BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 10, 2018

ශ‍්‍රීලනිප ඇමතිවරුන් 38ක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආන්ඩුවේ ඉතිරි වන්නේ උපරිම 10-12ක් පමණයි..

මෙම මස 25 වන දිනයෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂ මන්ත‍්‍රීවරුන් 38 දෙනෙකු තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවරු කරයි.

පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසු ජනාධිපතිවරයාගේ ඉල්ලීම රැුදී සිටි අමතර කාල සීමාව එදිනට අවසන් වන අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවේදී මෙම පිරිසෙන් බහුතරයක් සමග කල සාකච්චාවකදී සදහන් කර ඇත්තේ තව දුරටත් මේ ආණ්ඩුවේ රැුදී සිටිය නොහැකි බවයි.

මහනුවර ගිනිතැබූ මහසෝනා මුස්ලීම් ව්‍යාපාර වහන්න කප්පම් අරගෙන?

මේ වන විට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින අමිත් ජීවන් වීරසිංහ නොහොත් මහසොහොන් බලකායේ ප්‍රධානියා වෙතින් ප්‍රශ්න කිරීම් අරඹා ඇති බව ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.


කෙසේ වුවත් මේ වන විට බුද්ධි වාර්තා අනාවරණය කරගෙන ඇති ආකාරයට පසුගිය යුධ සමයේ ශ්‍රී ලංකා හමුදාවේ විශේෂ බලකායේ දුරදිග විහිදුම් ඒකකයක් නම්කර තිබු "මහසොහොන් බලකාය" නමින් සංවිධානයක් ගොඩනගා ගන්නට මොවුන් කටයුතු කර ඇත්තේ බුද්ධ තරුණයින්ගේ ආකර්ෂණය ලබාගන්නටය. එසේම එම සංවිධානය ගොඩනැගීම වෙනුවෙන් මෙරට දේශපාලකයින් කිහිපදෙනෙකු මෙන්ම චීවරධාරීන් කිහිපදෙනෙකුගේ සහය ලබාගෙන ඇති බවටද මේ වන විට බුද්ධි තොරතුරු අනාවරණය කරගෙන ඇත.

Friday, March 09, 2018

ගෝත්‍රිකයන් පාලකයන් වූ විට නුතනත්වය වෙනුවට වැඩවසම් යුගයට යාමට සිදු වීම නියත සත්‍යයකි - විමුක්ති දුෂාන්ත


පසුගිය දා රජය විසින් ෆේස්බුක්, වට්ස්ඇප් හා වයිබර් සමාජ ජාල අවහිර කිරීම, අවහිර කිරීමක් නොවන බවත් එය අදාල මාධ්‍ය නියාමනය කිරීමක් බවට ද රජය මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පවසා සිටිය ද මේ වන විට රජය එම මාධ්‍ය නිවේදන බොරු කරමින් සැබවින් ම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට පහර දෙමින් සිටිති.


කෙසේ නමුත් ඊයේ උදෑසන ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසා සිටියේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් ඇතැම් පිරිස් විවිධ උපක‍්‍රම මගින් එම වෙබ් අඩවිවලට සහ යෙදවුම්වලට පිවිසෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙන බවයි.

24 වසරකට පසු ජන්ම දිනයදා අගමැති එජාප නායකත්වය අත්හරී? අලූත් නායකයා සජිත්?

වසර 24කට පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 68 වන ඡන්ම දිනය මාර්තු 24 වැනි දිනට යෙදී ඇති අතර එදින නිලවශයෙන් එම ප්‍රකාශය සිදු කරන බවයි.

පතෝල වැටකොළු ආණ්ඩුව ව්‍යවස්ථාවට වඳපෙති දීලද​?

ඇඳිරි නීතිය පනවා තිබියදීත් මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වෙලා​. එයින් පෙන්වන්නේ මේ මිනීමරු ජාතිවාදී බලවේග සිය ලේ පිපාසාව නිවා ගන්නාතුරු තමන් ගේ ගමන නවත්වන්නේ නැහැ කියලා. එවගේම මේක සංවිධානාත්මක ප්‍රහාරයක්. එතකොට ආණ්ඩුවක්, නීතියක් මේ පිසාචයන් සළකන්නේ නෑ. මොකද, ආණ්ඩුවට පාණ්ඩුව හැදිලා. පාණ්ඩුව හැදෙන්නේ පෝෂණයේ ප්‍රශ්නයක් නිසා. මේ ආණ්ඩුව එක්කෝ මහින්දගේ තිබුනු ආණ්ඩුව වගේ සිංහල​, බෞද්ධ ජාතිවාදෙන් පෝෂණය වෙන්න ඕන​. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදීන් ගෙන්, සාමවාදීන් ගෙන් පෝෂණය වෙන්න ඕන​. ඒත් ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව මේ දෙකටම නැති ගන්ධබ්බ ආණ්ඩුවක්. පාණ්ඩුව හැදිලා තියෙන්නේ ඒ නිසා. පතෝල​,වැටකොළු. ගුණත් නෑ. අගුණත් නෑ.

නීතිය හා සාමය මද්දුම බණ්ඩාර දීම පිලිකුලෙන් හෙලා දකිනවා - මහනුවර නොසන්සුන් වුණේ නායකත්වයේ අවුලකින් - ෆොන්සේකා

නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි වීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.


ඊයේ(08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර සිටියේ නව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩ බාර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්ය.

Thursday, March 08, 2018

ජාතිවාදී ගිනි නාවලපිටියෙන් නිවන්න මහින්දානන්ද මැදිහත්වේ : Mahindananda Aluthgamage

රට තුළ විවිධ ප්‍රදේශවල උත්සන්න වෙමින් පවතින ජාතිවාදී නොසන්සුන්තාවන් මැඬපැවැත්වීම සඳහා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය වෙත විශේෂ වගකීමක් පැවරී ඇති බවත් ප්‍රාදේශීය දේශපාලන අධිකාරීන් ඵලදායී ලෙස මැදිහත් වීම කළහොත් මෙවැනි අවාසනාවන්ත ගැටුම් වළක්වාගත හැකි බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

නඩු විභාගයක් සඳහා ඊයේ (7දා) කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේදී ජනමාධ්‍යවලට අදහස් දක්වමින් අලුත්ගමගේ මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ මහනුවර සංචාරය අවදානම් - ලොව ප‍්‍රබල රටවල් සිය පුරවැසියන්ට අනතුරු අගවති

ශ‍්‍රී ලංකාවේ මහනුවර ප‍්‍රදේශයේ සංචාරය කරන්නේ නම් එම ප‍්‍රදේශයේ පවතින තත්වය සම්බන්දයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස ඇමරිකාව, එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, නෝර්වේ රාජ්‍යන් සිය පුරවැසියන්ට දන්වා ඇත.

කොන්ද පණ නැති ආණ්ඩුව නිසා රටම අරාජික වෙලා..- මරික්කාර්

ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා අද රට මේ තරම් ආරාජික වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රටේ වත්මන් ඇතිවී ඇති හදිසි තත්වය පිළීබද පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ විවාදයට සහභාගී වෙමින්ය.

මේ රටේ වර්තමානයේ දී ඇතිවී තිබෙන ජාතිවාදි හා ආගම්වාදී සිදුවීම් සම්බන්ධව ඇත්ත වශයෙන්ම කණගාටුවකට වඩා ලැජ්ජාවක් තියෙන්නේ. මේ ආණ්ඩුවේ කොන්ද පණනැතිකම හා නෝන්ජල් වැඩ හින්දා හැම ගැටලුවකටම ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා තමයි අද මේ රට මේ තරම් ආරාජික වෙලා තියෙන්නනේ. ඒ බව අපිත් පිළිගන්න ඕනේ. ආගමික සහජීවනය තහවුරු කරලා හැමකෙනාටම තමන් කැමති ආගමක් අදහන්න තියන අයිතිය තහවුරු කරලා ඒක මහපොලවේ යථාර්තයක් බවට පත් කරන්න අද මේ රජයට හැකියාවක් ලැබිලා නැහැ. අන්න ඒ නිසා අපි දැන් හදිසි නීතිය දාන එක ගැන කතා කරනවා. විය යුත්තේ අනතුර වෙන්න කලින් අනතුර වළක්වා ගැනීමේ හැකියාව තිබුණා.

'පූජ්‍ය පක්ෂයට හානියක් නෑ' -අගමැති

මහනුවර අැතිව තිබෙන නොසන්සුන්කාරී තත්වයෙන් කිසිම අාගමක පූජ්‍ය පක්ෂයේ කිසිවෙකුටත් හානියක් අැතිව නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශය

"මා අද දින මේ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටයි. තෙල්දෙණිය ප්‍රදේශයේ රියදුරෙකුට පහර දී, ඔහු මරණයට පත්වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන වල සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳවත්, හදිසි නීතිය පැනවීම පිළිබඳවත් මා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේ වන විට රටපුරා හදිසි නීතිය පනවා තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කළා.

ජනවාර්ගික ගැටුම් වැළැක්‌වීමට පොලිසිය ක්‍ෂණිකව මැදිහත් විය යුතුයි - මහින්ද රාජපක්‍ෂ

ජනවර්ග දෙකක පිරිස්‌ අතර ගැටුමක්‌ හෝ ආරවුලක්‌ ඇතිවූ විට පොලිසිය ක්‍ෂණිකව හා තීරණාත්මකව මැදිහත්වී නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් මෙවැනි ගැටුම් පැතිරයාම වළක්‌වා ගත හැකියෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.


එම නිවේදනය මෙසේය.

දිගන නගරයේ සිංහල ලොරි රථ රියෑදුරු මහතෙකුට මුස්‌ලිම් පිරිසක්‌ විසින් කරන ලද පහර දීමක්‌ හේතුවෙන් ඔහු රෝහලේදී මිය යාම නිසා එම ප්‍රදේශයේ ප්‍රචණ්‌ඩකාරී සිදුවීම් ගණනාවක්‌ හටගෙන ඇත. මෙකී මිනීමැරුම සම්බන්ධයෙන් පොලිසිය විසින් කීපදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණ ද ඔවුන් ඝාතනය සිදුකළ අය හැටියට තවම හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකින් තහවුරු කරගෙන නැත. නීතියේ උපරිම බර මේ සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව යෙදිය යුතු වේ. එමෙන්ම ආණ්‌ඩුව විසින් ඝාතනයට ලක්‌වූ පුද්ගලයාගේ පවුලට ප්‍රමාණවත් වන්දියක්‌ ලබාදිය යුතුය. දිගන ඇතිවූ ප්‍රචණ්‌ඩකාරී සිදුවීම් හේතුවෙන් මුස්‌ලිම් තරුණයෙකුගේ මෘත දේහයක්‌ විනාශ වූ නිවසකින් හමුවී තිබේ. දැන් ඝාතන දෙකක්‌ සිදුවී ඇත. ආණ්‌ඩුව රටපුරා හදිසි නීතිය ද පනවා ඇත. නමුත් නුවර ප්‍රදේශයේ නොසන්සුන්තාව මේ නිවේදනය නිකුත් කරන අවස්‌ථාව වන විටත් තවම සම්පූර්ණයෙන්ම පහව ගොස්‌ නැත. සතියක්‌ ඇතුළත සිංහල හා මුස්‌ලිම් පිරිස්‌ අතර ඇතිවූ දෙවන ගැටුම මෙයයි. මීට දින කිහිපයකට කලින් අම්පාර නගරයේ ද ගැටුමක්‌ ඇති විය. ඊට මාස කීපයකට කලින් ගිංතොට සිද්ධිය ඇතිවූ අතර, 2017 අවුරුද්ද ඇතුළත වෙනත් තැන්වලද තවත් ගැටුම් සිදුවිය.

Wednesday, March 07, 2018

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධය ඊයේ භාර නොදෙයි - වැඩේ කල් යයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (06 දා) කථානායකවරයාට භාර දෙන බව පැවසූ විශ්වාසභංග යෝජනාව ඊයේ භාර දුන්නේ නැත.


මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌වූහ.

පොහොර පන්සීයට දෙන්න ගිහින් දුමින්දට ආණ්ඩුවෙන් එළියට යන්න වෙයිද?

දැනට පවතින අසාර්ථක ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර වී ගොවීන්ට රුපියල් 500 කට සහ අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට රුපියල් 1200කට පොහොර මිටියක් ඕනෑම පොහොර අලෙවිසලකින් මිලදී ගැනීමට කටයුතු සකස් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ආණ්ඩුවට දිගින් දිගටම දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙන බව වාර්තා වේ.

ඒකාබද්ධයේ නුගේගොඩ රැළියත් කල්දමයි - Joint Opposition

රටේ විවිධ ප්‍රදේශවල මේ වන වි ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඒකාබද්ධ විපකෂය විසින් හෙට (07දා) නුගේගොඩදී සංවිධානය කර තිබූ ජන හමුව අවලංගු කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

Tuesday, March 06, 2018

අගමැති රනිල් තනිකර මෛත්‍රී පන්දම් අරං පාරේ යයි

රාත්‍රි කාලයේ කාන්තාවන්ට මහ මග ගමන් කිරීමේදී ආරක්‍ෂාව නැති බවත් ඊට විරෝධය පළ කරමිනුත් කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක්‌ කොළඹදී ඊයේ (05) රාත්‍රි පැවැත්විණි.

නුගේගොඩදී අභිරහස් ලෙස මරාදැමූ විශ්‍රාමික විදුහල්පතිනිය

නවාතැන් පිණිස නතරවූ අය සමග නිවසක තනිව විසූ වයස අවුරුදු අසූවක විශ්‍රාමික විදුහල්පතිනියක ගෙල සිර කොට ඝාතනය කිරීමේ අභිරහස් සිදුවීමක් නුගේගොඩ - ඇඹුල්දෙණිය සමගි මාවතේ පස්වෙනි පටුමගින් වාර්තාවේ.

තිදරු මවක වන සීතා අල්විස් ක්රැලැයින් නමැති මේ විදුහල්පතිනියට සෑම දිනකම උදේ ආහාර රැගෙන යාබද නිවසක කාත්තාවක පැමිණෙන අතර ඇය පසුගියදා (03) උදේ 7.30ට පමණ පැමිණන විට නිවසේ ජනෙල් විවෘත කර තිබී ඇති බවත්, විදුලි පහන් දල්වා තිබී ඇති බවත් පෙනෙන්නට තිබී ඇති අතර ඇය ඒ පිළිබඳව විමසිලිමත්වීමදී විදුහල්පතිනිය නිවසේ සාලය මත වැටි සිටින අයුරු දැක තිබේ. එම අවස්ථාවේ විදුහල්පතිනියගේ පුතෙකුට දන්වා ඇති අතර ඔහු පැමිණ බලද්දී මව මියගොස් ඇති අයුරු හදුනාගෙන ඇත. සිරුර ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගියද වෛද්‍යවරුන් ඇයව පරික්ක්ෂා කර මියගොස් ඇති බව දන්වා තිබේ.

Monday, March 05, 2018

පොලිස් ඇමැතිකම ෆොන්සේකාට දෙන්න - එජාපයෙන් ජනපතිට යවයි

අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත යොමුකර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


එක්සත් ජාතික පක්‍ෂය විසින් මෙම නම යෝජනා කර ඇත්තේ එජාපය සහ ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුමට අනුවයි.එම ගිවිසුමට අනුව නීතිය හා සාමය අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට අයත් වෙයි.

Tense situ in Teldeniya : තෙල්දෙණිය කැළඹේද්දී රිෂාඩ්ගෙන් ජනපතිට ලියුමක්

මහනුවර, දිගන ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී හා ස්වාධීන පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලීසියට සහ ආරක්‍ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම ප‍්‍රදේශයේ සියලූ දෙනාගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාවට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සත්හඬ මාධ්‍යවේදීන්ව ආයෙත් රවටලාද? - Sathhanda

වසා දමන ලද සත්හඬ ඉරිදා පුවත් පතෙහි සේවය කළ හතලිහකට ආසන්න සේවක සේවිකාවන් පිරිසට අද පෙබරවාරි 28 වන දින අතිරේක මාස දෙක්ක වැ‍ටුපද ඇතුලත්ව හිඟ වැ‍ටුප් ගෙවන බවට එම පලනාධිකාරිය පසුගිය ජනවාරී මාසයේදි පොරොන්දු වී තිබුණද එය කඩ කර තිබේ.

සත්හඩ ප්‍රකාශයට පත් කළ සමාගමේ සභාපතිනිය වන මන්දනා ඉස්මයිල් මහත්මිය අද දින එම ආයතනය පැමිණ නැති අතර ඇයගේ පෞද්ගලික සහකාරවරයා ආයතනයට පැමිණ පවසා ඇත්තේ තවක් සතියක් පමණ කල් දෙන ලෙස සභාපතුමිය පැවසූ බවය.  

අද දින සත්හඬ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ දීප්ති කුමාර ගුණරත්න හා හිටපු කර්තෘ විමලනාත් වීරරත්න යන මහත්වරුද පැමිණ සිටියද  ඔවුන් යටතේ කටයුතු කළ මාධ්‍යවේදීන් හා සේවකයන් වෙනුවෙන් හඬක් නොනැගූ බවට එම සේවකයන් චෝදනා කරයි. 

සත්හඬ පුවත් පතෙහි  සැබෑ හිමිකරුවා වන්නේ ඇමැති දුමින්ද දිසානායක වන අතර මෙය ප්‍රකාශයට පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙනි.

ශ‍්‍රීලනිපය තුනට කැඩෙයි - හතක් එජාපයට - කොටසක් මහින්දට SLFP

පවතින දැඩි දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට කණ්ඩායම් තුනක් වශයෙන් බෙදී ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක් විය යුතු යයි එක් පිරිසක් තීරණය කර ඇති අතර ශ‍්‍රීලනිපය ලෙස ජාතික ආණ්ඩුවේම සිටිය යුතු යයි තවත් පිරිසක් කියති.

ආවෙ නැතොත් සිරුරට ගිනි තබා ගන්නවා යැයි කියූ සුමනරතන හිමි බලන්න ජනපති මඩකලපු මංගලාරාමයට යයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ මඩකලපුවේ නිරත වූ සංචාරය අතරතුරදී මඩකලපුව ශ‍්‍රී මංගලාරාම විහාරස්ථානයටද ගොස් එම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගේ සුවදුක් විමසීය.

අගමැතිට එරෙහි විශ්වාස භංගය අගහරුවාදා පාර්ලිමේන්තුවට - රනිල් රකින්න දෙන ඡන්දයකට අවම ලංසුව කෝටි තුනහමාරක් දෙනවා විමල් කියයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව වන විශ්වාස භංග යෝජනාව මෙම අගහරුවාදි දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Sunday, March 04, 2018

කැබිනට් ඇමති ධුරයක් දෙනවානම් හා කියයි - හිරුණිකා එජාපය අත් හරින ලකුණු

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්වීමට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය කොන්දේසි සහිත එකගතාවයක් පල කර තිබේ.

ඇයට එම ආරාධනාව කිරීමට ගිය සන්ධාන දේශපාලඥයන් දෙදෙනා සමග ඇය සදහන් කර ඇත්තේ සන්ධානයට එක්වීමට නම් තමනට කැබිනට් ඇමති ධුරයක් උවමනා බවයි.

අප්‍රේල් වල අලුත් ගමනක් – රනිල්ට එන විශ්වාසභංගය ගැන හරීන් කතා කරයි - Harin Fernando

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර, අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව ගැන තරුණ අමාත්‍යවරයෙකු වන හරීන් ප්‍රනාන්දු අදහස් පළ කර සිටී.

පොහොට්ටුවට ඡන්දය දුන් සැමට ස්තුතියි - දිනන බව මං දන්නවා - චතුර නැවතත් කට අරී - නැවතත් ලොක්කන්ට උපදෙසක්

ජනවාරි 08 වැනිදා ජනතාව පාරට බැස්සේ එක එකාගෙ ඡුන්ද ව්‍යාපාරවලට බැදුම්කර මගඩියෙන් සල්ලි අරගෙන ඒවයින් මඩි තරකර ගන්න නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.



තමන් කී දේ නොඇසූ නායකයන්ට කණ හරහා පහරක් ගැසූ ජනතාවට තමන් හිස නමා ආචාර කරන බවද ඔහු කියයි.

අතුරුදහන් කාර්යාලයට පත් කර ඇත්තේ කොටි ඒජන්තයන් - විජේදාස අතුරැදන් කාර්යාලයේ වැඩ කිඩ ලෙලි අරී - Wijedasa Rajapaksa

අතුරුදහන් වූවන් පිලිබද සෙවීමේ කාර්යාලයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කොමසාරිස්වරුන් සම්බන්දයෙන් විපක්‍ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්‍ෂයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් ඇත.