BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 23, 2017

මට සරමක් ඇඳන් වැදගත් විදිහට ආණ්ඩුවට එන්න දීපල්ලා - හිටපු එකම ගෑණිවත් උඹලා ගත්තා


පසුගියදා ආණ්ඩුවට එකතුවුණු මන්ත්‍රීවරියක් නියෝජනය කළ පක්ෂයේ තවත් ප්‍රබලයෙකු ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා ආණ්ඩුවේ නියෝජිතයින් පිරිසක් ඔහුගේ නිවසට ගොස් සාකච්චා කර තිබිණි. මෙය ආරංචි වූ පසුව අදාල ජාතිකවාදී පෙරමුණේ නායකයා තවත් බලා සිටිය නොහැකි තැන මෙම සාකච්චා සඳහා සහභාගී වුණු සම්බන්ධීකරණ කණ්ඩායමකට මෙසේ පවසා ඇති බව ආරංචිය.

මහජන බැංකුව වසා දැමීමේ බැංකු සේවක සංගම් උත්සාහය අඩපණ වේ

බැංකු සේවක සංගමයේ තීරණයක් අනුව අද දින මහජන බැංකුවේ ශාඛා වසා දැමීම සදහා ගත් උත්සාහය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත. ඒ අනුව, බැංකු සේවක සංගමයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සාමාන්‍යයෙන් සෙනසුරාදා දින විවෘතව පවතින මහජන බැංකුවේ සියලුම ශාඛා සහ සේවා ස්ථානයන් අද දින ද සුපුරුදු පරිදි විවෘතව තැබිණි.

මහජන බැංකුවේ නිළධාරීන් හත් දෙනෙකුට එරෙහිව මේ වන විට ක්රියාත්මක වෙමින් තිබෙන විනය ක්රියාමාර්ග අත්හිටුවන ලෙස බලකරමින් මෙම වර්ජනය දියත් කිරීමට සැලසුම් කළේය. ඒ අනුව බැංකු සේවක සංගමය ඉල්ලා සිටියේ සතිඅන්ත දිනවලදී සේවයෙන් ඉවත්ව සිටින ලෙසයි. එලෙස තාවකාලිකව වැඩ තහනම් වූ නිළධාරීන් හත් දෙනාගෙන් කිහිප දෙනෙකු ලංකා බැංකු සේවක සංගමයේ ඉහළ නිළතල දරමින් සිටින අයවළුන් ද වේ. 

තනි අතට බලය ගන්න මෛත්‍රිට රනිල්ට දැඩි බලපෑම්

පළාත් පාලන මැතිවරණයට පසු තනි ආණ්ඩුවක් හදන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් එම පක්ෂ දෙකේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ල වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පවසා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගයද ලබාගෙන 2020 ප්‍රධාන මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක් පැවැසීය.

කාන්තා අපේක්ෂිකාවන්ට ගැටලු කියන්න විශේෂ දුරකතන අංකයක්

පළාත් පාලන ඡන්ද විමසීමේදී කාන්තා අපේක්ෂිකාවන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්වී විශේෂ දුරකතන අංකයක් ඉදිරියේ දී හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

Friday, December 22, 2017

“බැසිල් මාව රැවැට්ටුවා.. කළවැද්දා මාව කැපුවා” – විජිත රෝහණගෙන් චෝදනා

කෝට්ටේ නගරසභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියත් නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි.

නාම යෝජනා ලබාදෙන පොරොන්දුව මත තමා බැසිල් රාජපක්ෂ මහතා හමුවී පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බවත්, කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට තමාගෙ නම කපා දමා ඇති බවත් හෙතෙම කියා සිටී.

රෝසිට ගහන්න මහින්දගෙන් මිලින්ද

එක්සත් ජාතික පක්ෂ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියගේ ජන්ද පදනම ආකර්ශණය කරගැනීම සදහා රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකු මෙන්ම දෙරණ හිමිකරු දිලිත්  ජයවීරට අයත් "ට්‍රයිඇඩ්" ප්‍රචාරණ ආයතනයේ ප්‍රධානියෙකු වන මිලින්ද රාජපක්ෂව  පොදුජන පෙරමුණේ ලයිස්තුගත අපේක්ෂකයෙකු ලෙස කොළඹ නගරසභා මැතිවරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 

පොලිසියට අහිමි වී තිබූ ජනතා ගෞරවය යළි ලබා දුන්නේ යහපාලන රජයයි - ඇමති සාගල කියයි

පොලීසිය පිළිබඳ ජනතාව තුළ අමිහි වී තිබූ ගෞරවය යළි ජනතාව තුළ ඇතිකිරීමට හැකි වූයේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව බව නීතිය හා සාමය සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පුහුණූව ලැබූ ආධුනික පොලිස් නිලධරයන් 476 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවයට සහභාගී වෙමිනි.

කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක්

වසර 40කට පසුව කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉඳි කිරීම අද (22) ආරම්භ විය. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ඛනිජ තෙල් බෙදා හැරීමේ ජාලයට මහඟු රුකුලක් වන ලෙස, කැබිනට් අනුමැතිය මත එහි ඉඳි කෙරෙන නව තෙල් ටැංකි සංඛ්‍යාව 10කි. මෙට්ට්‍රික් ටොන් 11 200 පෙට්ට්‍රල් තෙල් ටැංකි 3ක්, මෙට්ට්‍රික් ටොන් 11 900 ගුවන් යානා තෙල් ටැංකියක්, මෙට්ට්‍රික් ටොන් 12 600 ඩීසල් ටැංකියක්, මෙට්ට්‍රික් ටොන් 5 800 ඩීසල් ටැංකි තුනක්, මෙට්ට්‍රික් ටොන් 5 600 භූමිතෙල් ඉන්ධන ටැංකියක් සහ මෙට්ට්‍රික් ටොන් 3 800 ඩීසල් ටැංකියක් ඊට අයත් වේ. 

කාන්තා අපේක්ෂිකාවන්ට මඩ ගැසීම සපුරා තහනම් - ගැහුවොත් ක්‍රීඩාගාරයට

මැතිවරණයට ඉදිරිපත් වී සිටින කාන්තා අපේෂිකාවන්ට එරෙහිව අපහාස, උපහාස, අවලාද, මඩ ප්‍රහාර එල්ල කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


මෙම නීතිය උල්ලංඝනය කරන සෑම කෙනෙකුටම එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 04ක් ඇතුළු 31ක් ශ‍්‍රිලනිපයට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්වූහ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත‍්‍රීන් 07 දෙනෙකු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් දෙදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 18 දෙනෙකු ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවී මෙලෙස සහය පළකරනු ලැබූහ.

ඇස්බැස්ටත් තහනම ඉවත් කලොත් ජනපතිට විරුද්ද ජන බලයක් හදනවා..- රතන හිමි

කලින් සැලසුම් කර තිබූ පරිදි ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකරන්නේ නම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හා යහපාලන රජයට විරුද්දව ජනබලයක් ගොඩ නගන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

එජාප කොළඹ ලයිස්තුවේ පාතාල නායකයාගේ පුතාගේ නම අගමැති කපා දමයි

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ නගර සභා අපේක්‍ෂක ලයිස්තුවට ඇතුළු කිරීමට සූදානම් කර තිබූ නමක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඉවත් කර ඇත.


මැච් එක ලෑස්තියි පොලීසිය සීරුවෙන්


මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය උපරිමයෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. 


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, කිරින්ද - පුහුල්වැල්ල තිහගොඩ, කඹුරුපිටිය, දෙවිනුවර, දික්වැල්ල, මුලටියන සහ වැලිගම යන ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා පත්‍ර බාරදීමේ අවස්ථාවට අද (21) මාතරදී එක්වෙමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, පළාත් සභා මන්ත්‍රීවරුන් වන චතුර ගලප්පත්ති, කපිල ගමගේ, ගයාන් සංජිව, චන්දන ප්‍රියන්ත, රන්ජිත් මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. 

රාජගිරිය ගුවන් පාලම ජනවාරි දෙවැනි සතියේ ජනතා අයිතියට - වීඩියෝ


ඉදිවෙමින් පවතින රාජගිරියේ ගුවන් පාලම ජනවාරි මාසයේ ජනතා අයිතියට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ඊයේ(21) එක්වෙමිනි. ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට 95%කින් අවසන් කර තිබේ.

'හිරුණිකාගේ අම්මව කපපු කතාව පට්ටපල් බොරුවක්' - මරික්කාර්

කොලොන්නාව නගර සභාවට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා සඳහා සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නම ඇතුළත් කර නොතිබුණ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

අගමැතිට ලක්‍ෂ තුන්දාහේ කාර් දෙකක් : ජනපතිට හෙලිකොප්ටර දෙකක්?


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැන් ගමන් බිමන් යන්නේ හෙලිකොප්ටර දෙකකින් බවත් එකක් ලක්‍ෂ තුන්දාහක් වන කාර් දෙකක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගෙන්වා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි.


එම පක්‍ෂයේ ජනහමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

Thursday, December 21, 2017

මහින්දට මදුෂා ලංකරගන්නට එපා කිවුවට අහල නෑ - මධුෂා ගේ ප්‍රකාශයකින් පොහොට්ටුව කාන්තා නියෝජනය ලබා දුන් හැටි හෙලිවේ

මධුෂා රාමසිංහ කියන්නේ නිරූපන ක්ෂේත්‍රයේ වගේම දේශපාලන කරලියේද කතා බහට ලක්වුණු කාන්තාවක්. විවිධ පක්ෂ වලට සහාය දක්වමින් මධූශා දේශපාලනයේ අලුත් ගමනක් යෑමට තැත් කලා. පසුගිය දිනෙක මධූශාගෙන් සිදු කල ලිංගික අල්ලස් ඉල්ලීමක් ගැන මධූශා මාධ්‍යට වාර්තා කලා.



මේ පිළිබඳව ඇය සිය මුහුණු පොතෙහි ගිණුමේ සටහනක් තබා ඇත. එම සටහන පහතින් දක්වා ඇත.



” කිසිම පක්ෂයක කිසිම නියෝජිතයෙකුට ලිංගික අල්ලස් , මුදල් අල්ලස් හෝ මානසික අල්ලස් ලබා දීමට මා සූදානම් නැත. දේශපාලනය , කලාව හෝ වෙනත් කිසිදු කාරණාවක් මත මා කෙදිනකවත් ගැහැණු දරුවෙකු ලෙස මගේ ගෞරවය උගසට තබා නැත.



භාරත ලක්ෂ්මන්ගේ බිරිඳගේ නමත් ටිපෙක්ස් කරලා - සිරිකොතේ එක ගාලගෝට්ටියක්

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍රගේ නම කොලොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

ඇය කොලොන්නාව හෝ සාලමුල්ල යන කොට්ඨාශ දෙකෙන් එකකින් තරග කිරීමටයි නියමිතව තිබුණේ.

අක්බාර් ටවුන් යළිත් එඩේරමුල්ල 2වේ

මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල ප‍්‍රදේශය එඩේරමුල්ල 2 ලෙසින් නම් කිරීම අදාල අංශ සමඟ සාකච්ඡා කොට කමිටු නිර්දේශය ලබාගෙන වහා සංශෝධනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප‍්‍රකාශ කළේය.

ප‍්‍රදේශවාසින්ගේ අත්සන් සහිත සංදේශයක් රැගෙන අමාත්‍යවරයා හමුවට පැමිණි එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් හමුවේ අමාත්‍යවරයා මේ බව පැවැසීය.

Wednesday, December 20, 2017

දකුණේ සුන්දර දෙද්දූව - සංචාරක කලාපයක් වන ලකුණු

දෙද්දූව සංචාරක කලාපය ඇති කිරීමෙන් රටට නවමු අත්දැකීමක් එක්වබ බවත් ඒ හරහා දෙද්දූව අවට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ බවත්  අමාත්‍යය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.


අමාත්‍යවරයා මේ බව ප්‍රතාශ කළේ දේද්දූව සංචාරක කලාය ඉදිකිරීමට නියමිත භූමියේ මූලික ඇරැඹිමේ මූලික නිරීක්‍ෂණ චාරිකාවට එක්වෙමිනි.එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,  අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක , දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපති ශිරන්ත හේරත් ඇතුළු පිරිසක් එත්ව සිටියහ.

ඡන්දෙ දවස්වල බෙදන බඩුවලට ස්ටිකරයක්

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය තෙක් මැති ඇමැතිවරුන්, දේශපාලන සංවිධාන ඇතුළු වෙනත් සංවිධාන මඟින් ජනතාව අතර බෙදා දෙන සියලුම භාණ්ඩවල ස්ටිකරයක් ඇලවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

'මෙම ද්‍රව්‍ය ඔබ වෙත ලබා දෙන්නේ මහජනතාවගෙන් අය කරගෙන ඇති බදු මුදල්වලිනි' මැතිවරණ කොමිෂන් සභාවේ පණිවුඩයකි' යනුවෙන් එම ස්ටිකරයෙහි සඳහන් කරන බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

2020 දී පුටින් ක්‍රමයට මහින්ද ගේන හැටි බැසිල් කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි බව ප්‍රකාශ කළද 2020 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම පිහිටුවන බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
එදා රුසියාවේ ජනාධිපති පුටින් මහතාට තරග කිරීමට නොහැකි බව ප්‍රකාශ වුවද, එදා රුසියාවේ ජනතාවට පුටින් මහතාගේ නායකත්වය අවශ්‍ය වූ නිසා නිසි ක්‍රමවේදයක් සකසා එරට ජනතාව විසින් බලය ලබාදුන් බව සිහිපත් කිරීමට කැමැති බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ගෝඨා සතියෙන් යුදහමුදා මූලස්ථානය විකිණිම නිසා කෝටි 500ක වාර්ෂික කුලියක් ගෙවන්න වෙලා

පසුගිය රජය සමයේ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ භූමිය විකුණා එම මූලස්ථානයේ ස්ථාපිතව පැවති යුද හමුදාවේ විවිධ අංශ කුලියට ගත් ගොඩනැගිලි 15ක් ස්ථාපිත කිරීම හේතුවෙන් වාර්ෂිකව කුලිය ලෙස රුපියල් කෝටි 500ක් ගෙවීමට රජයට සිදුව ඇතැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

පසුගිය රජය නිසි සැලසුමකින් තොරව යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම ෂැංග‍්‍රිලා සමාගමට විකිණීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් නිසි ආරක්‍ෂක ක‍්‍රමෝපාය සහිතව ඉදිකර තිබූ යුද හමුදා මූලස්ථානය මෙසේ හදිසියේ වෙනස් කිරීම හේතුවෙන් ආර්ථිකයට ගැටලූ ඇතිවූවා මෙන්ම ආරක්‍ෂාවටද ගැටලූ ඇතිවිය හැකිව තිබූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ජනවාරි 08 ජනවරම වෙනුවෙන් කැපවෙනවා - හිටපු ජනාධිපතිනිය බණ්‌ඩාරනායක සමාධිය අබියසදී ප්‍රතිඥ දෙයි

ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව ඉල්ලා සිටි අවංක ජනතා හිතවාදී පාලනය වෙනුවෙන් කැපවෙනවා යෑයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය හොරගොල්ල බණ්‌ඩාරනායක සමාධිය ඉදිරිපිටදී ප්‍රතිඥා දුන්නාය.

සමාධියේ ඉන්න තුන්දෙනාම තමන්ගේ තියෙන සියලුදේම කැප කරගෙන රට වෙනුවෙන් සේවය කිsරීමට කැපකළ බවද ජනාධිපතිනිය මෙහිදී පැවසුවාය.

ඇය මේබව පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ඊයේ (19 දා) හොරගොල්ල බණ්‌ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්‌වීමෙන් පසුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමිනි.

මැලේසියානු අගමැති හා ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්

මෙම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන කාර්යභාර සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන,

පොහොට්‌ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්‍ෂයෙන් දොට්‌ට

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මන්ත්‍රීවරුන් පක්‌ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

පොහොට්‌ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් එම මනත්‍රීවරුන් පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ නියෝජිතයකු සෑම දිස්‌ත්‍රික්‌කටම පත් කිරීමට පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ලන්සා නියෝජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙයි


ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

ලංකාවට අහිමි වූ රුසියා තේ කෙන්නියාව බිලිගන්නා ලකුණු

ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේවල තිබී කෘමියෙකු හමුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා රුසියාව විසින් පැනවූ තාවකාලික තහනම තම වාසියට හරවා ගැනීමට කෙන්නියාව සූදානම් වෙයි.

Tuesday, December 19, 2017

පොහොට්‌ටුවට ඉල්ලුම වැඩියි: අපේක්‍ෂකයන් තේරීම අභියෝගයක්‌ - හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා වැඩි ඉල්ලුමක්‌ පැවැතීම හේතුවෙන් අපේක්‍ෂකයන් තෝරා ගැනීමේදී විශාල අභියෝගයක්‌ වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. 

ජෝන් සුජීවගේ රෙදි ගලවයි

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට වඩා තමාට හොඳට සිහිබුද්ධිය තිබෙන බවත් ඒ අනුව සුජීව සේනසිංහ මහතාට වඩා තමා හොඳින් කටයුතු කරන බවත් සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.
ජෝන් අමරතුංග අමාත්‍යවරයාට අවුරුදු 80ක් පමණ වන බවත් වයසට ගියවිට එක එක කතා කියන බවටත් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් ගැන විමසූ අවස්ථාවේදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

නොමිලේ අක්ෂි කාච දෙන්න 2018 වසරට මිලියන 1700ක්

රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළට රුපියල් මිලියන 1700 කට වැඩි මුදලක් 2018 වසරේදි යෙදවීමට ඇස්තමේන්තු කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අක්ෂි කාච 150,000 ක් 2018 වසරට අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

තේ තහනම ගැන ජනපතිගෙන් පුටින්ට ලිපියක් : අවුල ලිහාගන්න ඇමැතිවරු තිදෙනෙක්‌ රුසියාවට

රුසියාව විසින් තහනමට ලක්‌කර තිබෙන ශ්‍රී ලන්කන් තේ නැවත රුසියාවට යෑවීම සඳහා රුසියන් ජනපතිවරයා සමඟ සාකච්ඡා කර තහනම ඉවත්කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (17 දා) පැවැසීය. 

ඒ සඳහා දැනටමත් ලිපියක්‌ සකස්‌ කර තිබෙන බවත් එය අද (18 දා) තැපැල් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කම්කරු කොංග්‍රසය විසින් හපුතලේදී සංවිධානය කර තිබූ උත්සව අවස්‌ථාවට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

Monday, December 18, 2017

පෙබරවාරිෙය‍ේ මහින්ද විශ්‍රාම ගනී

මෙවර පළාත්පාලන මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙද විශ්‍රාම ගැනීමට නියමිත බව එම පවුලේ ආරංචි මාර්ග පවසයි.


මෙවර මැතිවරණ ප්‍රතිපලය කිසිසේත්ම තමන්ගේ පාර්ශ්වයට වාසිදායක ප්‍රතිපලයක් නොවනු ඇති බවත් මේවන විට පැහැදිලිව තිබීම නිසා ශ්‍රීලනීපයෙන් වෙන්වීමට ගත් මෝඩම තීන්දුවක් ලෙසත් රාජපක්ෂ මහතා සිය හිතවතුන් හා පවසා තිබේ. එහෙත් තමන්ව විශ්වාස කරගෙන පැමින සිටින පිරිස වෙනුවෙන් තව දුරටත් මෙම මැතිවරණ ක්‍රියාවලිය තුල නියැලීමට ඔහු බලාපොරොත්තු වෙන බවත දැන ගැනීමට ඇත. ශ්‍රීලනීපය වෙනත් පක්ෂ වලට සහය දක්වන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට තීන්දුවක් ගෙන තිබෙන නිසා රාජපක්ෂ මහතා හා එකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් ගනනාවක්ම පොහොට්‍ටු කණ්ඩායමේ ප්‍රසිද්ධ වේදිකාවට නඟිනවා වෙනුවට එජාප විරෝධය පමණක් මුල කර ගත් රැස්වීම සඳහා පමණක් සහභාගී වීමට සැලසුම් කරමිද සිටී.

එජාපය කැස්බෑවේදී දෙකඩ වේ - ස්වාධින කණ්ඩායමක් ලෙස ඇප තියයි - මහ මොලකරු ප්‍රසිදියේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන රාජ්‍ය සේවකයෙක්ද?

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කැස්බෑව නගර සභාව සඳහා තරඟ කරන එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ස්වාධීන කණ්ඩායම පසුගියදා (16) ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

කැස්බෑව එක්සත් ජාතික පක්ෂ දේශපාලනය තුළ විශාල කැපකිරීම් සිදු කළ අපේක්ෂකයින් කිහිපදෙනකු සඳහා කැස්බෑව නගර සභාව සඳහා තරඟ කිරීමට නාම යෝජනා ලබා දීම කැස්බෑව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පිරිස කැස්බෑව නගර සභාව සඳහා ස්වාධීනව තරඟ කිරීමට තීරණය කර  ඇතැයි පැවසේ වේ.

අසිරිමත් නත්තල සංහිඳියාව ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් - ජනපති

සාමයේ සහ ප්‍රේමයේ පණිවිඩය ලොවට රැගෙන යන නත්තල ජාතින් අතර සංහිඳියාව සහ සහජීවනය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ පෙරේදා (16) පස්වරුවේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනි.

එකම රටක වෙසෙන එකම ජනතාවක් ලෙස නත්තලේ අරුත ගැඹුරින් බෙදාහදා ගැනීමේ අරමුණින් ,ප්‍රේමයේ උපත නත්තලයි, තේමාව යටතේ මෙවර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය නත්තල් උත්සවය සංවිධානය කර තිබිණි.

යට ගැසී ඇති පැමිණිලි සියල්ලටම ශීඝ්‍රයෙන් නඩු පවරන ක්‍රමයක් ගේනවා - අගමැති

යට ගැසී ඇති පැමිණිලි සියල්ලටම ශීඝ්‍රයෙන් නඩු පවරන ක්‍රමයක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයක් අනුව නීතිපතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ජා කළ බව කී අගමැතිවරයා පළමුවෙන්ම කරනුයේ පක්ෂයේ අයට විරුද්ධව ඇති චෝදනා සොයා වැරදි හදා ගැනීම බව ද පැවැසීය.

තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියා අගමැති ලංකාවට

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අගමැති නජිබ් බින් ටන් අබ්දුල් රසාක් මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ඊයේ (17) මහත් හරසරින් පිළිගනු ලැබීය. 

Sunday, December 17, 2017

කොළඹ පොහොට්ටු පක්ෂය ජයගන්නා ලකුණු

පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට නිතැතින්ම ප්‍රමුඛ වටිනාකමක් හිමි වේ. ඒ මෙරට ප්‍රධාන නගරය අයත් පළාත් පාලන ආයතනය වීම හා විශාල ඡන්දදායකයන් ප්‍රමාණයක් සිටීම යන කරුණු හේතුවෙනි.

මේ නිසා කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් කරන නගරාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වැඩි අවධානයක් යොමු කරන අතර එ් සඳහා ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් සහ වටිනාකමක් සහිත පුද්ගලයන් ඉදිරිපත් කිරීමට ප්‍රධනා දේශපාලන පක්ෂ නිතැතින්ම අවධානය යොමු කරයි.

පසුගිය රජයේ වාරනයට නතුවූ Info Sri Lanka News වාරණයට වසර 3යි

පසුගිය රජය දැඩි මාධ්‍ය වාරනයක් ගෙන ගියබව නොරහසකි. ගොසිප්99 වෙබ් අඩවියටද හිටපු ජනපතිවරයාගේ හෙංචයියන් දැන්වීම් ලබාදෙන මුවාවෙන් අපගේ තොරතුරු එක් රැස් කිරීමට මහත් වෙහෙසක් දරණු ලැබීය. නමුත් එවකට පැවත් රජයට දරැණු ලෙස ප්‍රහාර එල්ළකල පුවත් වෙබ්අඩවි ගණනාවක් වාරණයට ලක් කල අතර Lanka E news , Sri Lanka Mirror  ,  Info Sri Lanka News  යන වෙබ් ඒ අතර ප්‍රමඛත්වයක් හිමිවෙයි.


මාධ්‍යයට පැවති ඒ කටුක යුගය පිළිබදව හොවා දක්වමින්  Info Sri Lanka News වාරනයට ලක්ව තුන් වසරක් බව ඒම වෙබ් අඩවි පවසයි.  ඒ කාලය තමන් ඇතුලු කාර්යය මණ්ඩලය දැඩි ආර්ථික කඩා වැටීමක් සිදුවූ බව දක්වමින් එම වෙබ් අඩවියේ කතුවරයා  දැක්වූ සටහන පහතින්...

පළාත් පාලන ඡන්දයෙන් පසු මෛත්‍රී-මහින්ද භාරකාර ආණ්‌ඩුවක්‌ - ප්‍රසන්න රණතුංග

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය එකතුවී භාරකාර ආණ්‌ඩුවක්‌ බිහි කිරීමට හැකියාව ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි්‍ර ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය  විසින් කොන්දේසි දෙකකට එකඟ වන්නේ නම් කිසිදු තනතුරක්‌ නොගෙන භාරකාර ආණ්‌ඩුවක්‌ සෑදීමට හැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා දෙපාර්ශ්වය විසින් පැවැත්වූ සාකච්ඡා බිඳවැටීමට හේතු වූ එක්‌ අයෙකු ලෙස රණතුංග මහතාට චෝදනා කිරීම පිළිබඳව විමසූ අවස්‌ථාවේදී නැවත එක්‌වීමට හැකියාව පිළිබඳව සඳහන් කරමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.