුන්නාන්සේලගේ ගමට වැදගත් දිනයක් උදාවෙලා තියෙන්නේ. මේ පාලම විතරක් නොවෙයි ලැබිච්ච වැදගත් දේ .තමුන්නාන්සේලගේ ගම නියෝජනය කරන්න තමුන්නාන්සේලාගේ හඬ නියෝජනය කරන්න අද ප්‍රාදේශිය සභාව තුලට මංත්‍රීවරයෙක් යවන්න අවස්ථාව ලැබිල තියෙනව. තමුන්නාන්සේලගෙ ප්‍රදේශයෙන් ප්‍රාදේශිය සභාව නියෝජනය කරමින් අපේ පක්ෂයේ ප්‍රදේශිය සභාව තුල ඉන්න මංත්‍රීවරය හැටියට පත් වෙනව. ඉතිං ඒ කියන්නෙ අද ඇතිවෙන්නේ වැදගත් කාලයක්. තමුන්නාන්සේලාට තියෙන ප්‍රශ්ණටික දැන් පාලමේ අඩුපාඩුව ඉවර වුණා නමුත් ඒ වගේ තව ප්‍රශ්ණ තියෙනවා තව ගොඩක්. ඒව ගැන හඬක් නගන්න. ක්‍රියාකරන්න සංවර්ධන විසදුම් ගෙන්නඒකට තමුන්නාන්සේලාගේ නියෝජිතයෙක් ඉන්නවා. අන්න ඒ වැඩටික ගන්න අපෙත් ඒ වැඩකටයුතු කරන්න ඒ අවශ්‍ය ශක්තිය ධෛර්‍ය අපි ඒ මංත්‍රීතුමාට ලබා දෙනව. තමුන්නාන්සේලාට ලබා දෙනව කියන ඒ විස්වාසය අපි දෙනව.